අමරවීරගෙන් ඒකාබද්ධ විපක්ෂයට කොළ එළියක් – අපෙන් රතු එළියක්!

Spread the love

mahindamae

ඊයේ දිනයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අභිනව මහලේකම් මහින්ද අමරවීර එක් ව සිටියේ ය. එහි දී ඔහුගේ මුලු මැදිහත්වීම ම ඒකාබද්ධ විපක්ෂය යනුවෙන් හඳුන්වාගන්නා කණ්ඩායම ඉලක්ක කරගත්තක් බව පෙනී යයි.

එහි දී විමල්ලාට, ගම්මන්පිළ(ලා)ට සන්ධානයේ ඉඩ ඇති බව ද කියන්නට හේ පසුබට නොවුණේ ය.එෆ්.සී.අයි.ඩී ය විසුරුවන්නට අවශ්‍යදැ යි පුළුල් සමාලෝචනයක් කරන බව ද කීවේ ය.

ජනතාව ඡන්දය දී ජනපතිවරයා පත් කළේ, මිලියන 2990ක් වැනි ප්‍රමාණවලින් ජනතා මුදල් වංචා කළ හොරුන් අල්ලා දඬුවම් දීමට මිස දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ඩීල් ගසන්නට නොවේ.

මහින්ද අමරවීර ඔබ හොරුන්ට කොළ එළි දල්වන්න! අපි ඔබට රතු එළි දල්වමු!

RSL

Related Posts