සයිටම් වහන්නේ නැහැ; නෙවිල්ගේ රෝහල රජයට ගන්නවා – ඇමති රාජිත රජයේ මතය කියයි

Spread the love

ව්‍යාපාරික වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය කිසිඳු ලෙසකින්වත් වසා දමන්නේ නොමැති බවත්, නෙවිල්ගේ රෝහල ශික්‍ෂණ රෝහලක් ලෙස රජයට පවරා ගන්නා බවත් එය රජයේ මතය බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්‌තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සයිටම් වෛද්‍ය පීඨය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැති නඩු විභාගයේදී අධිකරණයේ මතය වූයේත් වෛද්‍ය පීඨ අධ්‍යාපනය සම්බන්ධ තීන්දු ගැනීමේ බලය ඇත්තේ වෛද්‍ය සභාවට බවයි. එම නඩු විභාගයේදී සිය මතය ඉදිරිපත් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්‍ෂේප කිරීමට හේතු ලෙස මේ බව එම නඩු වාර්තාවේ සඳහන් කර තිබෙනවා යෑයිද ඇමැති රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

හෙතෙම එසේ පැවසුවේ පෙරේදා (25 වැනිදා) රාත්‍රියේ රූපවාහිනී සේවාවන් ඔස්‌සේ විකාශය වූ මාලබේ දකුණු ආසියානු තාක්‍ෂණ සහ වෛද්‍ය අධ්‍යාපන පීඨය (සයිටම්) පිළිබඳව කරුණු දැක්‌වීම සඳහා වූ විශේෂ වැඩසටහනේදීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මතය වනුයේ සයිටම් වෛද්‍ය පීඨය වසා දැමිය යුතු බවත් රජය එම පියවර නොගතහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවට කර ඇති ප්‍රකාශය සම්බන්ධව මෙහිදී වැඩසටහනට සහභාගීවූ මාධ්‍යවේදියකු විසින් නැගූ ප්‍රශ්නයකට සෞඛ්‍ය ඇමැතිවරයා මෙසේ පිළිතුරු දුන්නේය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ඉදිරිපත් කර තිබෙන වෛද්‍ය පීඨ සම්බන්ධ අවම ප්‍රමිතිය ලිතව ඔවුනට ලැබුණ විට ඒ සම්බන්ධව තීරණයක්‌ ගන්නා බව පවසනවා.

දැන් එයාලත් එක්‌ක හිටිය කට්‌ටිය ඔක්‌කොම ඉවත්වේගෙන යනවා. ඒ හින්දා ඉදිරියේදී ඔය මත වෙනස්‌ වෙන්න පුළුවන්. රජයේ මතය තමයි සයිටම් වහන්නේ නැහැ. නෙවිල් ප්‍රනාන්දු ශික්‍ෂණ රෝහල රජය යටතේ පවත්වාගෙන යනවා.

නිදහස්‌ අධ්‍යාපනය කියන්නෙ අධ්‍යාපන පීඨ වහන එක නෙමෙයි. අධ්‍යාපන ලබාගත හැකි අවස්‌ථා වැඩිකරන එකටයි.

නිදහස්‌ අධ්‍යාපනය රට තුළ ඇතිකළ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මහතා රජයේ පාසල් පිහිටුවන විට එවකට පැවැති කිසිම පෞද්ගලික අධ්‍යාපන ආයතනයක්‌ වසා දැමුවේ නැහැ.

RSL

Related Posts