ලංකාපුත්‍ර බැංකුවට පොලු තැබූ දෙස්පාලන පුත්‍රයෝ කවුද?

ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව පිහිටුවූයේ ම දේශපාලන පුතුන් ගොඩගන්නට ය. එයින් රුපියල් කෝටි 200කට වඩා ණය ලබාගෙන පොලු තබා ඇත. මෙලෙස ණය ගත් උන් ඒවා ගන්නාවිට නැවත ගෙවන්නට සිහිනෙන්වත් සිතා සිටියේ නැත. බැංකුවේ වත්මන් සභාපතිවරයා එලෙස ණය ගෙන නොගෙවා සිටින 14 දෙනෙක්ට විරුද්ධව මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පැමිණිලි කළේ ඉකුත් වසරේ මාර්තු මාසයේ ය. දැන් මූල්‍ය අපරාධ ඒකකය එයට එරෙහිව නඩු පැවරීමට …

Continue Reading

ඇමැති පී. හැරිසන් රටට කළ පාඩුව රු. 4000000000 ක්?

පසුගිය කන්නයේ දී වී අලෙවි මණ්ඩලය හරහා ගොවීන්ගෙන් මිලට ගත් වී මෙට්රික් ටොන් 234800 ප්‍රමාණයක් සහල් කිරීම සඳහා අඩු මිලට තම හිතවත් සහල් මෝල් හිමියන් දෙදෙනකුට ලබා දීමෙන් විෂය භාර ඇමැති පී.හැරිසන් විසින් රටට අතිශය විශාල මුදලකින් පාඩු කරන ලදැයි මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. මේ පැමිණිල්ල ජ.වි.පෙ. විසින් කරනු ලබන්නකි. මෙලෙස මිලට ගත් වී …

Continue Reading

IT වෘත්තිකයින්ට රටෙන් යන්න වෙයි!

පසුගිය දා මලික් සමරවික්‍රම සහ සුජීව සේනසිංහ යන ඇමතිවරුන් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී කියා සිටියේ ඉන්දියාව සහ ලංකාව අතර වෙළඳ ගිවිසුම හැකි ඉක්මනින් අත්සන් කරන්නට කටයුතු කරන බව යි. මේ පිළිබඳව සඳහන් කරමින් ඔවුන් පැවසුවේ 100% ක් එක් පාර්ශ්වයකට වාසිදායක ගිවිසුම් නැති බවත්, නැව් නිෂ්පාදන සහ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ට ඉන්දියාවේ සිට මෙහි පැමිණ රැකියා කිරීමට ඉඩ ප්‍රස්ථා විවර කරන බවත් …

Continue Reading

නැවතත් ලැජ්ජයි රාජිත!

“වෛද්‍ය පාදෙනිය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එකඟවෙලා ද” යනුවෙන් අද (21) දින අප පුවතක් පළ කළෙමු. ඒ ඇමති රාජිත සේනාරත්නගේ ප්‍රකාශයක් පදනම් කරගනිමිනි. එහිදී පවා අප පැවසුවේ, ඇමතිවරයාගේ ප්‍රකාශ පිළිබඳව අපට කිසිදු විශ්වාසයක් නැති බව යි. කන්න අවැසි වූ විට කබරයා තලගොයා කරගන්නා තාලේ මේ වගකීම් විරහිත ප්‍රකාශ රාජිත ඇමතිවරයාගේ දේශපාලන දිවිය පුරා ම දකින්නට ලැබෙන්නකි. එම ප්‍රකාශය පිළිබඳව රජයේ වෛද්‍ය …

Continue Reading

ඉන්දු-ලංකා ගිවිසුමෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය වළපල්ලට!

ව්‍යවසාය සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඇමතිවරුන් වන මලික් සමරවික්‍රම සහ සුජීව සේනසිංහ විසින් දක්වන ලද අදහස්වලට අනුව, පෙනෙන්නට තිබෙන්නේ සීඝ්‍රයෙන් දියුණු වෙමින් පැවති ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය නුදුරේ දී අත්සන් කරන්නට නියමිත ඉන්දු – ලංකා භාණ්ඩ හා සේවා ගිවිසුමෙන් විනාශ වී යාමට නියමිත බව ය. අතිශය සමච්චල් සහගත ස්වරයෙන් ඇමති සුජීව සේනසිංහ පවසා සිටියේ 100% …

Continue Reading

තෙල් මිල අඩු නොකර ඉන්න – ආණ්ඩුවට ලැජ්ජ නැද්ද?

යහපාලන රජය පත් වී ජනතාවට ආර්ථික වශයෙන් ගෙන ආ කිසිදු සහනයක් නැත. කිසිදු පාරිභෝජන භාණ්ඩයක මිල අඩු වූයේ නැත. ගැසට් නිවේදන නිකුත් කළාට බඩු මිල අඩුවන්නේ නැත. අඩුවට දෙන්නට හැකි දෙයක්වත් දෙන්නට මේ ආණ්ඩුවට වුවමනාවක් නැත. ඒ ගැන කතා කරන්නට ද කිසිවෙක් නැත. මේ ගැන කතා කරතැයි සිතෙන වාම දේශපාලන පක්ෂවලින් විමසූ විට ඔවුන් සිටින්නේ, “ඡන්දෙ දුන්නානම් ප්‍රතිඵල බාර ගන්න” …

Continue Reading

ප්‍රාඩෝ 200 බදු නැතිව නිදහස් කිරීම විමර්ශනය කළ රේගු අධ්‍යක්ෂ මාරු කරයි!

නියමිත මිල ගණන්වලට අඩුවෙන් සඳහන් කරමින් ආනයනය කරන ලද ප්‍රාඩෝ රථ 200ක් බදු අය කරනොගෙන එමෙන් ම නිදහස් කර යැවීම අපි මෙයට පෙර වාර්තා කළෙමු. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ සඳහන් කරන්නට පවා ව්‍යාපාරික මුදල් අමාත්‍ය රවි කරුණානායකට සිදු විය. කෙසේ වෙතත්, ඒ නිදහස් කිරීමෙන් රජයට කෝටි ගණනක පාඩු සිදු විය. මේ සිද්ධිය ගැන විමර්ශන භාරව සිටි රේගු අධ්‍යක්ෂවරයාට ස්ථාන මාරුවක් ලබා …

Continue Reading

නව ව්‍යවස්ථාවට ජනතා අදහස් ලබා ගැනේ!

අලුතෙන් සම්පාදනය කෙරෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් මහජන අදහස් ලබා ගැනීමට කටයුතු සූදානම් කර ඇතැයි නව ව්‍යවස්ථාව වෙනුවෙන් මහජන අදහස් විමසීමට පත් කළ කමිටුවේ සභාපති නීතිඥ ලාල් විජේනාය ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිටියේ ය. මෙකී කමිටු කාර්යාලය විසුම්පායේ පිහිටුවා ඇති අතර දිස්ත්‍රික්ක 25ටම ගොස් අදහස් ලබා ගන්නට කටයුතු සූදානම් කර ඇතැයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය. ජනවාරි …

Continue Reading

මාලඹේ වෛද්‍ය උපාධි කඩයට එරෙහිව සත්‍යග්‍රහයක්

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය යනු මෙරට වෛද්‍ය උපාධිය ඊට සුදුසුකම් නොමැති එහෙත් ධනය සහ බලය ඇති අතළොස්සකට මුදලට අලෙවි කිරීම සඳහා ආරම්භ කරන ආයතනයක් ලෙස සැකයක් තිබිය නොහැක. පිළිගත් පෞද්ගලික වෛද්‍ය විදල්‍යායක තිබිය යුතු මූලික කොන්දේසිවත් සපුරා නැති මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන ලෙස රජයට බල කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. ඊයේ …

Continue Reading

වෛද්‍ය චැනල් සේවා ගාස්තු නියාමනය කෙරෙයි

රට තුළ ක්‍රියාත්මක කෙරන පෞද්ගලික රෝහල් සහ චැනල් මධ්‍යස්ථානවල ගාස්තු විවිධ අන්දමින් වෙනස් සහ අධිකවීම සුලබ කරුණකි. බොහෝ තැන්වල අතිශය අධික මිල ගණන් අය කෙරෙයි. කෙසේ වෙතත් පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන සභාව විසින් මේ ගාස්තු සඳහා සීමාවන් පැනවීමට කටයතු කර තිබේ. ඒ අනුව විශේෂඥ වෛද්‍ය ගාස්තුව රු.250 සිට 2000 දක්වා උපරිම සීමාවකත්, ආයතන ගාස්තුව 100 සිට 500 දක්වා සීමාවක පැවතිය යුතු …

Continue Reading