පළාත් සභා ඡන්දය පරණ ක්‍රමයට ජනවාරියේ තියනවාමයි

පළාත් සභා මැතිවරණය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවත්, පළාත් සභා මැතිවරණය කිසිසේත්ම කල්දැමීමට ඉඩනොදෙන බවත්, දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ නායක ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි. සීමානිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජය වීම නිසා නව ඡන්ද ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බවත් එම නිසා පැරැණි ඡන්ද ක්‍රමයට පළාත් සභා මැතිවරණය 2019 ජනවාරි මාසයේදී පැවැත්වීමට ගතයුතු ක්‍රියාමාර්ග …

Continue Reading

ඇප ඇතිව ශ්‍රීලංකන් කෝටි 1290ක් ගිලලා

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ලංකා බැංකුවෙන් දී ඇති ණය මුදල් හයක්‌ යළි අයකර ගැනීම සඳහා හොඳ අත්තිවාරමක්‌ (භාණ්‌ඩාගාරයෙන් සහතික වීමක්‌) ලැබී නැතැයි පිළිගන්නා බව ලංකා බැංකුවේ අක්‌වෙරළ අංශයේ කළමනාකරු උපුල් කුමාර් විඡේගුණවර්ධන මහතා ඊයේ (27 දා) ශ්‍රී ලංකන් ගුවන් මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පැවසීය. අදාළ ණය මුදල් සඳහා මහාභාණ්‌ඩාගාරයෙන් ලැබී ඇත්තේ භාණ්‌ඩාගාර පහසුකම් සැපයීමේ ලිපි පමණක්‌ බවද …

Continue Reading

හොඳ දේ කළත් රූපවාහිනියෙන් හෝ පත්තරවලින් හෝ මගේ තීන්දු අගය කරන්නේ නෑ

අද මාධ්‍ය විසින් මට බනිනවා. නමුත් ඒ කිසිම මාධ්‍යවේදියෙක් සුදු වෑන්වලින් ගෙන යෑමට අප කටයුතු කරන්නේ නැහැ. කවුරුවත් ඝාතන හෝ වෙඩි තැබීම් සිදු කර නැහැ. නමුත් අපට තවමත් බනිනවා. එය අප ඇති කළ ප්‍රජාතන්ත්‍රවාදය බව පැවැසිය හැකි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. රූපවාහිනියෙන් හෝ පත්තරවලින් තමාගේ තීන්දු තීරණ අගය නොකරන නමුත් තමා සෑම විටම රට වෙනුවෙන් හරි දේ කරන බවත්, …

Continue Reading

ඇමැති අර්ජුනගේ සම්බාහන මධ්‍යස්ථානය වැසෙයි

අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වරාය ඇමැතිවරයාව සිටිය දී වරායේ ආරම්භ කරන ලද සම්බාහන මධ්‍යස්ථානයේ සේවයට බඳවා ගත් වෛද්‍යවරිය සහ සහායිකාවන් තිදෙනාගේ කොන්ත‍්‍රාත් කාලය දීර්ඝ නොකිරීමට වත්මන් ඇමැති මහින්ද සමරසිංහ තීරණය කර තිබේ. වරායේ සේවකයන්ගේ ආතතිය දුරු කිරීම සඳහා බව කියමින් අර්ජුන රණතුංග මහතා මෙම සම්භාහන මධ්‍යස්ථානය 2015 වසරේ දී ආරම්භ කරන ලදී. වෛද්‍යවරියක සහ සහායිකාවන් තිදෙනකු ඒ සඳහා බඳවා ගනු …

Continue Reading

ගෝඨා­භ­යට අධි­චෝ­දනා ගොනු වෙයි

මහා පරි­මාණ බර­ප­තළ මූල්‍ය වංචා විභාග කිරීම සඳහා කොළඹ අලු­ත්කඩේ ස්ථාපිත විශේෂ ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණයේ විභාග කෙරෙන දෙවන නඩු­වේදී හිටපු ආර­ක්ෂක ලේකම් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ඇතුළු විත්ති­ක­රු­වන් සත් දෙන­කුට එරෙ­හිව පසුගියදා (24) අධි­චෝ­දනා ගොනු කෙරිණි. ඒ අනුව රජයේ මුදල් රුපි­යල් මිලි­යන 91ක් අව­භා­විත කර­මින් තංගල්ල, මැද­මු­ලන, වීර­කැ­ටියේ ඩී.ඒ. රාජ­පක්ෂ ස්මාර­කය කෞතු­කා­ගා­රය ඉදි­කි­රීම සම්බ­න්ධ­යෙන් හිටපු ආර­ක්ෂක ලේක­ම්ව­ර­යාට සහ ඉඩම් ගොඩ­කි­රීමේ හා සංව­ර්ධ­නය …

Continue Reading

මේ මොංගල් ආණ්ඩුවට තීන්දු තීරණ ගන්න හරි නායකයෙක් නැහැ

මහින්ද මහත්තයාට තුන්වැනි පාර ඉල්ලන්න පුළුවන් කියන කාරණාව මුල් කරගෙන දේශපාලන කරළිය මේ දිනවල උණුසුම් වෙලා තියෙන්නේ. නමුත් රටේ ව්‍යවස්ථාව අනුව මහින්ද මහත්තයාට තුන්වැනි පාර ඉල්ලන්න බැහැ. ඒකයි ඇත්ත. ඇත්ත වහලා ඒකාබද්ධය මොකක්ද මේ කරන්නේ? 2015 මෛත්‍රි-රනිල් ආණ්ඩුවක් පිහිටුවලා එයාලා කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන එක. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කළේ රටේ සුබසිද්ධිය සඳහා නොවේ. මේක කළේ රාජපක්ෂ භීතිකාව නිසා …

Continue Reading

ජනපති උදැල්ල අතට ගනී..

ගොවි ජන ජීවිත සමග ගැටගැසුණු දුක්ඛිත කතාවන් අවසන් කරමින් ඔවුන්ගේ ජීවිත සමෘද්ධිමත් කිරීම උදෙසා පුළුල් වැඩකොටසක් අද ඉටු වෙමින් පවතින බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ රුපියල් මිලියන 16,000 ක් වැය කරමින් ඉදි කෙරෙන වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ(24) පොල්පිතිගමදී එක්වෙමිනි. මේ අතර එල්ලංගා පද්ධති මගින් සබැඳුණ ග‍්‍රාමීය වැව් 2400 ක් …

Continue Reading

ඒකාබද්ධය මොන වෙඩිමුර පත්තු කළත් ආණ්ඩුව හොල්ලන්න බෑ.. බොරු සද්ද විතරයි

ඒකාබද්ධ විපක්ෂය මේ ආණ්ඩුව එළවීමට පළමු වෙඩි මුරය දැන් දහ වතාවක් විතර පත්තු කළා. ඒත් ආණ්ඩුව තවමත් හොඳින් ක්‍රියාත්මක වෙනවා. කොපමණ වෙඩි මුර පත්තු කළත් තත්ත්වය ඒකයි යැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. ඒකාබද්ධ විපක්ෂය 2016 දී මැයි දිනයේ දී කිව්වා, ගාල්ලට අපි ලක්ෂ ගාණක් ගේනවා, එතකොට ආණ්ඩුව ඉවරයි කියලා. ඊට පස්සේ කොළඹ තවත් රැස්වීමක් තියලා කිව්වා, ආණ්ඩුව ඉවරයි …

Continue Reading

නටපු නැටුමකුත්, බෙරේ පළුවකුත් නැතිව නව මැතිවරණ ක්‍රමය පාර්ලිමේන්තුවේදී පරාජයට පත්කර ගනී..

වත්මන් යහපාලන ආණ්ඩුව වසර තුනකට ආසන්න කාලයක් නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් සකසා ඉදිරිපත් කරන ලද පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේදී අද ආණ්ඩුව විසින්ම පරාජයට පත්කර ගත්තේය. මෙම වාර්තාව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේ දී තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් පරාජය ව තිබේ. පක්ෂව ඡන්ද කිසිවක් හිමි නොවු අතර විපක්ෂව ඡන්ද 139 ක් හිමිවිය. මෙහි අනෙක් …

Continue Reading

ඩොලරය රුපියල් 162 ඉක්මවයි! ශ්‍රී ලංකා රුපියල තවත් බාල්දු වෙයි..

ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද(24) රුපියල් 162 සීමාව ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 158.9162 ක් ලෙසින් සටහන් වන අතර එහි විකුණුම් මිල රුපියග් 162.1162 ක් ලෙසින් සටහන් විය. විදුලි පණිවුඩ පැවරුම් සඳහා ශ්‍රී ලංකාවේ තෝරාගන්නා ලද …

Continue Reading