අයියෝ සෝමවංශ!
සෝමවංශ පප්පා යනු හිටපු ජ.වි.පෙ. නායකයා ය. එතරම් සංවිධානාත්මක යැ යි ද, එතරම් විනයක් සහිත යැ යි ද කියාගන්නා ජ.වි.පෙ. මෑතක් වනතුරු තම නායකයාව සිටි මේ පුද්ගලයාගේ පරාභවය ගැන කියන්නේ කුමක් දැ යි අපි අසමු. නිර්ධන පංති ව්‍යාපාරයක ඕනෑ ම මොහොතක පැන නැඟිය හැකි සුළු ධනේශ්වර මතවාදය මේ යැ යි කියා නම් නොකියන්නැ යි අපි ජ.වි.පෙ.ට කියමු. සෝමවංශ පප්පා 88-89 …
Continue Reading
විමල්ට තුම්මුල්ලෙන් ප්‍රශ්නයක්!
හිටපු අමාත්‍ය ජා.නි.පෙ. නායක විමල් වීරවංශ ඇතුළු පිරිසක් අද අලුත් කඩේ අධිකරණය වෙත කැඳවා තිබේ. එයට හේතුව තුම්මුල්ල හංදියේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීම බව වාර්තා වෙයි. ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳව මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරටට පැමිණි අවස්ථාවේ එකී කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතාවය පැවැත්වීයැ යි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත. විමල් වීරවංශ, …
Continue Reading
මහීපාල හේරත් ඒකාබද්ධ රැළියට සෙනග අැද්දේ ජනතා මුදලින්!
මහින්ද රාජපක්ෂ රජය සමයේ ඔවුන්ගේ රැස්වීම් සඳහා සෙනඟ ඇදීමට භාවිතා කරනු ලැබුවේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ ය. විවිධ උපක්‍රම මගින් මුදල් නොගෙවා මෙලෙස ලබා ගත් බස්රථවලට අරක්කු සහ බත් පැකට් ද දවසේ වැටුපට සමාන මුදලක් ද ගෙවා ගම්වල මිනිසුන් උක්ත රැළිවලට ගෙන්වා ගත් බව ප්‍රකට තොරතුරකි. එවන් ජනතා මුදල් පහත් ලෙස කාබාසිනියා කරන පන්නයේ වැඩ තවමත් නතර …
Continue Reading
රාජපක්ෂලාගේ පාරේ යන රණතුංගලා!
වරාය සභාපති සේ ම වරාය අැමැතිගේ සොයුරු ධම්මික රණතුංග ඊයේ උසාවියේ දී මාධ්‍යවේදීන්ට මරණ තර්ජනය කරන අයුරු මුළු රට ම දැක්කේ ය. මේ වාහෙලා හිතා ඉන්නේ කවුරුන් කියා දැ යි අපට ප්‍රශ්නයක් ඇත. ගොබ්බයෙක් වන මේ ධම්මික රණතුංග, තම ඇමැති සොයුරාගේ හයිය මත දේශපාලනයෙන් වරාය සභාපති වූ අතර සිය ගොබ්බකම ඊයේ එලෙස රටට ම පෙන්වාලූයේ ය. මේ සෝයුරු කැළ කෙසේ …
Continue Reading
ලක්ෂමන් යාපා අල්ලස් අරගෙන?
ලක්ෂමන් යාපා අබේවර්ධන යනු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ද යෙහෙන් වැජඹුණු ඇමැතියෙකි. හේ දැන් යහපාලනයට එක් ව ඇමැතිකමක් දරන්නේ ය. නමුත් ජනතාව නම් ඔහුව තෝරා පත් කර පාර්ලිමේන්තුවට එවන්නට කැමැත්තක් නොදැක්වූ අතර පිනට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආවේ ය. ඇවිත් දැන් ඇමැතිකමක් ද දරයි. නමුත්, ඔහු පසුගිය ආණ්ඩුවේ ඇමැතිවරයෙක් ව සිටි සමයේ තමාට අයත් ආයෝජන මණ්ඩලයේ තිබෙන මුදලක් නිදහස් කිරීමට රුපියල් ලක්ෂ …
Continue Reading
චාමර.. ඇයි චාමර මේ?
ඌව පළාත් සභාවට අයත් ස්ථාවර මුදල් තැන්පතුවක් කල් පිරීමට ඉතා ආසන්නයේ තිබිය දී පළාත් මහඇමතිවරයා හිතුවක්කාරී ලෙස එය ආපසු ලබා ගැනීම නිසා පළාත් සභාවට ලැබිය යුතු ව තිබූ රුපියල් කෝටියකට වඩා වැඩි පොලි මුදලක් අහිමි ව ගොස් ඇත. පළාත් සභාවේ සභාපති ඒ. එම්. බුද්ධදාස විසින් මේ මුදල් වෙනත් බැංකුවකට මාරු කිරීම තහනම් කරමින් නියෝගයක් ලබා දී තිබිය දී මහඇමතිවරයා තම …
Continue Reading
අමරවීරගෙන් ඒකාබද්ධ විපක්ෂයට කොළ එළියක් – අපෙන් රතු එළියක්!
ඊයේ දිනයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අභිනව මහලේකම් මහින්ද අමරවීර එක් ව සිටියේ ය. එහි දී ඔහුගේ මුලු මැදිහත්වීම ම ඒකාබද්ධ විපක්ෂය යනුවෙන් හඳුන්වාගන්නා කණ්ඩායම ඉලක්ක කරගත්තක් බව පෙනී යයි. එහි දී විමල්ලාට, ගම්මන්පිළ(ලා)ට සන්ධානයේ ඉඩ ඇති බව ද කියන්නට හේ පසුබට නොවුණේ ය.එෆ්.සී.අයි.ඩී ය විසුරුවන්නට අවශ්‍යදැ යි පුළුල් සමාලෝචනයක් කරන බව ද කීවේ ය. ජනතාව ඡන්දය දී …
Continue Reading
හර්ෂගේ හදිසිය!
හර්ෂ ද සිල්වා යනු ආර්ථික විශේෂඥයෙක් යැ යි හඳුන්වනවා අසන්නට ලැබේ. හර්ෂලා විපක්ෂයේ ඉන්නා කාලයේ හිටියේ පුදුමාකාර ආර්ථික ඇම්මකිනි. ඇමති පට්ටමක් හම්බු වී ආණ්ඩු පක්ෂයට වූ දා සිට නැතිව තිබුණු හර්ෂගේ සද්දය ඇසුණේ ඊයේ ය. ලෝක බැංකු ප්ලග් ගැන විමල් වීරවංශලාට කෝචොක් කරපු හර්ෂලාට ආර්ථිකයට මේං කියා කිසි ම දෙයක් කොරන්නට නොහැකි වූ අතර ඉතිහාසයේ අඩුම මිලට ලෝක වෙළඳපලේ තෙල් …
Continue Reading
රිය අනතුර ගැන පාඨලීගෙන් ප්‍රශ්න කරයි?
පසුගිය දා රාජගිරිය සරණ මාවත අසල දී, 24 හැවිරිදි තරුණයෙකුට බරපතල තුවාල සිදු වුණු රිය අනතුර සම්බන්ධයෙන් ඇමැති පාඨලී චම්පික රණවකගෙන් ප්‍රශ්න කිරීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි. එම අවස්ථාවේ රථය පදවාගෙන ආවේ අමාත්‍යවරයා ම ය යනුවෙන් නැගෙන චෝදනාව නිසා මෙලෙස ප්‍රශ්න කරන්නට යන බව සැලයි. සාමාන්‍යයෙන් මෙරට පවතින කුප්‍රකට සම්ප්‍රදායක් වන්නේ, යම් වරදක් සිදු කළ තැනැත්තා වෙනුවට වෙන අයෙකු …
Continue Reading
ලැසිල් ඉවත් කළේ බැසිල් නිසා ද? ඇමැති බානකගේ බලපෑමකට ද?
බරපතළ දූෂණ සහ වංචා සෙවීම පිළිබඳ ජනාධිපති කොමිසමේ ලේකම්වරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් මතයන් දෙකක් පැතිර යමින් තිබේ. බේරුම්කරණ මධ්‍යස්ථානයක් වෙනුවෙන් මිලියන ගණනක් ගසා කෑවෙකු සහ රටේ සහල් අතිරික්තයක් තිබිය දී පිටරටින් සහල මෙට්‍රික් ටොන් දහස් ගණනක් ගෙන් වූ අයෙකු මේ සඳහා මැදිහත්ව ඇත්තේ ඔවුනට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිලි විභාග කිරීමට කිරීමට සූදානම් වූ නිසා ඔවුන්ගේ බලපෑම මත කොමිසමේ ලේකම් ලැසිල් …
Continue Reading