නීතිය රංජන්ව ලුහු බදී.. රංජන්ට චෝදනා පත්‍රයක්‌ හා ආඥවක්‌!

නිසුරු බහුතරයක්‌ දූෂිතයින් යෑයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයකින් උසාවියට අපහාසයක්‌ සිදු කර ඇති බවට ඉදිරිපත් වූ පැමිණිල්ලක්‌ උඩ උසාවියේ පෙනී සිටින ඔහුට භාරදීම සඳහා චෝදනාපත්‍රයක්‌ හා ආඥවක්‌ කෙටුම්පත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18 දා) නීතිපතිට නියෝග කළේය. ආඥව යනු උසාවියට අපහාසයක්‌ කිරිමේ වරදට දඩුවම් නොකිරීමට හේතු ඇත්නම් දන්වා සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට කරනු ලබන නියෝගයයි. …

Continue Reading

කවුදෝ බිඳින්නේ අත්තටු අනුර සේනානායකගේ?

වසිම් තාජුඩීන් ඝාතනය සම්බන්ධ ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් ම නුදුරු දිනවල දී අත්අඩංගුවට පත්වන්නට නියමිත බව වාර්තා වෙයි. ඒ අතර දැනට විශ්‍රාමගෙන සිටින ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඉදිරියෙන් ම සිටින අතර ඔහු මේ දිනවල නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට බණිමින් ම කාලය ගත කරන බව වාර්තා වෙයි. රාජපක්ෂ රෙජිමය සමයේ ඔවුන්ගේ සියලු අනීතික කටයුතු නීතික කරන්නට සට්ටඹිකම් කෙරූ අනුර සේනානායක …

Continue Reading

නීතිපතිට හුඟක් වැඩ ද?

පැහැරගැනීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවුණු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා පේමචන්ද්‍ර සම්බන්ධයෙන් වන නඩුවේ කටයුතු නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති අතර එය තවමත් ප්‍රමාද වන බව වාර්තා වෙයි. දැන් මාස ගණනක් ගත වුණත්, මේ සිදුවීමට අදාළ ඩිෆෙන්ඩර් රථය හිරුනිකා පේමචන්ද්‍රට අයිති එකක් බව තහවුරු වූවත් පරික්ෂණ අදාළ උපදෙස් පමා වීම නිසා නැවැතී ඇති බව පෙනෙයි. එමෙන් ම අත්අඩංගුවට ගත් 8 දෙනාට අදාළව සාක්ෂිකරුවන් …

Continue Reading

ලක්ෂ 650ක් රජයට පාඩු කරලා? හිටපු වරාය සභාපතිට නඩු!

වරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රම ඇතුළු තිදෙනෙකුට අධිකරණය ඊයේ සිතාසි නිකුත් කරන ලදී‍. ඒ වරාය සේවකයින් 319 දෙනෙකු 2014 ඔක්තෝබර් සිට ජනවාරී 7 තෙක් මැතිවරණ කටයුතු සඳහා යොදා ගනිමින් රජයට රුපියල් ලක්ෂ 650ක අලාභයක් සිදු කළැ යි කියන‍ චෝදනාව සම්බන්ධයෙනි. මහින්ද රාජපක්ෂ රෙජිමය පවත්නා සමයේ රාජ්‍ය ආයතන දේශපාලන කටයුතුවලට යොදා ගැනීම සාමාන්‍ය දෙයක් වූ අතර එය ප්‍රසිද්ධ රහසකි. …

Continue Reading

අල්ලස්, දූෂණ, වංචා පරික්ෂණ ප්‍රගතිය ගැන කොමිසම කියයි!

පසුගිය කාලයේ සිදු වූ අල්ලස් ගැනීම්, දූෂණ සහ වංචා ආදිය සම්බන්ධයෙන් දූෂණ විරෝධී පෙරමුණ විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණිලි බොහෝ ගණනක් ඉදිරිපත් කරනු ලැබිණි. එම පැමිණිලි සම්බන්ධයෙන් තමන් ගනු ලැබූ ක්‍රියාමාර්ග සහ ඒවායේ ප්‍රගතිය පිළිබඳව එම කොමිසම දූෂණ විරෝධී පෙරමුණ වෙත සමාලෝචන වාර්තාවක් එවා ඇත. ඒ අනුව එම පෙරමුණ ඉදිරිපත් කරන ලද පැමිණිලි බොහෝ ගණනක් සම්බන්ධයෙන් විමර්ශන …

Continue Reading

ඛනිජ තෙල් සංස්ථාවේ අමුතු සෙල්ලමක්!

ඛනිජ තෙල් සංස්ථාවේ මේ දිනවල අමුතු ආකාරයක සෙල්ලමක් ක්‍රියාත්මක වෙමින් යන බව වාර්තා වෙයි. දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන සැලසීම නමැති කඩතුරාවට මුවා වී ආයතන සංග්‍රහය සහ චක්‍රලේඛ සියල්ල උල්ලංඝනය කරමින් ඥාති/ හිතවත් සහ පාක්ෂික සංග්‍රහය උපරිම අන්දමින් ක්‍රියාත්මක වෙමින් යන බව අප පුවත් අංශයට වාර්තා වෙයි. වත්මන් කථානායක කරු ජයසූරියගේ හිටපු ලේකම්වරියක් බව කියන උදයවානි පෙරේරා යන අය ඛනිජ තෙල් …

Continue Reading

සෝභිත හිමි ගැන ප්‍රකාශයට උඩුවේ හිමිට වැඩ වරදින ලකුණු!

අපවත් වී වදාළ කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන් ඝාතනය කරන ලදැ යි පොල්හේන්ගොඩ ඇලන්මැතිණියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමියන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු ආරම්භ වී ඇත. නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක විසින් පොලිස්පතිවරයාට නියම කර ඇත්තේ, උඩුවේ හිමියන්ගෙන් කටඋත්තරයක් ගෙන ඒ පිළිබඳ පරික්ෂණ ආරම්භ කරන ලෙස ය. සෝභිත හිමියන්ගේ අපවත් වීමෙන් කලක් ගත වූ පසු හදිසියේ කරන …

Continue Reading

සෝභිත හිමි ඝාතන කතාව සත්‍යයක් ද? චීවරවල සහ මන්ත්‍රී වරප්‍රසාදවල සැඟවූ කුමන්ත්‍රණයක් ද?

අලි වංචාවකට හසු වී රිමාන්ඩ් බන්ධනාගාරතව සිට පැමිණි උඩුවේ ධම්මාලෝක හිමි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ වැනි කිහිප දෙනෙක් මෙරට ප්‍රසිද්ධ මාධ්‍ය හරහා මතු කළ කාරණාවක් වූයේ පසුගිය දා අපවත් වූ මාදුළුවාවේ සෝභිත හිමියන් ස්වභාවිකව මරණයට පත් වූවා නොව ඝාතනය කරන ලද බව යි. මෙය ඉතා බරපතළ ප්‍රකාශයක් වන අතර මෙරට සමාජය මෙය ඒ සා බරෙන් යුතු ව බාරගත්තේ නැත. …

Continue Reading

මුඛවිකාර චතුරට නඩු!

ලංකාවේ දේශපාලනයේ බොහෝ ප්‍රදේශයක් ආවරණය වනු ලබන්නේ මුඛ විකාර වලිනි. මුඛය පමණක් තිබුණ ද දේශපාලනයේ දී චරිතයක් වන්නට හැකි බව ඔප්පු කළ චතුර සේනාරත්න යහපාලනය නම් සංකල්පය මර්වින්කරණය කරන කිහිපදෙනාගෙන් කෙනෙකි. පොලිස් නිලධාරියෙකුට බැණ තර්ජනය කර, සාපරාධී බිය ගැන්වීමට එරෙහිව මුඛ විකාර චතුරට එරෙහිව ඊයේ (24) රාගම පොලිසිය විසින මීගමුව අධිකරණයේ දී නඩු පවරනු ලැබීය. කොහි හැටි වෙතත්, මෙවැනි අශිෂ්ටකම්වලට …

Continue Reading

ධම්මික රණතුංගට වෙන ම නීතියක් ද? විනිසුරු පොලිසියෙන් අසයි!

අමාත්‍ය අර්ජුන රණතුංගගේ සොයුරු, සහෝදර පදනමින් වරාය අධිකාරියේ සභාපති ධුරය දරන ධම්මික රණතුංග විසින් ඉකුත් දා අධිකරණයේ දී මාධ්‍යවේදින්ට තර්ජනය කිරීම පිළිබඳ නඩුව අද විභාගයට ගැනුණු අවස්ථාවේ මෙලෙස පොලිසියෙන් ප්‍රශ්න කරනු ලැබුවේ කොළඹ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය විසිනි. අශිෂ්ට ලෙස අධිකරණයේ දී හැසිරුණු සභාපතිවරයා වෙත අද රුපියල් ලක්ෂ 2 බැගින් ශරීර ඇප මත මුදා හරිනු ලැබුණු අතර මහේස්ත්‍රාත්වරයා ඔහුට දැඩිව අවවාද කළේ …

Continue Reading