ලක්ෂමන් යාපා අල්ලස් අරගෙන?

Spread the love

lakshman

ලක්ෂමන් යාපා අබේවර්ධන යනු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ද යෙහෙන් වැජඹුණු ඇමැතියෙකි. හේ දැන් යහපාලනයට එක් ව ඇමැතිකමක් දරන්නේ ය. නමුත් ජනතාව නම් ඔහුව තෝරා පත් කර පාර්ලිමේන්තුවට එවන්නට කැමැත්තක් නොදැක්වූ අතර පිනට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආවේ ය. ඇවිත් දැන් ඇමැතිකමක් ද දරයි.

නමුත්, ඔහු පසුගිය ආණ්ඩුවේ ඇමැතිවරයෙක් ව සිටි සමයේ තමාට අයත් ආයෝජන මණ්ඩලයේ තිබෙන මුදලක් නිදහස් කිරීමට රුපියල් ලක්ෂ 10ක අල්ලසක් ලබා ගත් බව පවසමින් එක්තරා සමාගම් අධ්‍යක්ෂවරයෙක් වත්මන් ආයෝජන මණ්ඩල සභාපති උපුල් ජයසූරියටත් විෂය භාර අමාත්‍ය කබීර් හෂීම්ටත් ලිපි මගින් දැනුම් දී ඇත. එම චෙක්පත මාරු කර ඇත්තේ රත්නායක නමැති ලක්ෂ්මන් යාපාගේ කාර්යමණ්ඩලයේ සේවය කළ අයෙකි. එය ලියා තිබෙන්නේ ද ඔහුගේ නමට ය.

බොහෝ මහින්ද රෙජිමයේ ඇමැතියන් මෙලෙස වත්මන් ආණ්ඩුව සමඟ එක් වීමට මෙවැනි හේතු ද බලපෑ බව කවුරුත් දන්නා කරුණකි. මේ චෝදනාව සරල නැත. ඉතා බරපතල චෝදනාවකි. මේ ගැන ක්‍රියාත්මක වී ඇත්ත නැත්ත සොයා බලා නීතියට අනුව කටයුතු කිරීම වගකිවයුතු අංශවල වගකීමකි. එසේ නොවන්නේ නම් මෙයට යහපාලන ආණ්ඩුව යැ යි කීම නවතාලිය යුතු ය.

RSL

Related Posts