ඊයේ ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධ නඩුව හෝමාගම අධිකරණයේ විභාග කරන ලද අවස්ථාවේ දී ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව විසින් සන්ධ්‍යා එක්නැලිගොඩට බැණ වැදීමට එහා ගිය කටයුත්තක් සිදු කර ඇති බව වාර්තා වෙයි.
මෙම නඩු කටයුත්තට කිසිම සම්බන්ධයක් නැති ඔහු, මහේස්ත්‍රාත් අධිකරණය තුළට පැමිණ නීතිය සහ අධිකරණ ක්‍රමය විවේචනය කරමින් දේශනයක් පවත්වා ඇති අැත. මෙය අතිශයින් පමණ ඉක්මවා යාමක් බව තවදුරටත් කිව යුතු නොවේ. අධිකරණය තුළ දී කිවිසුමක් ඇරීමේ වරදට තරුණයෙක් සිරගත කිරීමේ නඩු තීන්දුවක් ලබා දී තිබුණේ පසුගිය දිනක ය.
භික්ෂුවක් නිසාවෙන් පියවර නොගන්නා බවක් මහේස්ත්‍රාත්වරයා පවසා ඇතැයි ද වාර්තාවන අතර අපට විමසන්නට ඇත්තේ ඒ කුමන නීතියක් ද කියා ය. කිවිසුමක් යාම අධිකරණයට අපහාස කිරීමක් නම් උත්තරීතර අධිකරණය සහ නීතිය අභියෝගයට ලක් කිරීම වරදක් නොවන්නේ කෙසේදැයි මේ උගත් විනිසුරන් අපට පෙන්වා දිය යුතු ය. නීතිය සැමට සමාන සහ සාධාරණ නම් මේ කලහකාරී අබබ්බ භික්ෂුවට එරෙහිව නීතිය එවේලේමෙ ක්‍රියාත්මක නොවූයේ ඇයි දැයි අපි ප්‍රශ්න කරමු.