තාජුඩීන් නඩුව ඊළඟ මැතිවරණය තෙක් ඇදෙයි ද?

මෑත කාලෙයේ පුවත් වෙබ් අඩවි සහ විවිධ මාධ්‍ය විසින් වැඩිපුර ම වාර්තා කළ පුවතක් ඇත්නම් ඒ මෙරට සිටි දක්ෂත ම රගර් ක්‍රීඩකයෙක් වූ වසීම් තාජුඩීන්ගේ ම්ලේච්ඡ ඝාතනය යි. පසුගිය කාලය වන විට ඒ සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයෙක් වූ මේජර් තිස්ස ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව, නම් ගම් සහිත ව මාධ්‍ය වාර්තා පළ …

Continue Reading

යහපාලනයේ සුපිරි බිස්නස් මොළ ටික!

මහින්දගෙ වැරදි තක්කඩි ආර්ථික කළමණාකරණය ගැන රනිල් දුන්න පොර ටෝක් නිසා අපි හිතුවෙ මෙයා ආවොත් බිස්නස් නග්ගල මිනිස්සුන්ට සල්ලි උපයන්න මාර අවස්ථා ලැබිල ක්‍රය ශක්තිය හේම වැඩිවෙලා නිකන් මොකක්ද වගේ වෙයි කියල. දැන් අවුරුදු 2 තටත් ලඟයි නොවැ. පහලින් දක්වන්නේ සුපිරි යැයි සිතූ බිස්නස් මයින්ඩ් එකක් ඇත්තටම වැඩ කරපු විදිහ පෙන්වන්න. * තනි පුද්ගල සහ හවුල් ව්‍යාපාර සඳහා ප්‍රාදේශීය ලේකම් …

Continue Reading

හර්ෂණ රාජකරුණා වැඩ-කිඩ පෙන්වයි!

එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා විසින් පුද්ගලයෙකුට කළ පහරදීමක් රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. පසුගිය දා රාජකීය – තෝමස් විද්‍යාල අතර පැවැති ක්‍රිකට් තරඟය අතරතුර දී පෙර සිට හඳුනන අයෙක් විසින් මචං යහපාලනය කොහෙද යන්නේ? යැ යි ඇසූ පැනයකට කුපිතව අදාළ පැනය ඇසූ පුද්ගලයාට මේ මන්ත්‍රීවරයා සහ ඔහුගේ ඇම්බැට්ටයන් විසින් පහර දී ඇති බව දැනගන්නට ඇත. එම පුද්ගලයා මේ …

Continue Reading

බරපතළ වංචා දූෂණ සෙවීමේ කොමිසම පැමිණිලි භාර ගැනීම නවත්වයි!

බරපතළ වංචා දූෂණ සෙවීම පිළිබඳ ජනාධිපති කොමිසම පැමිණිලි භාරගැනීම මේ මස 24 වැනි දා අවසන් කිරීමට තීරණය කර ඇතැ යි රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. ඒ අනුව මහජන මුදල් අයථා පරිහරණය, කොමිස් අල්ලස් ගැනීම ආදිය සම්බන්ධයෙන් වන පැමිණිලි හා තොරතුරු 24 වැනි දා තෙක් පමණක් බාරගන්නට නියමිත ව තිබේ. මෙය යම් කුහුල දනවන තත්වයකි. මෙම කොමිසම තාවකාලික ආයතනයක් බව …

Continue Reading

නාමල්ගෙන් ප්‍රශ්න කළේ කෝටි 7ක කොමිස් කතාවක්!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් ඊයේ (17) දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ප්‍රශ්න කරනු ලැබුවේ, කෝටි 7ක කොමිස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බව රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. ලොව ප්‍රකට ඉන්දියානු සමාගමක් විසින් කොළඹ කොටුවේ ඉදිකරන සුපිරි හෝටලයක් සඳහා ලබා දී ඇත්තේ රජයේ ඉඩමකි. මේ ඉඩම ලබා දීමේ දී එවක රජයේ විවිධ පාර්ශ්වයන් විසින් මෙම සමාගමෙන් අල්ලස් ලබා ගෙන …

Continue Reading

එක්නැළිගොඩ නඩුව අහක යයි ද?

ඝාතනය කර දැමූ බව පැවසෙන වසර කිහිපයක සිට අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පිළිබඳ නඩුව සම්බන්ධ අවිනිශ්චිත තත්වයක් මතුව ඇතැ යි රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක විමසා ඇත්තේ ඝෘජු හෝ පර්යේෂණාත්මක සාක්‍ෂි නොමැතිව හා සාධනීය සාක්‍ෂි නොමැතිව නඩුව පවත්වාගෙන යන්න හැකියාවක්‌ ඇත්තේ ද යනුවෙනි. පරිකල්පන මත පමණක් මෙම නඩුව පවත්වාගෙන යා හැකි දැ යි ඔහු …

Continue Reading

ඝාතකයාට මරණ දඬුවම! සියල්ල අවසන් ද?

ගම්පහ බෙම්මුල්ල බදුවතුගොඩ පදිංචිකරුවකු වූ ඉලන්දාරි පේඩිගේ සමන් ජයලත් නැමැත්තාට අද දින අධිකරණයෙන් මරණ දඬුවම ලබා දෙනු ලැබුවේ සේයා සදෙව්මි නමැති දැරිය බරපතල ලිංගික අපයෝජනයට ලක් කොට, දූෂණය කොට මරා දැමීම යන චෝදනාවලට වැරදිකරු කරමිනු යි. මෙම සේයා නම් දැරිවියගේ ම්ලේච්ඡ ඝාතනය මෙරට ජනසමාජය අතිමහත් කම්පනයට පත් කළ සිදුවීමක් වූ අතර මෙහි දී අතිශය අමනෝඥ ලෙස ක්‍රියා කළ කොටදෙණියාව පොලිසිය …

Continue Reading

ඇමැති චම්පිකගේ දුරකතන වාර්තා පරික්ෂාවට!

පසුගිය දා රාජගිරිය සරණ මාවත අසල දී සිදු වූ රිය අනතුර පිළිබඳව කෙරන පරික්ෂණ සඳහා මහනගර ඇමැති පාඨලී චම්පික රණවකගේ දුරකථන වාර්තා පරික්ෂා කරන ලෙස අධිකරණය පොලිසියට නියෝග කර ඇත. මේ අනතුරෙන් තරුණයෙක් තුවාල ලබා දැනට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. එසේ තිබිය දීත් ඇමැතිවරයාගේ රියදුරා ඇප පිට නිදහස් විය. සී.සී.ටී.වී දර්ශන පරික්ෂා කිරීමේ දී ද පොලිසිය මන්දගාමීව කටයුතු කරනු …

Continue Reading

උඩුවේ හිමිට ඇප නොගත්තේ දේශපාලන වාසියට?

නීති විරෝධීව වන අලි පැටියෙක් ළඟ තබා ගැනීමේ වරදට සැකපිට අත්අඩංගුවට ගත් උඩුවේ ධම්මාලෝක හිමියන්ට ඇප ලබා ගැනීමට නීත්‍යානුකූල අවකාශ තිබිය දී ඇප නොගෙන සිටීම පිටුපස මහින්ද රාජපක්ෂගේ දේශපාලන වුවමනාව ක්‍රියාත්මක වී ඇති බවට මතයක් පළවෙයි. සාමාන්‍යයෙන් පොදු දේපළ පනත යටතේ සැකපිට අත්අඩංගුවට පත් වූවෙකුට ඇප ලබා ගැනීමේ හැකියාව තිබුණ ද උඩුවේ හිමි වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් දෙදෙනා අධිකරණයෙන් ඇප …

Continue Reading

විමලසිරිලාට විරුද්ධව කටයුතු ප්‍රමාද ඇයි?

විමලසිරි ගම්ලත් හෙවත් විමල් වීරවංශ හිටපු ඇමැතිවරයා සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු ලේකම් පී.එච්. විමලසිරි යන අයට විරුද්ධව ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් දිනපොත් මුද්‍රණය කිරීමක් පිළිබඳ චෝදනා එල්ල වූයේ ටික දවසකට කලිනි. රුපියල් මිලියින 14ක් හෙවත් ලක්ෂ 140ක් මේ හරහා ජනතා මුදල් අවභාවිත කරන ලද බව කියැවේ. මෙයට අදාළ ලිපිගොනුවත් ඉදිරි කටයුතු සඳහා නීතිපතිවරයා වෙත යවා ඇතැයි ආරංචි මාර්ග හෙළි …

Continue Reading