පිරිමි දරුවෙකු අපයෝජනය කළ මහින්දගේ මන්ත්‍රී සොයා පොලිස් මෙහෙයුම්

Spread the love

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරුන්ගේ පක්ෂය වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ උකුවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝලිත ඒකනායක නැමැත්තා කුඩා පිරිමි දරුවෙකු අපයෝජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතලේ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.

ළමයාගේ ඥාතීන් විසින් මාතලේ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට සිදු කර ඇති පැමිණිල්ලකට අනුව මෙම මෙහෙයුම් ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

මීට දින කිහිපයකට පෙර මාතලේ ගුරලවෙල ප්‍රදේශයේ අවමංගල්‍යයක් පැවති නිවසකදී මෙම මන්ත්‍රීවරයා විසින් අදාළ පිරිමි දරුවාව අපයෝජනය කර ඇති අතර තමාට එරෙහිව පැමිණිලි කර ඇති බව දැනගත් මන්ත්‍රීවරයා මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවද වාර්තාවේ.

කෙසේ නමුත් මෙම මන්ත්‍රීවරයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බැවින් වහාම ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය සඳහන් කරයි.

RSL

Related Posts