තෙල් මිල අඩු නොකර ඉන්න – ආණ්ඩුවට ලැජ්ජ නැද්ද?

Spread the love

oilයහපාලන රජය පත් වී ජනතාවට ආර්ථික වශයෙන් ගෙන ආ කිසිදු සහනයක් නැත. කිසිදු පාරිභෝජන භාණ්ඩයක මිල අඩු වූයේ නැත. ගැසට් නිවේදන නිකුත් කළාට බඩු මිල අඩුවන්නේ නැත. අඩුවට දෙන්නට හැකි දෙයක්වත් දෙන්නට මේ ආණ්ඩුවට වුවමනාවක් නැත. ඒ ගැන කතා කරන්නට ද කිසිවෙක් නැත. මේ ගැන කතා කරතැයි සිතෙන වාම දේශපාලන පක්ෂවලින් විමසූ විට ඔවුන් සිටින්නේ, “ඡන්දෙ දුන්නානම් ප්‍රතිඵල බාර ගන්න” කියන තාලෙට ය. නැත්නම්, සියල්ල හරහා ආණ්ඩුව අර්බුදයට යන තෙක් ය.

ලෝක වෙළෙඳපොලේ තෙල් මිල වාර්තාගත අන්දමින් පහළ ගොසිනි. වාර්තා පළවන ආකාරයට 50% කින් බොරතෙල් මිල අඩු වී ඇත. බොර තෙල් මිල වැඩි වී නම් එයට දෙගුණයක් මිල වැඩි කරන්නට පසුබට නොවෙන ආණ්ඩුව මිල අඩු කිරීම ගැන වගේ වගක් නැත. සුදු අලි වැනි පාඩු ලබන රාජ්‍ය ආයතන එතැනින් ගොඩට ගැනීම ආණ්ඩුවේ වගකීම ය. ජනතාවට දිය හැකි සහන ලබා නොදී ඒවා කප්පාදු කරමින් මෙලෙස කිරීම විලි ලැජ්ජා නැති වැඩකි.

තෙල් මිල අඩු කරන්නැයි රජයට බල කළ යුතු ය!

RSL

Related Posts