මහින්දට අගමැතිකම දෙනවා නම් අපි සූදානම් – ඒකාබද්ධය

Spread the love

මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිධූරය ලබා දීමට ආරාධනා කරන්නේ නම් ආණ්ඩුවක් පිහිටුවන ආකාරයත් මන්ත්‍රීධූර 114ක් ලබා ගන්නා ආකාරයත් පෙන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසයි.

ඊයේ(21) කොළඹ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට කිසි විටෙකත් ඒකාබද්ධ විපක්ෂය අවස්ථාවක් නොඉල්ලු බවත් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ ආරාධනය අනුව ජනාධිපතිවරයා හමුවු බවත්, ජනාධිපතිවරයාට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටු වීමට අවශ්‍ය නම් ඒ සඳහා ඒකාබද්ධයේ සහයෝගය ලබා දෙන පැවසු බව ද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

ජනාධිපතිවරයා මැතිවරණයට පෙරත් එකසත් ජාතික පක්ෂය ඉවත් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටුවන බව පැවසුව ද අද වන විට එම අදහස් වෙනස් වී ඇතැයි ද ගාමිණි ලොකුගේ මහතා පැවසීය.

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක් වු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා කියා සිටියේ පළාත් පාලන මැතිවරණය අවසන් වී අදට දින 11 ක් ගත වූ ඇති විට රට තුළ ආණ්ඩුවක් නොමැති වීමෙන් රට අරාජික තත්ත්වයට පත්ව ඇති බවයි.

කෙසේ වෙතත් වගකීමක් දැරිය හැකි පුද්ගලයින් හෝ රජයක් අද වන විට රට තුළ නොමැති බව ද කියා සිටි මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂය නොමැති ආණ්ඩුවක් සාදන්නේ නම් එයට සහයෝගය ලබා දෙන බව ද කියා සිටියේය.

RSL

Related Posts