ජනපති නියෝගයෙන් රුසියන් සැප සොයා යන්න ගිය මන්ත්‍රීවරුන්ගේ සංචාරයක් නවතී

ඌව පළාත් සභාව දැඩි මූල්‍ය අර්බුදයක පවතිද්දී ඌව පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන් සියලූ දෙනාම රුසියාවේ සංචාරයක නිරතවීමට සැලසුම් කළ අතර එම සංචාරය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් නතරවී ඇතැයි ඌව පළාත් සභාවේ සභා නායක මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා ඊයේ (19) පැවසීය. රුසියාවේ සංචාරයක නිරතවීමට ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 34 දෙනාම සැලසුම් කළද ඌව පළාත් සභාව මේ වන විට මුහුණපා ඇති දැඩි …

Continue Reading

ජනමතයට පිටුපාන ආණ්ඩුවට එරෙහි විරෝධය 05 වනදා කොළඹට..

වත්මන් ආණ්ඩුව ජනමතයට පිටුපා ගත් ප්‍රජාතන්ත්‍ර විරෝධී තීන්දු තීරණවලට එරෙහිව ලබන මස 5 වැනිදා අගනුවරදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන පැවැසීය. යහපාලන ආණ්ඩුව ජනමතයට පිටුපා ගත් තීන්දු තීරණ හේතුවෙන් ආර්ථික, සමාජයීය හා දේශපාලනික අවුල්ජාලාවක් රට තුළ ඇති වී තිබෙන බවත් සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම හරහා මුළු රටම විකුණා දැමීමට ආණ්ඩුව සූදානම් වන බවත් මන්ත්‍රිවරයා …

Continue Reading

පෙරටුගාමීන්ගේ කුලී හේවායෝ ටිකක් අපේ විශ්වවිද්‍යාල ටික විනාශ කරනවා

විශ්වවිද්‍යාලවල සිටින සිංහල සිසු සිසුවියන් පිරිසක් සිංහල සමාජය විනාශ කරමින් සිටිනවා යැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සෙත්සිරිපායේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පැවසීය. එහිදී වැඩිදුරටත් විජයදාස රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය. විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ට අතීතයේ පටන් යම් කිසි බලපෑමක් සිදු වුණත් ඒක ශාරීරික, මානසික පීඩනයකට බලපෑවේනැහැ. නමුත් අද වන විට මේ රටේ දරුණුතම පාතාලය විශ්වවිද්‍යාල …

Continue Reading

ජනපති මෛත්‍රී ඇනගත් තැනක් ඇමති රාජිත කියයි

‘ග්ලයිෆොසේට්’ පිළිකා සහ වකුගඩු රෝග සඳහා හේතුකාරක වන බව ඇමෙරිකානු අධිකරණය තීන්දුවක් ලබා දුන්නේ ලක් රජය ‘ග්ලයිෆොසේට්’ තහනම ඉවත් කර මාසයක් ගතවන අවස්ථාවේ බවත් රජය ගත් එම තීන්දුව යහපාලනය ක්‍රියාත්මක වන රටක් ලෙස ගනු ලැබූ වැරැදි තීන්දුවක්’ බවත් සෞඛ්‍ය හා පෝෂණ ඇමැති ‍වෛද්‍ය රාජිත සේනාරත්න චෝදනා කරයි. රජය ගත් එම තීන්දුව වෙනස් කළ යුතුයි. ඇමෙරිකාවේ අධිකරණ තීන්දුවට අනුව ලෝකයේ සෑම …

Continue Reading

ඒකාධිපති රෙජීමයකින් මුදාගත් රටක ජනතාව නිදහසේ හුස්ම ගන්න හැටි

“පසුගිය වසර තුන අපට ලේසි පහසු වුණේ නෑ. අපි එදා 2015දී දේශපාලන සම්ප්‍රදායක් කඩකර මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය සඳහා වැඩකටයුතු කළා. එතුමා ජනාධිපති වුණාට පසු යළිත් සියලු දේශපාලන සම්ප්‍රදායන් කඩකර ජාතික ආණ්ඩුවක් හදා රට වෙනුවෙන් කටයුතු කළා. ගෙවුණු වසර තුන ජනතාවට හුස්ම ගන්න පුළුවන් වූ වසර තුනක් බවට පත් වුණා” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවැසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසුවේ පසුගියදා …

Continue Reading

රෝසි හොර පාරක..

කොළඹ නගරාධිපතිනිය සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා තනතුරු 08 කට සභාවට පිටතින් පුද්ගලයන් 19 දෙනකු බඳවා ගෙන තිබේ. මීට පෙර සිටි නගරාධිපතිවරුන්ගෙන් බොහෝ දෙනකු සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා සභා අංශයෙන් හෝ ලේකම්වරයාගේ නිලධාරීන් අනුයුක්ත කරගෙන රාජකාරි පවරා තිබුණු අතර එම නිලධාරී ප‍්‍රමාණය ද බොහෝ විට අටකට වඩා අඩු අගයක් ගෙන ඇති බව වාර්තා වෙයි. මණ්‌ඩලය සඳහා සභා අංශයෙන් හෝ …

Continue Reading

තරුණ ව්‍යාපාරිකයන්ට ඇප නැති ණයක්

ලංකාවේ පළමු වරට තරුණ ව්‍යාපාරිකයන් සඳහා ව්‍යාපාර ආරම්භ කිරීමට ඇපයකින් තොරව බැංකු ණය දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ඒ සඳහා මේ වන විටත් ව්‍යාපාර සැලසුම් 800කට ආසන්න ප්‍රමාණයක් සකස් කර ඇති අතර, ඊට අදාළ වැඩකටයුතු රැසක් මේ වන විට ඇරඹී ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. ‘තුරුණු දිරිය’ නමින් ක්‍රියාත්මක වන මේ ණය යෝජනා ක්‍රමයෙන් …

Continue Reading

මෛත්‍රී, හේමා ප්‍රේමදාසටත් සළකයි

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිය වන හේමා ප්‍රේමදාස මහත්මියට ලබා දීම සඳහා කොළඹ 7 නිවසක අලුත්වැඩියාවට ආණ්ඩුව රුපියල් මිලියන 400ක් වෙන් කර තිබේ. පැජට් පාරේ පිහිටා ඇති මෙම නිවස සම්පූර්ණයෙන් අලුත්වැඩියා කිරීමට නියමිත අතර අලුත්වැඩියා කටයුතු නාවික හමුදාවට පැවරී තිබේ. ජනාධිපතිවරයාගේ නිවාසවල අලුත්වැඩියා සහ ඉදිකිරීම් කටයුතු භාරව සිටින නාවික හමුදා අනුඛණ්ඩය මෙම නිවසේ ද ඉදිකිරීම් භාරව සිටී. ඒ අනුව …

Continue Reading

ආණ්ඩුවේ, විපක්ෂයේ මෙන්ම විවිධ කල්ලි කණ්ඩායම් වල වරප්‍රසාද ලබන අය අසත්‍ය පතුරුවමින් විකල්ප මාධ්‍ය අවහිර කිරිමට පාර කපයි

පටු දේශපාලන උවමනාවන් මත ආණ්ඩුවේ, විපක්ෂයේ මෙන්ම විවිධ කල්ලි කණ්ඩායම් වල වරප්‍රසාද ලබන අය අසත්‍ය පතුරුවමින් විකල්ප මාධ්‍ය අවහිර කිරිමට පාර කපමින් සිටින බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. පාසල් නිවාඩු මාසවලදී ගුරුවරුන්ගේ වැටුප් නතර කරන බවට අධ්‍යාපන ඇමැතිවරයා ප‍්‍රකාශ කළ බව සඳහන් ව්‍යාජ ප‍්‍රවෘත්තියක් සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රචාරය කිරිමත් එ හරහා රටේ සියළුම …

Continue Reading

අයවැයෙන් ආණ්ඩුව වට්ටන්න ඒකාබද්ධයෙන් සැලැස්මක්

මෙවර අය-වැය පාර්ලිමේන්තුව තුළ පරාජය කිරීම සඳහා සියලුම දේශපාලන පක්ෂවලට එකඟවිය හැකි පොදු න්‍යාය පත්‍රයක් සකස් කිරීමේ මූලික කටයුතු ඒකාබද්ධ විපක්ෂය විසින් ආරම්භ කර ඇත. පළාත් සභා මැතිවරණ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කල්දැමීමට එරෙහිව පෙළ ගැසීම ප්‍රධාන කොටගෙන මෙම පොදු න්‍යායපත්‍රය සකස් කරන බවත් දේශපාලන පක්ෂවල න්‍යාය, ප්‍රතිපත්තිවලට කොටු නොවී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ අරමුණ ප්‍රධාන කොටගෙන මෙම පොදු න්‍යායපත්‍රය සකස් කරන …

Continue Reading