ඇමැති අර්ජුනගේ සම්බාහන මධ්‍යස්ථානය වැසෙයි

Spread the love

අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වරාය ඇමැතිවරයාව සිටිය දී වරායේ ආරම්භ කරන ලද සම්බාහන මධ්‍යස්ථානයේ සේවයට බඳවා ගත් වෛද්‍යවරිය සහ සහායිකාවන් තිදෙනාගේ කොන්ත‍්‍රාත් කාලය දීර්ඝ නොකිරීමට වත්මන් ඇමැති මහින්ද සමරසිංහ තීරණය කර තිබේ. වරායේ සේවකයන්ගේ ආතතිය දුරු කිරීම සඳහා බව කියමින් අර්ජුන රණතුංග මහතා මෙම සම්භාහන මධ්‍යස්ථානය 2015 වසරේ දී ආරම්භ කරන ලදී.

වෛද්‍යවරියක සහ සහායිකාවන් තිදෙනකු ඒ සඳහා බඳවා ගනු ලැබුවේ කොන්ත‍්‍රාත් පදනම මත වන අතර වසරක සේවා කාලයකින් පසු ස්ථිර සේවයේ පිහිටුවීමට නියමිතව තිබුණි. එහෙත් මෙම මධ්‍යස්ථානයෙන් කිසිදු ඵලක් නොමැති බව කියමින් මහින්ද සමරසිංහ මහතා ඔවුන්ගේ කොන්ත‍්‍රාත් කාලය අවසන් කිරීමට කටයුතු කර තිබේ. අර්ජුණ රණතුංග ඇමැතිවරයා සහ වරාය සභාපති ධම්මික රණතුංග මහතා ඒ දිනවල සම්භාහන මධ්‍යස්ථානයෙන් උපරිම ඵල නෙලාගත් බව සේවකයෝ කියති.

RSL

Related Posts