පාර්ලිමේන්තුවේ ලක්ෂ 2000 ක වංචාවක්!

නිරපරාදේ ව්‍යවස්ථා දායක සභාවක් නිර්මාණය කොට එය වෙනම පවත්වාගෙන යෑම සඳහා මහජන මුදල් ලක්ෂ 2000ක් වෙන්කොට වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා ඊයේ(17) අනාවරණය කර සිටියේය.

Continue Reading

ආණ්ඩුවේ වැරදි පෙන්වාදෙමින් විපක්‍ෂයේ සිටීම අපට කිසිම ගැටලුවක් නොවෙයි

ආණ්ඩුවේ වැරදි පෙන්වාදෙමින් විපක්‍ෂයේ සිටීම අපට කිසිඳු ගැටලුවක් නොවන බවත්, විපක්ෂය අපට හොඳට හුරුපුරුදු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි. පසුගියදා බදුල්ලේ පැවති ජනහමුවක් අමතමින් කුමාර වෙල්ගම මෙම අදහස් පළකර ඇති අතර මෙහිදී වැඩිදුරටත් ඔහු මෙසේද පවසා ඇත. විපක්‍ෂයේ සිටීම අපට කිසිම ගැටලුවක් නොවේ. ආණ්ඩු පක්‍ෂයත් විපක්‍ෂයත් අපට හොඳට පුරුදුයි. දැන් අපි විපක්‍ෂයේ සිටිමින් ආණ්ඩුවේ සියලු වැරැදිවලට විරුද්ධ වෙමින් ඉදිරියට …

Continue Reading

වෙල්ගම හිටපු ජනපති මහින්දට ප්‍රසිද්ධියේ කෝචොක් කරයි

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් විය හැකි බවත් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කරයි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා දුනහොත් එය ප්‍රතික්ෂේප කිරීමේ බලයක් තමනට නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැහැදිලිව සඳහන් කර ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටී. මැතිවරණ කොමසාරිස්වරයා විසින් රාජපක්ෂ මහතාගේ නාම යෝජනාව පිළිගැනීමෙන් පසු ඡන්ද …

Continue Reading

මහින්ද විපක්ෂ නායක ධුරයට; දෙපිට කාට්ටු දෙමළ සන්ධානය වෙට්ටු දමයි

2015 වසරේ සිට පාර්ලිමේන්තුවේ සැබෑ විපක්ෂ නායකත්වයේ භූමිකාවට පණ පෙවූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද(18) නිල වශයෙන් විපක්ෂ නායකයා ලෙස පත් කරන බව කථානායක කරූ ජයසූරිය නිවේදනය කර තිබේ. එමෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පත් කරන බවද කථානායකවරයා දැනුම්දුන්නේය. කෙසේ වෙතත් මෙතෙක් කල් නාමික විපක්ෂයක් ලෙස කටයුතු කළ දෙමළ ජාතික සන්ධානය …

Continue Reading

මෛත්‍රී-මහින්ද නව සන්ධානයකින් නව ගමනකට සැරසෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ දැනට අධිකරණය මඟින් රාජකාරී අත්හිටුවා අතුරු තහනම් නියෝගයක් නිකුත් කොට ඇති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණයක් සඳහා සන්ධානයක් ලෙස ඉදිරිපත්විම පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව අදාළ කරුණ සම්බන්ධයෙන් පත් කළ කමිටුව යළි රැස්වී යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතයි. නායකයින් දෙපළ ඇතුළු ‍ශ්‍රී …

Continue Reading

බණ්ඩාරනායකවරුන්ගෙන් පසු බිහි වූ රාජපක්ෂවරුන්ගේ පක්ෂය

ශ්‍රී ලංකාවේ පැරණිම ප්‍රධානම දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට පරිණත බොහෝ දෙනා හඳුන්වනු ලබන්නේ “බණ්ඩාරනායකවරුන්ගේ පක්ෂය” කියාය. එය දිවංගත එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක විසින් වර්ෂ 1951 දී ආරම්භ කරනු ලදුව එතුමාගේ බිරිඳ වන දිවංගත සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක, එම දෙපලේ දියණිය වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරතුංග ආදී බණ්ඩාරනායකවරුන් තිදෙනෙකුම රාජ්‍ය නායකත්වය ඉසිලූ පක්ෂයකි. බණ්ඩාරනායකවරුන්ගෙන් පසු හිටපු ජනාධිපති …

Continue Reading

ජනපති මෛත්‍රී ආයෙත් මුට්ටිය දමයි

වත්මන් සම්මුතිවාදී ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවා වන එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව සිදුකරනු ලබන සැලසුම් සහගත දේශපාලන ප්‍රහාරය හමුවේ යලිත් තම දේශපාලන සතුරු කඳවුරේ හිතවතුන් සමඟ සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමේ උත්සහයක් මෛත්‍රීගේ ගෝලබාලයින් හරහා ක්‍රියාත්මක වන බවට වාර්තාවේ. දේශපාලනයේ සදාකාලික සතුරෝද නැත මිතුරෝද නැත යන තේමා පාඨය මුල්කරගනිමින් ක්‍රියාත්මක කරන මෙම දේශපාලන මෙහෙයුම මඟින් තමාගේ පෞද්ගලික ආරක්ෂාව සහ දේශපාලන රැකවරණය …

Continue Reading

ආණ්ඩු පෙරළන්න ජ.වි.පෙ. නැතිව බැරි බව බැසිල් කියයි

ආණ්ඩු විරෝධී බලවේගයෙක් ලෙස ඉදිරි දේශපාලන සාකච්ඡා සිදු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ළං කරගැනීම වඩා සුදුසු බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියයි. රාජපක්ෂ මහතා පැවැසුවේ වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීමට ජවිපෙ උදවු කළද අද ආණ්ඩුවේ නොමැති ප්‍රබල පක්ෂයද ජවිපෙ බැවින් ඔවුන් ළං කර ගැනීම වඩා සුදුසු බවය. එමෙන්ම ආණ්ඩුවේ නොමැති පක්ෂ සේම ආණ්ඩුවේ විනාශයට මුල්වූ අනෙක් කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමටද බලාපොරොත්තු …

Continue Reading

පිරිමි දරුවෙකු අපයෝජනය කළ මහින්දගේ මන්ත්‍රී සොයා පොලිස් මෙහෙයුම්

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරුන්ගේ පක්ෂය වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ උකුවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝලිත ඒකනායක නැමැත්තා කුඩා පිරිමි දරුවෙකු අපයෝජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතලේ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ. ළමයාගේ ඥාතීන් විසින් මාතලේ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට සිදු කර ඇති පැමිණිල්ලකට අනුව …

Continue Reading

සභාග ආණ්ඩු ගැන කතා කිරීම බොරුවට කාලය කන වැඩක්; ඒකාබද්ධයේ නායකයින් විමල්ට කියාදෙයි

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ පාර්ශ්වයෙන් නිල ආරාධනයක් ලැබෙනතුරු සභාග ආණ්ඩු පිහිටුවීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ තම කණ්ඩායම තුල සාකච්ඡා කරමින් කාලය කා දැමීමේ ඵලක් නොවන බවට ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් තීරණය කර ඇත. ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳව හෝ සභාග ආණ්ඩු පිහිටුවීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙතෙක් කිසිවක් ප‍්‍රකාශ කර නොමැති බැවින් මෙම තීරණය ගත්බව ඒකාබද්ධ විපක්‍ෂයේ ජ්‍යේෂ්ඨයෙක් පැවැසීය. ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ …

Continue Reading