ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට බෝම්බ ප්‍රහාරයක්
ශ්‍රී ලංකා වෛද්‍ය සභා කාර්යාලය පිහිටි ඉඩමේ එම කාර්යාලය ඉදිරිපිටට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. කෙසේ නමුත් එම බෝම්බය පුපුරා ගොස් නොමැති අතර මේ වනවිට වෛද්‍ය සභාවේ කාර්යාලය පිහිට ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදා ඇත. බෝම්බ නිශ්ක්‍රීය අංශය පැමිණ එම බෝම්බය නිශ්ක්‍රීය කිරීමේ කටයුතුවල නිරතව සිටින බවද වාර්තා වේ. ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් …
Continue Reading
වෛද්‍ය සභාවේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද කැඳවයි
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයෙන් උපාධි මිලදී ගත් සිසුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කළ යුතු බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පසුගිය 13වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කළ අභියාචනාධිකරණය අද(09) කැඳවීමට නියමිත ය. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලැබූ සිසුන් දෙදෙනෙකු ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය පසුගිය ජනවාරි 31 වනදා …
Continue Reading
ආණ්ඩුවේ ඇමතිවරුන්ට අවශ්‍ය සයිටම් වෙනුවෙන් මිනිස් බිල්ලක්
පසුගිය 05 වන දා පැවති සංකේත වැඩ වර්ජනය ඉතා සාර්ථක වු නමුත් රජයේ ඇමතිවරු එය අසාර්ථක බව පවසන්නේ මිනිස් ජීවිත රාශියක් බිල්ලට දී එය සිදු නොවීම නිසා ද යන්න මෙහිදී වෛද්‍ය සංගම් නිලධාරින් විසින් ප්‍රශ්න කර සිටි අතර ආණ්ඩුවේ ඇතැම් පාර්ශවයන් විසින් වෘත්තීය සමිති මර්දනය කිරීමට ගෙන යන රජයේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අද (08) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් මෙම සංගමය …
Continue Reading
සයිටම් විරෝධී වර්ජනයෙන් දුම්රිය ධාවනය ඇණහිටී; ල.දු.සේ. ක්‍රොන්තාත්කරුවන් කැඳවයි
ක්‍රොන්තාත් පදනම මත සිටින සියලූම දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් අද දින සේවයට වාර්තා කිරිම අනිවාර්ය බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එලෙස සේවයට වාර්තා නොකරන දුම්රිය රියදුරන් සහ නියාමකවරුන්ගේ සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කරන බවයි දුම්රිය ගමනා ගමන අධිකාරි විජය සමරසිංහ සදහන් කරයි.
Continue Reading
වෛද්‍යවරු වැඩ වැරීම ගැන ජනපති කණගාටුවෙයි
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පදනම් කර ගනිමින් නිර්මාණය වූ ගැටළු නිරාකරණය කිරීම සඳහා වගකිවයුතු රජයක් ලෙස ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසක් ගෙන ඇති අවස්ථාවක දේශපාලන න්‍යාය පත‍්‍ර අනුව කටයුතු කරමින් ඇතැම් පිරිසක් වැඩ වර්ජනවල නිරතවීම පිළිබඳ තමා දැඩි කනගාටුව පළකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (05) පෙරවරුවේ අනුරාධපුරයේ පැවති උත්සවයකට එක්වෙමිනි. දේශපාලන අතකොළු බවට …
Continue Reading
වෛද්‍යවරුන් ගැන මෙරට බුද්ධිමත් ජනතාවගේත් ජනාධිපතිවරයාගේත් මතය (Video)
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ඊට සහය පළකරමින් රජයේ අනෙකුත් රාජ්‍ය ආයතනය සහ වෘත්තීය සංගම් අද (05) දිනයේදී වැඩ වර්ජනයක නිරත වන අතර මේ වන විට ඊට වෘත්තීය සමිති 150 ක සහාය හිමිව තිබේ. මීට පෙරද වෛද්‍යවරුන් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහිව අවස්ථා කිහිපයකදී වැඩ වර්ජනවල නිරත වු …
Continue Reading
සයිටම් විරෝධී ගුරු -වෛද්‍ය – දුම්රිය නියාමක වර්ජනය අද; හෙද, තෙල්, ජල, විදුලි ඇතුළු තවත් වෘත්තීය සමිති 150 ක සහාය
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් තුනක් ඉටු කරන ලෙස රජයට බලකරමින් ගුරුවරු, දුම්රිය නියාමකවරු සහ වෛද්‍යවරු අද (05දා) දවස පුරා වැඩ වර්ජනය කරති. මේ නිසා රෝහල්වල සැත්කම් කටයුතු මෙන්ම දුම්රිය ධාවනය සහ පාසල්වල ඉගැන්වීම් කටයුතු සියල්ල අද දවසේ නතර වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා …
Continue Reading
සයිටම් සහ වැඩ වර්ජනය පාර්ලිමේන්තුව උණුසුම් කරයි ! (Video)
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුගේ මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ඔවුන්ට සහය පළකරමින් අනෙකුත් රාජ්‍ය ආයතනය හෙට (05) දිනයේ සිදුකිරීමට යන වැඩ වර්ජනය සම්බන්ධයෙන් අද(04) පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්වයක් උද්ගත විය. මේ එම සයිටම් විරෝධී වැඩ වර්ජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇති වූ විවාදයයි. (වීඩියෝව පහතින්)
Continue Reading
සයිටම් විරෝධී සටනට වෘත්තීය සමිති 160ක්!; ඉතිහාසයේ දැවැන්තම වැඩ වර්ජනයට පෙළගැසෙයි
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහි විරෝධතා සටනට වෘත්තීය සමිති 160ක් දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයකට සූදානම් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ සඳහා සියලු වෘත්තීය සමිති එක්ව ලබන සතියේ 04 වැනිදා හෝ 05 වැනිදා දීපව්‍යාප්ත එක්‌දින වැඩවර්ජනයක් කිරීමට තීරණය කර ඇත. ඉන් පසුව රජය මේ සම්බන්ධව විසඳුමක් ලබා නොදුනහොත් මැයි …
Continue Reading
සයිටම් වහන්නේ නැහැ; නෙවිල්ගේ රෝහල රජයට ගන්නවා – ඇමති රාජිත රජයේ මතය කියයි
ව්‍යාපාරික වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය කිසිඳු ලෙසකින්වත් වසා දමන්නේ නොමැති බවත්, නෙවිල්ගේ රෝහල ශික්‍ෂණ රෝහලක් ලෙස රජයට පවරා ගන්නා බවත් එය රජයේ මතය බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්‌තර රාජිත සේනාරත්න මහතා පවසයි. සයිටම් වෛද්‍ය පීඨය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැති නඩු විභාගයේදී අධිකරණයේ මතය වූයේත් වෛද්‍ය පීඨ අධ්‍යාපනය සම්බන්ධ තීන්දු ගැනීමේ බලය ඇත්තේ …
Continue Reading