ඥානසාර හිමි අත්අඩංගුවට!

Spread the love

Gnanasaraබොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අද (25) හෝමාගම මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර ඇත.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධ නඩුව අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාග විය. මෙම හිමිනම උසාවි භූමියේ දී ම, ප්‍රගීත්ගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට බැණ තර්ජනය කර ඇති බව පැමිණිල්ලේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ ය. අධිකරණයට අපහාස කිරීම යන චෝදනාව මතයි මේ අත්අඩංගුවට ගැනීමේ නියෝගය නිකුත් වී ඇත්තේ.

ව්‍යස්ථා ප්‍රතිපාදන අනුව බුදු දහමට හිමි ව ඇති තැන වැරදි ලෙස නිර්වචනය කරගෙන ඇති දැ යි සැක සිතෙන තරමට පසුගිය කාලයේ බුද්ධ චීවරය හෙවත් අර්හත් ධජය පිරිහෙළනු ලැබුවේ අබබ්බ මහණුන් විසිනි. පොලිස් නිල ඇඳුම යනු චණ්ඩිකමට බලපත්‍රයක් නොවනවා සේ ම බුද්ධ චීවරය යනු නීති ප්‍රතිපාදනවලට ඉහළින් ඉන්නට බලපත්‍රයක් නොවේ. චීවරය දරා සිටීම යනු නීතිය ක්‍රියාත්මක නොකරන්නට නිදහසට කරුණක් ද නොවේ. ඉස්ලාම් මවිලවිවරුන්ට සහ ක්‍රිස්තියානි පූජකවරුන්ට ද එසේ ම ය.

RSL

Related Posts