IT වෘත්තිකයින්ට රටෙන් යන්න වෙයි!

Spread the love

IT Dayanපසුගිය දා මලික් සමරවික්‍රම සහ සුජීව සේනසිංහ යන ඇමතිවරුන් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී කියා සිටියේ ඉන්දියාව සහ ලංකාව අතර වෙළඳ ගිවිසුම හැකි ඉක්මනින් අත්සන් කරන්නට කටයුතු කරන බව යි. මේ පිළිබඳව සඳහන් කරමින් ඔවුන් පැවසුවේ 100% ක් එක් පාර්ශ්වයකට වාසිදායක ගිවිසුම් නැති බවත්, නැව් නිෂ්පාදන සහ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ට ඉන්දියාවේ සිට මෙහි පැමිණ රැකියා කිරීමට ඉඩ ප්‍රස්ථා විවර කරන බවත් ය.

මෙරට තොරතුරු තාක්ෂණ රැකියා නියුක්තිය දැනට ලක්ෂයක් පමණ වෙයි. මේ වන විටත් මෙම විෂය හදාරන සිසුන් විශාල ප්‍රමාණයකි. සියලු දෙනා මහත් ව්‍යාකූලත්වයට පත් ව සිටින අතර ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති වෛද්‍ය දයාන් රාජපක්ෂ මහතා පවසන්නේ මෙරට තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ට මෙරට හැරයන්නට සිදු වනු ඇති බව යි.

ඉන්දියාව ගෝලිීය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන ඇති විශාල සමාගම් එරට තිබෙනඅතර එයට අමතරව එරට දක්ෂ වෘත්තිකයන් ඇමරිකාව වැනි රටවල සේවය කරන බවත් පවසන ඔහු මෙරටට පැමිණීමට වඩා ඉඩකඩ ඇත්තේ දක්ෂයන් නොවන පිරිසක් බවත් වෛද්‍ය දයාන් රාජපක්ෂ පවසයි. මෙරට තොරතුරු තාක්ෂණ වෘත්තිකයින් ගුණාත්මක අතින් උසස්බව ලොව පිළිගැනීමක් පවතින බව පවසන ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ඔවුන් රට හැර දා යන්නට පෙළඹෙනු ඇති බව යි.

කිසිදු විද්වත් සාකච්ඡාවකින් තොරව, ක්ෂේත්‍රයේ විශේෂඥයින් සමඟ කතිකාවකින් තොරව සුජීව සේනසිංහලාගේ තනි මතයට රටක අනාගතය තීන්දු කරන්නට ඉඩ දිය යුතු නැත. සුජීව සේනසිංහලාට අත්තනෝමතිකව රට සම්බන්ධ තීන්දු තීරණ ගන්නට ජනවරමක් ලැබී නැති බව ද වැඩි දුරටත් කිව යුතු ය.

RSL

Related Posts