ජනපති මෛත්‍රී ඇනගත් තැනක් ඇමති රාජිත කියයි

Spread the love

‘ග්ලයිෆොසේට්’ පිළිකා සහ වකුගඩු රෝග සඳහා හේතුකාරක වන බව ඇමෙරිකානු අධිකරණය තීන්දුවක් ලබා දුන්නේ ලක් රජය ‘ග්ලයිෆොසේට්’ තහනම ඉවත් කර මාසයක් ගතවන අවස්ථාවේ බවත් රජය ගත් එම තීන්දුව යහපාලනය ක්‍රියාත්මක වන රටක් ලෙස ගනු ලැබූ වැරැදි තීන්දුවක්’ බවත් සෞඛ්‍ය හා පෝෂණ ඇමැති ‍වෛද්‍ය රාජිත සේනාරත්න චෝදනා කරයි.

රජය ගත් එම තීන්දුව වෙනස් කළ යුතුයි. ඇමෙරිකාවේ අධිකරණ තීන්දුවට අනුව ලෝකයේ සෑම රටකටම ‘ග්ලයිෆොයේට්’ තහනම් කිරීමට සිදුවෙනවා. ලක් රජයටත් එම තහනම යළි ක්‍රියාත්මක කිරීමට සිදුවෙනවා’ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා සඳහන් කළේය. රජය ‘ග්ලයිෆොසේට්’ තහනම් නොකළහොත් ‘ග්ලයිෆොසේට්’ යොදා තේ වගා කිරීමෙන්, තේවල පිළිකාකාරක ඇති බව ලොව තේ ආනයනකරුවන් ප්‍රකාශ කළහොත් ශ්‍රී ලංකාවට ආර්ථිකමය ගැටලුවක්ද පැනනැඟීමට ඉඩ තිබෙනවා’ යැයි ඇමැතිවරයා අවධාරණය කරයි.

ග්ලයිෆොසේට් තහනම ඉවත් නොකරන ලෙස එය තහනම් කිරීමට මුල් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු වස විසට එරෙහි සංවිධාන දිගින් දිගටම ජනාධිපතිවරයාට බලපෑම් කළ අතර එහෙත් ඊට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇහුම්කන් නොදී මෙම භයානක ග්ලයිෆොසේට් නැමැති පිළිකාකාරක විෂ රසායන තහනම ඉවත්කළේය. මේ හේතුවෙන් අතුරලියේ රතන හිමියන්ද ජනාධිපතිවරයාගේ උපදේශක තනතුරින් ඉවත් විය.

RSL

Related Posts