ලංසා පනින්න පෙර අස්වෙයි!

ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලංසා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අද(19) බාරදී ඇතැයි දේශපාලන ආරංචි වාර්තා කරයි. අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වූ නිමල් ලංසා ඉදිරියේදී මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධයට අයත් පොදු ජන පෙරමුණට සහය දැක්වීමට නියමිත බවද වාර්තාවේ. නිමල් ලන්සා මහතා පසුගිය වර පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ගම්පහ දිස්ත්රිනක්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වුණි.

Continue Reading

දීපු එක මහින්ද යළි ඉල්ලමින් යයි

පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජය වීමත් සමඟ මහින්ද රාජපක්ෂ අකමැත්තෙන් වුවත් තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිකමින් ඉවත් වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සභාපතිකම පවසා ඉවත්ව ගියේය. එහෙත් ඉන් පසු අවස්ථා ගණනාවකදී වේදිකා තුළ මහින්ද රාජපක්ෂ කියවන්නට ගත්තේ තමාගෙන් මෛත්‍රී ශ්‍රීලනිප සභාපතිකම උදුරාගත් බවයි. එහෙත් සත්‍යය නම් මහින්ද කරකියා ගන්නට යමක් නොමැතිව ශ්‍රීලනිප සභාපතිකම පිරිනමා යන්නට යෑමයි. එහෙව් මහින්ද යළි මැතිවරණය පැමිණි …

Continue Reading

මැලේසියා-ශ්‍රී ලංකා සහයෝගීතාව ක්ෂේත්‍ර ගණනාවකට දිවයයි

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මැලේසියා අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නිල හමුව ඊයේ (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වූ අවස්ථාවේදී දෙරට අතර සහයෝගීතාව වර්ධනය කෙරෙන අවබෝධතා ගිවිසුම් 02 කට සහ සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබිණි. මධ්‍යම පාන්තික නිවාස 14,000 ක් මෙරට ඉදිකිරීම සඳහා මැලේසියාවේ එකඟතාව පළ කෙරුණු අතර, ඒ පිළිබඳ සාකච්ඡා ඉදිරි දින කිහිපය …

Continue Reading

අලි ගැටලූවට ගතයුතු විසදුම

ශ‍්‍රී ලංකාවේ අලි ඇතුන් පිළිබදව මේ දිනවල රට තුළ විශේෂ අවධානයක් යොමු වී ඇති බවක් පෙනෙන්නට තිබේ. ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනය කිරීමෙන් පසු එක්තරා පිරිසක් එම සත්වයාගේ දළ යුගලය විකිණීම සදහා උත්සාහ ගනිමින් සිටින අවස්ථාවක දී අත්අඩංගුවට පත්වීමත් සමග ඇතිවූ ආන්දෝලනය මේ වනවිටත් සමහන් වී නැත. තබ්බෝවේ ඇතා, රිටිගල ඇතා හා තනි දලයා නමින් ප‍්‍රසිද්ධියට පත්වී සිටි අලි ඇතුන් ගණනාවක් …

Continue Reading

මහින්දගේ ‘සිරිපිනා මුඩුක්කුව’ සහ ට්‍රොජන් අශ්වයා

විමල් වීරවංශගේ විග්‍රහය අනුව, එළඹෙන පුංචි ඡන්දය ජනමත විචාරණයකි. ජනවාරි පරාජයෙන් පසුව යන-එන මං නැතිව සිටි රාජපක්‍ෂ කල්ලිය තම ආත්ම ආරක්‍ෂාවට කළ දේ බොහෝය. පළමුව මැදමුලන ජනේලයක එල්ලී සිය කායශක්තිය රටට ප්‍රකාශ කිරීමය. දෙවැන්න පන්සල් ගානේ යමින් දේශපාලන කතා කීය. දැන් රාජපක්‍ෂ සමයේ ගම් දනවු වැනසූ ප්‍රාදේශීය සභා නඩය යළි බලයට පත් කිරීමට උත්සාහ කරයි. ජනවාරිය ලබන විට, මහින්දගේ දූෂිත …

Continue Reading

විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ගේ දීමනා හා වරප්‍රසාද දිනා දීමට ජනපති සැරසෙයි

රාජ්‍ය සේවයේ සියලු විශ්‍රාමිකයන්ගේ ගැටලු නිරාකරණය කර දී ඔවුන්ගේ දීමනා හා වරප්‍රසාද දිනා දීමට ඉදිරි සතිය තුළ අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි ජනාධිපතිවරයා එ බව පැවසූවේ ඊයේ (17) හපුතලේ නගරයේ පැවැති පළාත් පාලන මැතිවරණයේ පළමු ජන හමුව අමතමිනි. මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළමු ජන හමුව ලෙස ලංකා …

Continue Reading

තේ තහනම අද සිට! ඒක ඉවත්කරගන්න ඇමතිවරු රුසියාවට

රුසියානු රජය මෙරට තේ වලට පනවා ඇති තහනමත් සමඟ ඇතිව තිබෙන අර්බුදය විස¹ගැනීමට කැබිනට්‌ ඇමැතිවරුන් තිදෙනකු මේ සතියේදී මොස්‌කව් බලායාමට නියමිතය. ශ්‍රී ලංකා තේ ආනයනයට රුසියානු රජය පනවා ඇති තහනම අද (18දා) සිට ක්‍රියාත්මකය. වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක, කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන්, විද්‍යා හා තාක්‍ෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත යන ඇමැතිවරුන් මෙලෙස රුසියාව බලා පිටත්ව යාමට නියමිතය. …

Continue Reading

පළාත් පාලන ආයතන 248ට අදාල නාමයෝජනා භාරගැනීමට සුදානම්

පළාත් පාලන ආයතන 248ට අදාල නාමයෝජනා භාරගැනීම සදහා සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. පළාත් පාලන ආයතන 93කට අදාළ නාමයෝජනා බාර ගැනීමේ කටයුතු පසුගිය 11 වනදා ආරම්භ වූ අතර එම කටයුතු 14 වනදා මධ්‍යහන 12.00න් අවසන් විය. ඒ අනුව සෙසු පළාත් පාලන ආයතන 248 සදහා නාමයෝජනා කැඳවීම එළඹෙන සදුදා(18) දිනයේ දී ආරම්භ විමට …

Continue Reading

හිටපු මහ බැංකු අධිපති කබ්රාල් සියල්ල වමාරයි; නාමල්ට ඇප නැති වෙන ලකුණු!

හිටපු මහ බැංකු අධිපතිවරයකු වූ අජිත් නිවාඩ් කබ්රාල් විසින් කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ පුත් හ.පා.ම නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස් සිදුකළ ජාවාරම් ඇතුළු කුප්‍රකට මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු වමාරමින් තොරතුරු අනාවරණය කොට ඇත. රාජපක‍ෂ පාලන සමයේ දී මෙම ක්‍රීඩා උලෙළ ලංකාවට දිනා ගැනීම සඳහා සී.ඩබ්ලිව්.ජී. හම්බන්තොට 2018 (පෞද්ගලික) සමාගම යනුවෙන් වෙන ම සමාගමක් පිහිටුවා රුපියල් මිලියන 700ක මුදල අවභාවිත කර ඇති බව …

Continue Reading

මහින්ද හින්දා ආධාරකරුවෝ අසරණ වෙති!

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිසියම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට සෘජුව හෝ වක‍්‍රව සහයෝගය පල කරමින් කටයුතු කලහොත් ඔවුනගේ පක්‍ෂ සාමාජිකත්වය හා මන්ත‍්‍රීධුරය අහෝසි කිරීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක තීරණය ඇත. මේ හේතුවෙන් ප.ප.ජ.කු.පා.ම මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ ආධාරකරුවන් දැඩි අපහසුතාවයකට සහ අවදානමකට ලක්ව ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. මධ්‍යම …

Continue Reading