මාලඹේ වෛද්‍ය උපාධි කඩයට එරෙහිව සත්‍යග්‍රහයක්

Spread the love

medical doctor මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය යනු මෙරට වෛද්‍ය උපාධිය ඊට සුදුසුකම් නොමැති එහෙත් ධනය සහ බලය ඇති අතළොස්සකට මුදලට අලෙවි කිරීම සඳහා ආරම්භ කරන ආයතනයක් ලෙස සැකයක් තිබිය නොහැක. පිළිගත් පෞද්ගලික වෛද්‍ය විදල්‍යායක තිබිය යුතු මූලික කොන්දේසිවත් සපුරා නැති මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන ලෙස රජයට බල කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

ඊයේ (7) පෙරවරුවේ ගලහ මංසන්දියේ දී සිසුන් මෙම සත්‍යග්‍රහය ආරම්භ කොට ඇති අතර මේ සම්බන්ධයෙන් රජයේ වගකිව යුතු බලධාරීන්ගේ අවධානය යොමු නොවුණහොත් එය අඛණ්ඩ සත්‍යග්‍රහයක් දක්වා ගෙන යාමට තමන් කටයුතු කරන බවට ඔවුන් අනතුරු අඟවයි.

එහිදී අදහස් දක්වමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති චින්තක දිසානායක සඳහන් කළේ මෙරට අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ කුමන්ත්‍රණයක් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මගින් සිදුවන බවයි.

කෙසේ වෙතත්, මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කෙරෙහි යහපාලන රජය විසින් නම්‍යශීලී අාකල්පයක් දැක්වීම පිටුපස අතිශය පටු පෞද්ගලික වුවමනාවන් ඇතැයි යන්න පසුගිය කාලයේ නිතර කතා බහට ලක් වූවකි. සෞඛ්‍ය අමාත්‍යරයාගේ ලේලිය මෙහි ඉගෙන ගන්නා බැවින් මෙසේ වන්නේ යැයි ද ආරංචි පැතිර ගිය අතර බොහෝ විට අප රටේ දේශපාලනයේ ඇත්තේ ඉතාම පටු පුද්ගලබද්ධ කරුණු කාරණා වෙනුවෙන් ජාතික ප්‍රශ්න පරදුවට තැබූ තත්වයකි.

මේ ගැටළුව සම්බන්ධයෙන් රජය විසින් මෙයට වඩා මැදිහත්වීමක් කළ යුතු බැව් අප විශ්වාස කරමු.

RSL

Related Posts