හමුදා කඳවුරට පැන්න පිරිසක් ඉඩම් ඉල්ලති!

Spread the love

කිලිනොච්චි පරෙවිපංචාන් යුද හමුදා කඳවුරට ඇතුළු වූ පිරිසක්‌ යුද හමුදාව විසින් අත්පත් කරගෙන තිබෙන සිය ඉඩම් ආපසු ලබා දෙන මෙන් බලපෑම් කොට තිබේ.

මේ අවස්‌ථාවේදී යුද හමුදාව හා සාමාන්‍ය වැසියන් අතර, ඉතා උණුසුම් තත්ත්වයක්‌ හට ගෙන ඇති අතර, මේ පිළිබඳව තොරතුරු ලැබුණු කිලිනොච්චිය දිසාපතිවරයා ඒ ස්‌ථානයට පැමිණ තත්ත්වය සමථයකට පත් කොට තිබේ.

දිසාපතිවරයා හා යුද හමුදා ප්‍රධානියා මේ අවස්‌ථාවේදී සාකච්ඡා කොට ඇති අතර, සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් ඇත්නම් ඒවා නිදහස්‌ කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව එහිදී යුද හමුදා ප්‍රධානියා පවසා ඇත.

-දිවයින-

RSL

Related Posts