ඡාවාරම්කරුවන් සමඟ වැඩ කළ කටුගස්‌තොට පොලිසියේ 65ක් එකවර මාරු

කටුගස්‌තොට පොලිසියේ නිලධාරීන් රැසක්‌ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ පුද්ගලයන් සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවට හා පැමිණිලි සටහන් කරගැනීමට පැමිණෙන ඇතැම් පුද්ගලයන්ගෙන් මුදල් ලබා ගන්නා බවට ලැබුණු චෝදනා මත ඒ පිළිබඳ විමර්ශන කටයුතු සිදුකිරීම පහසු කිරීම සඳහා එකවර නිලධාරීන් 65 දෙනකු මාරුකර යෑවීමට පියවර ගත් බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්‌පති මහින්ද ඒකනායක මහතා පවසයි. මෑත ඉතිහාසයේ මහනුවර …

Continue Reading

නැති වැරදි පටලවමින් අල්ලස් ගන්නා ට්‍රැෆික්‌ පොලිස්‌ අල්ලන්න වෙනම දැලක්‌

රියැදුරන්ට නැති වැරදි පටවමින් ඔවුන් අපහසුතාවට පත්කර අල්ලස්‌ මුදල් ලබා ගැනීමට උත්සාහ කරන රථවාහන අංශ ඇතැම් පොලිස්‌ නිලධාරීන් පිළිබඳ තොරතුරු වහාම තමන්ට දැනුම් දෙන ලෙස පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා ඉල්ලා සිටී. රියෑදුරන්ගෙන් අල්ලස්‌ ලබා ගන්නා පොලිස්‌ රථවාහන අංශ නිලධාරීන් අල්ලා ගැනීමට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස්‌ කණ්‌ඩායම් යෙදවීමේ වැඩපිළිවෙළක්‌ මේ වන විටත් ක්‍රියාත්මක කරගෙන යන බව පොලිස්‌පතිවරයා කියා සිටී. මේ පිළිබඳව …

Continue Reading

පොලිසියෙන් දඩ වෙනුවට හෙට සිට තෑගි..!

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සංකල්පයකට අනුව නීතිගරුක හා විනයගරුක රිය පදවන රියදුරන් හඳුනාගැනීමේ විශේෂ වැඩසටහනක් හෙට සිට කොළඹ නගරයේ ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. ඒ අනුව හෙට(18) සිට සති කිහිපයක් පුරා කොළඹ නගරයේ ස්ථාන කිහිපයක පොලිස් නිලධාරීන් යොදවා රියදුරන් නිරීක්ෂණය කිරීම සිදුකෙරෙන අතර හඳුනාගත් රියදුරන්ට ප්‍රශංසනාත්මක ස්ටිකරයක් සහ ත්‍යාග ලබාදීමට නියමිතය. මීට පෙර මෙම වැඩසටහන අගෝස්තු …

Continue Reading

පොලිසිය විහාරමහාදේවි උද්‍යානයේදී සිසුන් සමඟ සටන් වදී; සිසුන් 15ක් රෝහලේ(Video)

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ පිහිටි සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහිව අන්තර් විශ්වවිදාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතා පාගමන විසිරුවා හැරීමට පොලීසිය අද පස්වරුවේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේ ය. පොලිස් ප්‍රහාරය හේතුවෙන් සිසුන් 15දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් තවත් සිසුන් 10දෙනෙකු පොලීසිය විසින් ඉති අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගත් බවත් වාර්තා වේ. සිසු පාගමන නැවැත්වීම …

Continue Reading

අනවසරෙන් විවාහ වුණු පොලීසියේ 149 නැවත සේවයට

ආධුනික පොලිස් සේවා කාලය තුළ විවාහවීම හේතුවෙන් රැකියාව අහිමි වූ 149 දෙනෙකු නැවත සේවයේ පිහිටුවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. ශ්‍රී ලංකා පොලිස් සේවයට ආධුනික නිලධාරීන් ලෙස බදවාගන්නා නිලධාරීන්ට වසර 03 කාලයක් යන තෙක් විවාහ වීමට අවසර ලබා නොදෙන බව සඳහන්ය. ආධුනික කාලය තුළ විවාහ වීම හේතුවෙන් පත්වීම් අවලංගු කල පොලිස් නිලධාරීන් 149 දෙනෙකු නැවත සේවයේ පිහිටුවීම …

Continue Reading

පොලිසිය කලකට පසු පෙර පුරුදු දඩයමක!

පැවති රාජපක්ෂ රෙජීම අඳුරු පාලන කාලය තුළ නිරන්තරයෙන් ශ්‍රී ලංකා පොලිසිය තුළින් වාර්තාවුණු , සැඟවුණු ආයුධ සෙවීමේ ඝාතන සහ සිරමැදිරිය තුළ පහර කා මිය යෑමේ සිද්ධීන් වල යළි ඇරඹුමක් අද පෑලියගොඩ පොලීසියේ අපරාධ අංශය මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිසිය තුළදී පහර කා මිය යාමේ සිද්ධියක් සමඟින් වාර්තාවේ. ඊයේ(25) පස්වරුවේ පෑලියගොඩ පොලීසියේ අපරාධ අංශය මගින් කඩුවෙල නවගමුව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි …

Continue Reading

පොලිස් මාධ්‍ය ඒකකයට මොකද වුණේ..?

නව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පත්වීමත් සමඟම අත්හිටවූ පොලිස් මාධ්‍ය ඒකකය යලි ක්‍රියාත්මක නොවන බවට වාර්තා වේ. ඒ වෙනුවට පොලිස් මහජන කොට්ඨාශය බල ගැන්වෙන බවට නිතිය හා සාමය අමාත්‍යංශයේ ආරංචි මාර්ග වාර්තා කරයි. කෙසේ නමුත් පොලිස් මාධ්‍ය ඒකකය යනු ශ්‍රී ලංකා පොලිසියට අනුබද්ධව තිබූ නිල ඒකකයක් නොවන අතර යුධ සමයේ ආරක්ෂක තොරතුරු පාලනය කිරීමට මෙම ඒකකය පිහිටුවා තිබේ. ඒ අනුව …

Continue Reading

පොලිසිය ‘ආවා ගෲප්’ වටලයි

දකුණු ඉන්දීය දෙමළ චිත්‍රපට අනුකරණය කරමින් අධිවේගී යතුරුපැදිවලින් ගොස්‌ කොල්ලකෑම්, කප්පම් ගැනීම් කපාකොටා තුවාල කිරීම් ඇතුළු දරුණු අපරාධ සිදුකරමින් මුළු යාපනය අර්ධද්වීපයම භීතියට පත් කරගෙන සිටි “ආවා ගෲප්” සන්නද්ධ කණ්‌ඩායම යාපනය පොලිසිය මගින් ඊයේ (09 වැනිදා) අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කිත්සිරි ජයලත් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් පාතාල අපරාධකරුවන් අතර ආවා ගෲප් …

Continue Reading

පොලිසිය නැතත් CCTV වලින් කොටුකර ගැනීම අද සිට

කොළඹ නගරයේ ස්‌ථාන 30 ක පමණ සවිකර ඇති සීසීටීවී කැමරා 100 කට අධික ප්‍රමාණයක්‌ ආධාරයෙන් රථවාහන වැරදි සිදුකරන රියෑදුරන්ට එරෙහිව අද (04) සිට නඩු පවරන බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. මීට අමතරව පොලිසියේ ජංගම වෑන් රථවල සවිකර ඇති සීසීටීවී කැමරාවල පටිගත වන දර්ශන ආධාරයෙන් ද රථවාහන වැරදි සිදුකරන රියෑදුරන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට පියවර …

Continue Reading

රෝහිත අබේගුණවර්ධන අත්අඩංගුවට නොගන්නේ ඇයි?

පසුගිය දා පයාගල ප්‍රදේශයේ සිදු වූ සිදුවීමකින් අනතුරුව රෝහිත අබේගුණවර්ධන සහ ඔහුගේ සහචරයන් විසින් එක්තරා පුද්ගලයෙකුට කළ පහරදීමකින් ඔහු බරපතළ ලෙස තුවාල ලබා රෝහල්ගත කර ඇත. මේ සිදුවීම මාධ්‍ය කිසිවකින් වාර්තා නොකළේ ඇයි දැ යි අපි නොදනිමු. එවැනි සිදුවීම් කෙරෙහි ප්‍රාදේශීය මාධ්‍යවේදීන් නිහඬ කරන ක්‍රම ගැන ද අපි දනිමු. ප්‍රශ්නය ඇත්තේ, පහර කෑ පුද්ගලයා රෝහල්ගතව සිටියදීත්, ඔහු රෝහිත අබේගුණවර්ධන තමන්ට …

Continue Reading