ශ්‍රී ලංකන් හොරු නිදැල්ලේ..
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමයේ සභාපති ජානක විජේපතිරත්න මහතා පවසයි. ඔහු පවසන්නේ මෙතෙක් ගුවන් සමාගම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු නිර්දේශ කිසිවක් ක්‍රියාත්මක වී නොමැති බවය. මේ හේතුවෙන් අක්‍රමිකතා සිදු කළ පුද්ගලයින් තවදුරටත් නිදැල්ලේ පසුවන බව ජානක විජේපතිරත්න මහතා පවසා ඇත. …
Continue Reading
ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසීම අත්හිටුවයි; රනිල් පන්නන සටන වෙනත් ක්‍රමයකට
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසීමට ගෙන තිබූ තීරණය අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තීරණය කර ඇත. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයින්ගෙන් ලද උපදෙස් අනුව අදාළ තීරණය ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ. 19 වැනි සංශෝධනය යටතේ අගමැතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ මත පළවී තිබූ අතර එම සංශෝධනයේ 46 වැනි පරිච්ඡේදයට අදාළ වගන්ති සම්බන්ධයෙන් ජනාධිපති උපදේශක …
Continue Reading
විගණකාධිපති වෙනුවෙන් සියලු වෘත්තීය සමිති එක්වෙයි
-
RSL
-
February 23, 2018
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
විගණකාධිපතිවරයා අඩපණ කිරීමට දේශපාලනඥයන් හා විවිධ කණ්ඩායම් ගන්නා උත්සාහය පරාජය කිරීමට අද (23) සිට වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති සඳහන් කරයි. රාජ්‍ය මුදල් රැකදීම සඳහා විගණකාධිපතිවරයා විසින් සිදුකරන ස්වාධීන ක්‍රියාවලිය නිසා වංචා, දූෂණවලට සම්බන්ධව දේශපාලනඥයන් හා විවිධ කණ්ඩායම් කලබලයට පත්වී සිටින බවද වෘත්තීය සමිති නියෝජිතයෝ සඳහන් කරති. මේ නිසා අසත්‍ය චෝදනා එල්ල කර විගණකාධිපතිවරයාගේ වැඩ කටයුතු …
Continue Reading
සයිටම් සිසුන් ගැන ජනපති ගත් තීරණය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගයයි
සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් සුදුසුකම් අනුව කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීම සඳහා ජනාධිපතිතුමා ගත් තීරණය අගය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කලේ ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව රජය පැහැදිලි කළ යුතු බවයි. පසුගිය කාල වකවානුව පුරාම සයිටම් අර්බුදයට නිසි විසඳුමක් ලබා නොදීම සහ ලබාදීමට අපොහොසත්වීම නිසාම රජය …
Continue Reading
2017 දූෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් ලබා නැතිබව කියයි
2017 දූෂණ දර්ශකයේ සැලකිය යුතු ප්‍රගතියක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වී නොමැති බව ට්‍රාන්ස්ෆෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි. එම ආයතනය මගින් 2017 වර්ෂයේ දූෂණ ශ්‍රේණිගතකිරීම් අනුව ශ්‍රී ලංකාවට 91 වන ස්ථානය හිමිව තිබෙන අතර පෙර වර්ෂයේ ශ්‍රී ලංකාව 95 වන ස්ථානයේ පසුවුවද ඔවුන් 2017 වසරේදී ලබා ඇත්තේ ප්‍රසාද ලකුණු 02ක් පමණයි. එම අගය 2014 වසරේ පැවති අගයට සමාන වන බව වාර්තා …
Continue Reading
කතා නොකර යන තාත්තා…
මේ තාත්තා මෙහෙම ඇවිදන් යන්නෙ අවුරුදු ගාණක ඉඳන්. තමන්ගෙ පුතාව නාවික හමුදාවෙ සේවය කරන කප්පම් කල්ලියක් පැහැරගෙන ගිහින් කප්පම් අරගෙන දැන් අවුරුදු නමයක්. දරුව ඉන්නවද? ඉන්නව නම් ඒ කොහේද? ඝාතනය කරල නම් ඒ කවුද? කවද්ද කියල හරියටම නොදැන හැම සති දෙකකට වරක්ම මේ තාත්ත නඩුව ඇහෙනව බලන්න කොටුව මහේස්ත්‍රාත් උසාවියට එනව. මේ තාත්ත කාත් එක්කවත් කතා කරන්නෙ නෑ. කතා කරගන්නත් …
Continue Reading
මහින්දට අගමැතිකම දෙනවා නම් අපි සූදානම් – ඒකාබද්ධය
මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිධූරය ලබා දීමට ආරාධනා කරන්නේ නම් ආණ්ඩුවක් පිහිටුවන ආකාරයත් මන්ත්‍රීධූර 114ක් ලබා ගන්නා ආකාරයත් පෙන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසයි. ඊයේ(21) කොළඹ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය. ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට කිසි විටෙකත් ඒකාබද්ධ විපක්ෂය අවස්ථාවක් නොඉල්ලු බවත් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ ආරාධනය අනුව ජනාධිපතිවරයා හමුවු බවත්, ජනාධිපතිවරයාට ශ්‍රි …
Continue Reading
ලසන්ත ඝාතනය ගැන හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිගෙන් රහසිගත ප්‍රකාශයක්
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතන සිද්ධියට අදාළව පොලිස් අත්අඩංගුවේ පසුවන ගල්කිස්ස හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරි මහතා ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් නිහාර් මහතා ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් සිදු කර තිබේ. අද අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ඊයේ(21) මහේස්ත්‍රාත් නිල මැදිරියේදී මෙම ප්‍රකාශය සිදුකර ඇති බවයි. ඔහු ස්වේච්ඡාවෙන්ම මෙම ප්‍රකාශය සිදුකරන බව හේමන්ත අධිකාරි මහතා මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම් දී තිබේ. පැය …
Continue Reading
මිනීමැරුම් වලින් එහා ගිය ගෝඨාභයලාගේ ඉඩම් මංකොල්ල කෑමේ ජාවාරම (සාක්ෂි සහිතව)
2010 ජූලි 21වැනිදා ලොව විශිෂ්තටම පා දඟ පන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන්ගේ අවසන් ටෙස්ට් තරඟයේ සිව් වන දිනය විය. ඊට පසු දින එවක ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ ඒ වෙනුවෙන් ගාල්ලට පැමිණීමට නියමිතව තිබිණි. ගාල්ල නගරයේ සිට අඩියෙන් අඩියට පොලිස් විශේෂ කාර්ය බලකා සහ ජනාධිපති ආරක්ෂක අංශ සාමාජිකයන් ක්‍රීඩකයන් නතරව සිටි ලයිට් හවුස් හෝටලය දක්වා මාර්ගය දෙපැත්තේ සිට ඇත. එදින සවස …
Continue Reading
කහගොල්ලේදී බස් රථයේ පුපුරාගිය අත් බෝම්බය හමුදා සෙබළෙකුගේ දැයි සැකයක්!
-
RSL
-
February 21, 2018
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
බණ්ඩාරවෙල කහගොල්ලේදී මගී බස් රථයක වූ පිපිරීමට හේතුව අත් බෝම්බයක් බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි. අද (21) උදෑසන දියතලාව කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක පිපිරීමක් සමඟ ඇති වූ ගින්නකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලැබීය. තුවාල ලැබූ අතර ආරක්ෂක අංශ සාමාජිකයින් 12 දෙනෙකු ද ඒ අතර වෙයි. ඔවුන් අතරින් දෙදෙනෙකුගේ තත්ත්වයට බරපතල බව දියතලාව මුලික …
Continue Reading