ඒකාධිපති පවුල්වාදය පරාජය කර වසරයි!

Spread the love

maithri-victoryයුද ජයග්‍රහණය ඉදිරියට දමමින් රට තම නින්දගමක් ලෙසත් ජනතාව තම යටත් වැසියන් ලෙසත් පාලනය කරන්නට තැතනූ ඒ භීම යුගය පරාජය කර අදට වසරක් සපිරෙයි. කෙසේ වෙතත් බොහෝ පාර්ශ්ව විසින් අදාළ ජයග්‍රහණය ඉතා කුඩා තැනකට පටු කරන්නට උත්සාහ කරනු දක්නට ලැබෙයි. ඒ උත්සාහය පිටුපස ඇත්තේ ලද ජයග්‍රහණය අවම එකක් ලෙස හුවා දක්වා රට අගතියට යන බව පෙන්වා නැවත පරාජය කළ ගෝත්‍රික අශිෂ්ඨත්වය බලයට ගෙන ඒමයි.

යහපාලනය ජනතාව විශ්වාස කරන ලද හොඳ ම එක නොවුණත් කාට කාටත් මතක් කළ යුතු වන්නේ මෙයට වසරකට පෙර රට තිබුණු තත්ත්වයයි.

යහපාලන නායක කාරකාදීන් ද මේ ගත වුණු වසර දෙස ස්වයංවිවේචනාත්මකව ආපසු හැරී බලා කටයුතු කරන්නේ නම් රටටත් ජනතාවටත් මහත් සෙතක් සැලසෙනු ඇත.

RSL

Related Posts