ජනතාව අන්දවමින් සයිටම් උපාධි අලෙවි ආයතනය ස්ලිට් වෙත පැවරීමේ සූදානමක්!

Spread the love

සයිටම් අර්බුදය විසඳීමට පත් කළ කමිටුව සිය අවසන් සාකච්ඡාවේදී සයිටම් ආයතනය ස්‌ලිට්‌ ආයතනයට පැවරීමට ගත් තීරණය කමිටු සාමාජිකයන් ඒකමතිකව අනුමත කර ඇති බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය දොස්‌තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

එම කමිටුවට වෛද්‍ය සංගම්, පීඨාධිපතිවරුන් ඇතුළු රැසක්‌ සහභාගි වූ බවද සියලු දෙනා එම තීරණයට එකඟ වී ඇති බවද හෙතෙම කීය. කමිටුව අවසන් වී එළියට පැමිණ යළි කමිටුවට නොයන බව වෛද්‍ය සංගමය පැවසුවද යළිත් කමිටුව රැස්‌ නොවන බවද ඇමැතිවරයා කීය.

සයිටම් ආයතනයේ සිසුන් ඉදිරියේදී ස්‌ලිට්‌ ආයතනය වෙත යොමු කරන බව පැවසූ ඇමැතිවරයා මෙහි කටයුතු ජනවාරි මස 15 වැනිදා වන විට අවසන් කිරීමට කමිටුව තීරණය කර ඇති බවද කීය.

RSL

Related Posts