මහින්ද රාජපක්ෂගේ සහචරයින් මධූෂාව සමූහ දූෂණයට සැරසිලා! (Exclusive)

Spread the love

ලක්මවට හඬක් සංවිධානයේ සභාපතිනි සහ රංගන ශිල්පිනියක් වන මධූෂා රාමසිංහ ප.ප.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාගේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දේශපාලන කටයුතු සිදුකළ අතර ඇය මෙවර පළාත් පාලන මැතිවරණයට පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂයෙන් ඉදිරිපත් වීම සඳහා සුදානමින් සිටියාය.

එහෙත් ඇයට නාම යෝජනා ලබාදීම සඳහා ඇගෙන් ‘ලිංගික අල්ලස්’ ඉල්ලූ බවට ඇය පසුගියදා තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබුණාය. එමඟින් ඇය පවසා සිටියේ, මහින්ද රාජපක්ෂගේ අතිශය සමීපව ඔහු සමඟ ගැවසෙන ඔහුගේ පෞද්ගලික ලේකම්වරයෙකු ඇයගෙන් ලිංගික අල්ලස් ඉල්ලන බවයි. එහෙත් ඇය ඔවුන්ගේ නම් අනාවරණය කර නොතිබූ අතර අප වෙත ඉතා විශ්වාසනීය ආරංචි මාර්ගවලින් දැන ගන්නට ලැබුණේ, ඒ මහින්දගේ සරමේ පොට කොට වූ විට පොට දිග්කරන බක වංශයෙන් වැඩ කරන මහින්දගේ පෞද්ගලික ලේකම්වරයෙකු වන උදිත් ලොකුබණ්ඩාර බවයි.

එසේම අනෙක් පුද්ගලයා මහින්ද ලග දැවටෙමින් සිටින වද බැස ගිය ඇට ගැසුණු රේනුක නැමැති අයවලෙකු බවයි. මෙම කුකුල් හැඩැති රේනුක නැමත්තා මිට පෙර මහින්ද රාජපක්ෂ පාලනය සමයේදි දේශපාලන යට පිවිසි හිරුණීකාටද අනවශ්‍ය ලෙස කරදර කිරිමට ගොස් රාජ්‍ය උදහසට ලක්ව සිය සභාපති කමද අහිමී කර ගත් අයෙකි.

කෙසේ වෙතත් නාමයෝජනා ලබාදීමට තමාගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ සිදුවීමට විරෝධය පළ කරමින් මධුෂා අද මැතිවරණ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූවාය.

ඇය පවසන්නේ නව මැතිවරණ ක්‍රමය තුලින් කාන්තා නියෝජනය 25% ක් කළද ඒ සඳහා ලිංගික අල්ලස් දීමට සිදුවන්නේ නම් පලක් නොවන බවයි. ඇය මේ පිළිබඳව මහින්ද රාජපක්ෂව දැනුවත් කළද එය මහින්ද නොසලකා හැරි බවද මධූෂා පැවසුවාය. මේ සම්බන්ධයෙන් ඇය මැතිවරණ කොමසාරිස්වරයාට සහ පොලිසියට පැමිණිලි කර ඇති බව සඳහන්.

Loading...

RSL

Related Posts