පොලිසිය කලකට පසු පෙර පුරුදු දඩයමක!

Spread the love

පැවති රාජපක්ෂ රෙජීම අඳුරු පාලන කාලය තුළ නිරන්තරයෙන් ශ්‍රී ලංකා පොලිසිය තුළින් වාර්තාවුණු , සැඟවුණු ආයුධ සෙවීමේ ඝාතන සහ සිරමැදිරිය තුළ පහර කා මිය යෑමේ සිද්ධීන් වල යළි ඇරඹුමක් අද පෑලියගොඩ පොලීසියේ අපරාධ අංශය මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිසිය තුළදී පහර කා මිය යාමේ සිද්ධියක් සමඟින් වාර්තාවේ.

ඊයේ(25) පස්වරුවේ පෑලියගොඩ පොලීසියේ අපරාධ අංශය මගින් කඩුවෙල නවගමුව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ පසුගිය 15වැනිදා වාහන සොරකමකට අදාළව අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු සිදුකළ අනාවරණයක් අනූවය.

ඊයේ පස්වරුවේ අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ගිනි අවියක් පෙන්වීමට ගිය අවස්ථාවේ ඔහු පළායාමට උත්සාහ ගෙන ඇති අතර එහිදී ඔහු හදිසියේ රෝගාතුර වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ඒ අනුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී අදාළ සැකකරු මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

කෙසේවෙතත් අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් අනාවරණය වුයේ මියගිය පුද්ගලයාගේ සිරුරේ අධික ලෙස තැලීම් පවතින බවත්, මෙම මරණය අධික ලෙස රුධිරය වාහනය වීමකින් හෝ ජලය නොමැතිකමින් ඇති වූ මරණයක් බව අදාළ අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් සිව්දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

RSL

Related Posts