කොළඹ අධිකරණයේ වෙඩි තැබීමක්

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ භූමියෙන් රැදවියන් දෙදෙනකු පලා යාමට තැත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් වෙඩි තබා අනතුරු හඟවා ඇත. යුක්රේන ජාතික අඹු සැමි යුවළක එසේ අද(13) අධිකරණයට රැගෙන විත් ඇති අතර ඔවුන් දෙදෙනාම කොටහේන ප්‍රදේශයේදී දරුවකු පොළවේ ගසා මරා දැමීමට වරදකරුවන් වී මරණ දණ්ඩනය නියම කරනු ලැබ සිටිති. වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුට හෝ හානි සිදුවී නැත.

Continue Reading

බැඳුම්කර කොල්ලයට රහස්‌ ගන්න පරපෙචුවල් සල්ලි කඳුපිටින් බෙදූ බව පිළිගනී

දැනට ව්‍යාපාරික කටයුතු තහනම් කර තිබෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට භාණ්‌ඩාගාර බැඳුම්කර ලංසු ඉදිරිපත් කිරීම සඳහා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව සහ සේවක භාරකාර අරමුදල ඇතුළු ආයතනවල සිටින නිලධාරීන්ගෙන් ලද අභ්‍යන්තර රහස්‌ තොරතුරුවලට තම සමාගම විසින් විශාල මුදල් ගෙවීම් සිදුකළ බව පර්පෙචුවල් ටෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන ගනුදෙනුකරු (චීෆ් ඩීලර්) නුවන් තිළිණ සල්ගාදු මහතා ඊයේ (12) ජනාධිපති බැඳුම්කර කොමිසමේ දී පිළිගත්තේය. චාලි, …

Continue Reading

ව්‍යවස්ථා කි‍්‍රයාදාමයේ උඩ යට වැඩ (විශේෂ)

1978 සිට සෑම ප‍්‍රධාන මැතිවරණයකදීම නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබදව හෝ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමක් ගැන කථාකාවතක් පැන නගී. අවසනේ එය ඉටු නොවන පොරොන්දුවක් ලෙසින් මේ රටේ දේශපාලන ඉතිහාසයට එක් වේ. පසුගිය ජනාධිපතිවරයේ දී ද මේ පිළිබඳ පොරොන්දුවක් ප‍්‍රධාන දේශපාලන ධාරාවන් දෙකේ ම මැතිවරණ ප‍්‍රකාශනවල අන්තර්ගත විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ”ලොව දිනන මඟ මහින්ද චින්තන” හී මෙය අඩංගු වූයේ …

Continue Reading

සංවර්ධන ලොතරැයියෙන් ජනාධිපති අරමුදල ශක්තිමත් කරයි

සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්, ජනපති අරමුදලට රුපියල් මිලියන 216ක මුදලක් 2017.10.10 දින එහි වත්මන් සභාපති එස්.ඒ.පී. සුරියප්පෙරුම මහතා විසින් ගරු ජනාධිපතිතුමන් වෙත බාර දෙන ලදි. පසුගිය කාලය තුලදී ලොතරැයි අලෙවියෙහි පසුබෑමක් තිබුණත් රටේ සංවර්ධනය සඳහා උරදෙන සංවර්ධන ලොතරැයි මණ්ඩලය 2016 සැපුගැම්බර් මස අවසන් වන විට ආදායම් බදු වශයෙන් රුපියල් මිලියන 1430ක් ඇතුළුව මුළු බදු ප්‍රමාණය වශයෙන් රුපියල් මිලියන 2161ක මුදලක් මේ …

Continue Reading

ජනාධිපති ලේකම්තුමාගේ මැදිහත් වීමෙන් දුම්රිය වර්ජනය නවතී

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සමග අද(12) පස්වරුවේ කළ සාකච්ඡාවකට පසු දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවීමට වර්ජනයේ නියුතු වූ වෘත්තීය සමිති තීරණයක් ගෙන ඇත. ඒ අනුව අද පස්වරු හයේ සිට දුම්රිය ගමන් අරඹන කර බවත්, හෙට සිට එය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත් එම සංගම් පවසයි. දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන බවට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා අද …

Continue Reading

බොරලැස්ගමුවේ තුෂාරි මතකද? හිරුණිකා ගම්මන්පිලගේ රෙදි ගලවයි..! (Video)

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය තමන්ට අපහාස කළා යැයි කියා රුපියල් මිලියන 500 ක් ඇයගෙන් වන්දි ඉල්ලා පැවරූ නඩුවකට සාක්ෂිදීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නොපැමිණි හෙයින් අධිකරණය විසින් තමන්ට ඒකපාර්ශවික නඩු තීන්දුවක් ලබාදුන්නා යැයි මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කෙළේය. එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට තමා වෙත රුපියල් මිලියන 500 ක් ගෙවන ලෙස අධිකරණය නියෝග කර ඇතැයි කී උදය ගම්මන්පිල නුදුරේදීම තමන් වෙත …

Continue Reading

AM සහ RK ගේ ලිපිගොනු බැඳුම්කර කොමිසමට

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු= වන අර්ජුන ඇලෝසියස්‌ මහතා සහ ඔහුගේ පෞද්ගලික සහකාර ස්‌ටීව් සැමුවෙල් යන දෙදෙනා අතර හුවමාරු වූ කෙටි පණිවුඩවල ඒඑම් (AM) සහ ආර්කේ (RK) යනුවෙන් සඳහන් වූ ලිපිගොනු කොමිසමට ඉදිරිපත් කරන ලෙස ජනාධිපති බැඳුම්කර කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතා ඊයේ (11 දා) ස්‌ටීව් සැමුවෙල් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ජීවන්ත ජයතිලක මහතාට දැනුම් දුන්නේය. පර්පෙචුවල් …

Continue Reading

සද්ද විද්ද රන්ජන්ට නොතීසි

අධිකරණයට අපහාසයට කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ඔක්තෝබර් මස 25 වන දින උසාවියේ පෙනී සිටිමට නොතීසි නිකුත් කර තිබේ. අද(12) දින බුවනෙක අලුවිහාරේ ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරුවන් විසින් මෙම තීන්දුව ලබා දී ඇත. පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් හා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු විසින් ඉදිරිපත් කරනු ලැබු පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණයට එළඹ තිබේ. පසුගිය අගෝස්තු …

Continue Reading

විමල් ජනපති සමඟ සාකච්ඡාවක්

ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයින් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ. ඊයේ(11) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී එම සාකච්ඡාව පවත්වා ඇති බව වාර්තාවේ. නව ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු ප්‍රධාන කරුණු තුනක් සම්බන්ධයෙන් මෙහිදී ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයින් ජනාධිපතිවරයාව දැනුවත් කර තිබේ. නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පිළිබදව තම අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීම වෙනුවෙන් මෙම හමුව සිදුව තිබේ. ජාතික නිදහස් පෙරමුණේ …

Continue Reading