බෙහෙත් මිල ඉහළ යාමට ඇමති රාජිත හේතු කියයි

Spread the love

ලෝක වෙළඳපොළ තුළ ඖෂධ මිල ඉහළ යාම හේතුවෙන් ඖෂධ ආනයනකරුවන් පාඩු ලැබීම තුළ ඖෂධ මිල වැඩි කිරීමට සිදූවූ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඖෂධ මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවල පල වූ වාර්තාවකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

ඖෂධ ආනයනකරුවන්ගේ සහ ඔවුන්ගේ වාණිජ මණ්ඩලය කල ඉල්ලීමකට අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඒ සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකර ඇති බව සඳහන්ය. ඒ අනුව ඖෂධ මිල සියයට 05 කින් වැඩි කිරීමට සිදුවූ බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ. වසරකට අධික කාලයක් ඖෂධ මිල අඩු කර තිබූ අතර එමඟින් රෝගී ජනතාවට විශාල සහනයක් හිමි වූ බව අමාත්‍යවරයා පවසයි.

පසුගිය 14 වනදා අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ඖෂධ මිල වැඩි කිරීම සම්බන්ධයෙන් නිවේදනය කර ඇති අතර එම මිලට ඖෂධ අලෙවි නොකරන වෙළඳසැල් පිලිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරිය මඟින් විමර්ශන හා වැටලීම් ආරම්භ කර ඇති බවද අමාත්‍යරයා වැඩිදුරටත් සඳහන් කරයි.

RSL

Related Posts