“බැසිල් මාව රැවැට්ටුවා.. කළවැද්දා මාව කැපුවා” – විජිත රෝහණගෙන් චෝදනා (Video)
කෝට්ටේ නගරසභාවට පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්වීමට තමන් බලාපොරොත්තුවෙන් සිටියත් නාම යෝජනා ලබා නොදුන් බව ජෝතිෂවේදී විජිත රෝහණ විජයමුණි මහතා පවසයි. නාම යෝජනා ලබාදෙන පොරොන්දුව මත තමා බැසිල් රාජපක්ෂ මහතා හමුවී පක්ෂ සාමාජිකත්වය ලබා ගත් බවත්, කෝට්ටේ හිටපු නගරාධිපති මධුර විතානගේ උවමනවාට තමාගෙ නම කපා දමා ඇති බවත් හෙතෙම කියා සිටී. නාම යෝජනා ලබා දෙනවා යැයි පවසා බැසිල් රාජපක්ෂ මහතා තමන්ව නොමග …
Continue Reading
ජවිපෙ අයත් ශ්‍රීලනිපයට
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත‍්‍රීවරුන් ඇතුළු සාමාජිකයින් 31 දෙනෙකු ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය පළකිරීමට එක්වූහ. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් 04 දෙනෙකු, පළාත් සභා මන්ත‍්‍රීන් 07 දෙනෙකු, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීන් දෙදෙනෙකු හා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් 18 දෙනෙකු ඊයේ (21) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමා හමුවී මෙලෙස සහය පළකරනු ලැබූහ. ජනාධිපතිතුමා විසින් ගෙන යන වැඩපිළිවෙළට …
Continue Reading
පොහොට්ටුවේ නාමයෝජනා රැසක් විසිවෙයි
-
RSL
-
December 21, 2017
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
පලාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දෙවන අදියර යටතේ නාමයෝජනා කැදවූ පලාත් පාලන ආයතන සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර කිහිපයක් ප්‍රතික්ෂේප වී තිබේ. ඉන් වැඩිම නාම යෝජනා ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වී ඇත්තේ පොදු ජන පෙරමුණ හෙවත් මහින්දගේ පොහොට්ටු පක්ෂයේය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනාව ප්‍රතික්ෂේප වී ඇති බව …
Continue Reading
ජනතාව අන්දවමින් සයිටම් උපාධි අලෙවි ආයතනය ස්ලිට් වෙත පැවරීමේ සූදානමක්!
සයිටම් අර්බුදය විසඳීමට පත් කළ කමිටුව සිය අවසන් සාකච්ඡාවේදී සයිටම් ආයතනය ස්‌ලිට් ආයතනයට පැවරීමට ගත් තීරණය කමිටු සාමාජිකයන් ඒකමතිකව අනුමත කර ඇති බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය දොස්‌තර රාජිත සේනාරත්න මහතා පැවසීය. එම කමිටුවට වෛද්‍ය සංගම්, පීඨාධිපතිවරුන් ඇතුළු රැසක් සහභාගි වූ බවද සියලු දෙනා එම තීරණයට එකඟ වී ඇති බවද හෙතෙම කීය. කමිටුව අවසන් වී එළියට පැමිණ යළි කමිටුවට …
Continue Reading
රාජ්‍ය සේවකයින්ට බෝනස් පිට බෝනස්
2017 වර්ෂය සඳහා රාජ්‍ය සංස්ථා සහ සම්පූර්ණයෙන් ම රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලවලට ප්‍රසාද දීමනා ගෙවීම කැබිනට් මණ්ඩලය මගින් අනුමත කර ඇති පරිදි රුපියල් 15,000 ක උපරිමයකට සහ රුපියල් 3,000ක අවමයකට යටත් ව කාණ්ඩ හතරක් යටතේ රාජ්‍ය ව්‍යවසායයන්ගේ සේවකයන්හට මෙම ප්‍රසාද දීමනා හිමි වෙයි. ඒ පිළිබඳ චක්‍රලේඛයක් භාණ්ඩාගාරය විසින් 2017 දෙසැම්බර් මස 11 වැනි දින නිකුත් කරන ලදී. පෙර වර්ෂයේ …
Continue Reading
මහින්ද රාජපක්ෂගේ සහචරයින් මධූෂාව සමූහ දූෂණයට සැරසිලා! (Exclusive)
ලක්මවට හඬක් සංවිධානයේ සභාපතිනි සහ රංගන ශිල්පිනියක් වන මධූෂා රාමසිංහ ප.ප.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාගේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දේශපාලන කටයුතු සිදුකළ අතර ඇය මෙවර පළාත් පාලන මැතිවරණයට පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂයෙන් ඉදිරිපත් වීම සඳහා සුදානමින් සිටියාය. එහෙත් ඇයට නාම යෝජනා ලබාදීම සඳහා ඇගෙන් ‘ලිංගික අල්ලස්’ ඉල්ලූ බවට ඇය පසුගියදා තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබුණාය. එමඟින් ඇය පවසා …
Continue Reading
බෙහෙත් මිල ඉහළ යාමට ඇමති රාජිත හේතු කියයි
ලෝක වෙළඳපොළ තුළ ඖෂධ මිල ඉහළ යාම හේතුවෙන් ඖෂධ ආනයනකරුවන් පාඩු ලැබීම තුළ ඖෂධ මිල වැඩි කිරීමට සිදූවූ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඖෂධ මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවල පල වූ වාර්තාවකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය. ඖෂධ ආනයනකරුවන්ගේ සහ ඔවුන්ගේ වාණිජ මණ්ඩලය කල ඉල්ලීමකට අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඒ …
Continue Reading
අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මිලට දෙන්න අගමැතිගෙන් ක්‍රමවේදයක්
රටේ ජනතාවට සහන මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දී සහන සැලසීම වෙනුවෙන් ප්‍රථම වතාවට රාජ්‍ය හා පුද්ගලික අංශය ඒකාබද්ධ ක්‍රමවේදයක් සකස් කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. පෞද්ගලික අංශය මඟින් සහන ලබාදීම සඳහා එම ආයතනවලට යම්යම් සහන ලබා දීමට රජයට සිදු වන බව පෙන්වා දුන් අගමැති වික්‍රමසිංහ මහතා කෙටි කාලයක් තුළ බෙදා හැරිමේ යාන්ත්‍රණයක් හරහා සිල්ලර වෙළඳසල් දක්වාද භාණ්ඩ …
Continue Reading
අතින් පොහොට්‌ටු පුම්බන මන්ත්‍රීන් දොට්‌ට
ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ සාමාජිකත්වය දරමින් පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදෙන මන්ත්‍රීවරුන් පක්‌ෂයෙන් නෙරපා හැරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවසීය. පොහොට්‌ටුව පුම්බන ශ්‍රීලනිප මන්ත්‍රීන් එම මනත්‍රීවරුන් පිළිබඳව සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ විශේෂ නියෝජිතයකු සෑම දිස්‌ත්‍රික්‌කටම පත් කිරීමට පියවර ගෙන ඇති බවද ඇමැතිවරයා …
Continue Reading
කිලිනොච්චියේ වළ දමා තිබූ ප්‍රභාකරන්ගේ අතීතයක් යළි මතුවෙයි
-
RSL
-
December 19, 2017
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
කිලිනොච්චිය රාමනාදපුරම් හි පැරණි එල්.ටි.ටි.ඊ කඳවුරක වළදමා තිබූ එල්.ටි.ටි.ඊ නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ජීවිත කතාව සහ වීරත්වය පිළිබිඹු වන සීඩි පට තොගයක් කිලිනොච්චිය රාමනාදපුරම් පොලිස් මුරපොළේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගත් බව කිලිනොච්චි පොලිසිය පවසයි. පැරණි එල්.ටි.ටි.ඊ කඳවුරෙහි ඉඩම් ජනතාවට ලබාදීමෙන් අනතුරුව නිවසක් ඉදිකිරීම සඳහා ඉඩමේ හිමිකරු අත්තිවාරම කපමින් සිටියදි ආරක්ෂිත බහාලූමක දමා වළදමා තිබූ සීඩි පට හමුවීමෙන් අනතුරුව පොලිසිය වෙත කළ …
Continue Reading