පොලිසිය නැතත් CCTV වලින් කොටුකර ගැනීම අද සිට

Spread the love

SL-Police-CCTV-controllingකොළඹ නගරයේ ස්‌ථාන 30 ක පමණ සවිකර ඇති සීසීටීවී කැමරා 100 කට අධික ප්‍රමාණයක්‌ ආධාරයෙන් රථවාහන වැරදි සිදුකරන රියෑදුරන්ට එරෙහිව අද (04) සිට නඩු පවරන බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

මීට අමතරව පොලිසියේ ජංගම වෑන් රථවල සවිකර ඇති සීසීටීවී කැමරාවල පටිගත වන දර්ශන ආධාරයෙන් ද රථවාහන වැරදි සිදුකරන රියෑදුරන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට පියවර ගන්නා බව ද හෙතෙම කීය.

ඊට අමතරව සුපුරුදු පරිදි මාර්ගයේ යොදවා සිටින රථවාහන පොලිස්‌ නිලධාරීන් ද රථවාහන වැරදි සිදුකරන රියෑදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇති බවද ඔහු පවසයි.

RSL

Related Posts