කතා නොකර යන තාත්තා…

Spread the love

මේ තාත්තා මෙහෙම ඇවිදන් යන්නෙ අවුරුදු ගාණක ඉඳන්.

තමන්ගෙ පුතාව නාවික හමුදාවෙ සේවය කරන කප්පම් කල්ලියක් පැහැරගෙන ගිහින් කප්පම් අරගෙන දැන් අවුරුදු නමයක්.

දරුව ඉන්නවද? ඉන්නව නම් ඒ කොහේද? ඝාතනය කරල නම් ඒ කවුද? කවද්ද කියල හරියටම නොදැන හැම සති දෙකකට වරක්ම මේ තාත්ත නඩුව ඇහෙනව බලන්න කොටුව මහේස්ත්‍රාත් උසාවියට එනව.

මේ තාත්ත කාත් එක්කවත් කතා කරන්නෙ නෑ. කතා කරගන්නත් බෑ.

තමන්ගෙ පුතා නැති සොවින් බිරිඳ මිය ගියේ මීට මාස කීපයකට කළින්.

මේ නඩුවට එන තවත් අම්ම කෙනෙක් මේ වෙද්දි මිය ගිහින්.

අනික් අම්මල තාත්තල හැමෝමත් මේ වගේම වයසක අය.

සමහරුන්ට පපුවෙ අමාරු. සමහරුන්ට හතිය. දණහිස් අමාරු..

අදත් ඇවිත් පයින්ම යනව මේ තාත්තා…

උපුටා ගැනීම: කසුන් පුස්සෙවලගේ පිටුවෙනි

RSL

Related Posts