අධිකරණය සහ නීතිය අභියෝගයට ලක් කරමින් ඊයේ හෝමාගම අධිකරණයේ දී කටයුතු කළ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර අද දින රිමාන්ඩ් බන්ධනාගාර කර ඇත. ඒ අද සිට පෙබරවාරි 09 වැනිදා දක්වා දින 14කට ය.
නීතිය පිළිබඳව මහජනයාට වන විශ්වාසය රැකෙන්නට එය පියවරක් ලෙස සඳහන් කළ යුතු ය. කෙසේ වෙතත්, ඥානසාර ගෝලයන් ද උසාවි භූමියේ යකා නැටූ බව තොරතුරු ලැබේ. ගොඩනැගිල්ලක්, පංති කාමරයක්, ආචාර්යවරයෙක් දිනාගන්නට පෙළපාලි එන සරසවි සිසුන්ට එසවෙන බැටන් පොල්ලත්, එල්ලවෙන ජල ප්‍රහාරයත් නීතිය එරෙහිව අවනීතිය ස්ථාපිත කරන්නට යන මේ අබබ්බයන්ට එරෙහිව ක්‍රියාත්මක නොවන්නේ ඇයි දැයි අපි නොදනිමු.
පුවත් සිරස්තලවල යටට ම බැස සිටි ඥානසාරට නම් දැන් සැනසුම් සුසුමක් හෙළෙන්නට ඇත.
Loading...