2020 ජනපතිවරණ, මහමැතිවරණ ජය මහින්දට! The economist සමීක්ෂණ වාර්තාව මෙවර යථාර්තයක් වේද..?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙනු ලබන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2020 ජනාධිපතිවරණය ජයගන්නා බව ඉකොනොමිස්ට් ඉන්ටලිජන්ට්ස් යුනිට් සමාගම විසින් නිකුත් කළ සමීක්ෂණ වාර්තාවකින් දක්වා තිබේ. එම සමීක්ෂණ වාර්තාව දක්වන ආකාරයට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ යම් බලවේගයක් තිබුනද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීම නිසා එම බලය ක්‍රම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව සඳහන් වේ. ශ්‍රී …

Continue Reading

මේ කුඩු ජාවාරම පිටුපස ඉන්නේ ආණ්ඩුවේ ඇමැතිවරුයි

“මරණ දඬුවම” ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ සිදු කිරීම මහ බැංකු බැඳුම්කර හොරකම ක්‍රමානුකූලව ජනතා හදවත්වලින් ඉවත් කරගෙන යෑමේ වැඩපිළිවෙළේ තවත් එක් අදියරක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන පැවැසීය. ආණ්ඩුවට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ශක්තියක් නැති බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය. ඊයේ (18දා) බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් මෙසේද කීය. ඊයේ මේ ආණ්ඩුවේම ඇමැතිවරයෙක් …

Continue Reading

තෙල්මිල ගැන මහින්ද රාජපක්ශ මහතා කියන්නේ බොරු බේගල්- මංගල

තෙල් මිල ගැන බොරු බේගල් කියමින් හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවට අභූත චෝදනා නගන්නේ යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ මුදල් අමාත්‍යාංශයේ අද (13) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. මහින්ද රාජපක්ෂ මහතා සුපුරුදු පරිදි පඳුරු අස්සේ ඉඳගෙන ආණ්ඩුවට ගල් ගසන්නේ යැයිද එහිදී මංගල සමරවීර මහතා කීවේය. එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මංගල සමරවීර මහතා මෙසේද පැවසීය ‘‘හිටපු මුදල් …

Continue Reading

විනය කැඩු ප්‍රසන්න රණවීර සදුදා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට

මැතිසබයේ සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ දරන ලදැයි චෝදනා ලබා සිටින ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාට සඳුදා (16) පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පැවසුවේ සිද්ධිය පිළිබඳව වරප්‍රසාද කමිටුව තමා වාචිකව කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවයි. රටේ මහත් ආන්දෝලනයට …

Continue Reading

ඒකාබද්ධ විපක්ෂ මැයි රැළිය කොට උඩ!

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය පැවැත්වීමට නියමිත ව තිබූ කිරුළපන ශාලිකා ක්‍රීඩාංගනයට ඔවුනට දින 14ක් සඳහා ඇතුල්වීම තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත. මේ නිසාවෙන් ජාතිවාදී ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය අනාථ ව ගොස් ඇති බව දැනගන්නට තිබේ. මෙවැනි තත්ත්වයක් උදා කර ගැනීම වෙනුවෙන් ම ඔවුන් ක්‍රියා කරන ලදැ යි ද සමහරු මත පළ කරති. ශාලිකා ක්‍රීඩාංගනය මොවුන් වෙන් කරගෙන තිබෙන්නේ, …

Continue Reading

විමල් සහ ගම්මන්පිල ඉවරයි!

ඒකාබද්ධ විපක්ෂය කියාගන්නා පිරිසේ ප්‍රධානත ම දෙබාන වූ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිලට යන එන මං නැති ව ගොස් ඇතැ යි වාර්තා වෙයි. ජාතිවාදය උත්කර්ෂයට නංවමින් මහින්ද රාජපක්ෂ හරහා තම බල සිහිනය සැබෑ කරගන්නට උත්සාහ දැරූ මේ පිරිස, දැන් තිරයෙන් පිටුපසට විසි වී ඇතැ යි දැනගන්නට ඇත. එයට හේතුව වී ඇත්තේ, ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම වෙත බැසිල් රාජපක්ෂගේ ආගමනය යි. විමල් …

Continue Reading

පාඩුව රු. ලක්ෂ 3650.21 – ජනතා මුදල් ගිලින බහිරවයෙක්!

ශ්‍රී ලංකාවේ ජනතා මුදල් ගිල දමන බහිරවයන් අතර ඉදිරියෙන් ම සිටින බහිරවයෙක් ලෙස, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැක්විය හැකි ය. ඛනිජ තෙල් සංස්ථාව මේ වන විට රුපියල් ලක්ෂ 3650.21ක ලාබයක් ලබමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි. මෙරට පවතින වත්මන් දේශපාලනයේ අවලස්සන ම කටයුත්තක් වන කිසිදු සුදුසුකමකින් තොර දේශපාලන හෙංචයියන් රාජ්‍ය ආයතනවලට රිංගවීම ඉතා සරුවට සිදු කළ ස්ථානයකි, මේ ඛනිජ …

Continue Reading

අර්ජුනට වරාය ඇමැතිකම නැති වෙයි ද?

පසුගිය දා වරායේ සේවකයන් උපවාසයක් ආරම්භ කළේ, අවුරුදු අත්තිකාරම් ලබා නොදීම සහ වෙනත් ඉල්ලීම් කිහිපයක් ද වරාය ඇමැති අර්ජුන රණතුංග සහ එහි සභාපති ඔහුගේ සොයුරා ඉවත් කරන ලෙස ද ඉල්ලා සිටිමිනි. මේ තත්වය සම්බන්ධයෙන් අදාළ වෘත්තිය සමිති නියෝජිතයන් සහ අගමැතිවරයා අතර සාකච්ඡාවක් ඊයේ (11) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. එහි දී අවුරුදු අත්තිකාරම් ඇතුළු අනෙක් ඉල්ලීම් අගමැතිවරයා විසින් ලබා දීමට පොරොන්දු …

Continue Reading

කදිරගාමර් ඝාතනය පසුපස කොටින්ට සල්ලි දුන් අය?

අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය දා පාර්ලිමේන්තුවේ දී බරපතල ප්‍රකාශ සහිත කථාවක් කළේ ය. එහි දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට ඔහු ඍජුව චෝදනා කිහිපයක් ඉදිරිපත් කළේ ය. එහි දී ආවේගයෙන් මෙන් ඔහු දැක්වූ අදහස් අතර, මෙරටින් බිහිවූ විශිෂ්ට දේශපාලනඥයෙක් සහ අතිවිශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ඝාතනය ගැන පළ කළ අදහස් අතිශය වැදගත් ය. 2005 අගෝස්තු මස දී …

Continue Reading

සෝභිත හිමිගේ මරණ පරික්ෂණය සිදු නොකළේ ඇයි?

අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදු කර නැතැයි වාර්තා වෙයි. මේ බව දැනගන්නට ලැබුණේ පසුගිය දා උඩුවේ ධම්මාලෝක හිමි විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පරික්ෂණ පවත්වන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ය. මෙලෙස සෝභිත හිමියන්ගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදු නොකිරීම සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය …

Continue Reading