ආණ්ඩුවේ ඇමතිවරුන්ට අවශ්‍ය සයිටම් වෙනුවෙන් මිනිස් බිල්ලක්

Spread the love

පසුගිය 05 වන දා පැවති සංකේත වැඩ වර්ජනය ඉතා සාර්ථක වු නමුත් රජයේ ඇමතිවරු එය අසාර්ථක බව පවසන්නේ මිනිස් ජීවිත රාශියක් බිල්ලට දී එය සිදු නොවීම නිසා ද යන්න මෙහිදී වෛද්‍ය සංගම් නිලධාරින් විසින් ප්‍රශ්න කර සිටි අතර ආණ්ඩුවේ ඇතැම් පාර්ශවයන් විසින් වෘත්තීය සමිති මර්දනය කිරීමට ගෙන යන රජයේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අද (08) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් මෙම සංගමය මේ බව කියා සිටියේ ය.

කෙසේ වුවද රට පුරා ශාඛා 112 ක සාමාජිකයින් විසින් හෙට දිනයේ දී රැස් වෙන බවත් එහිදී ඒකාබද්ධ අඛණ්ඩ වැඩ වර්ජනයක් සඳහා විශේෂ තීන්දු තීරණ රැසක් ගැනීමට බලාපොරොත්තු වන බවද රජයේ වෛද්‍ය සංගමය පවසයි.

මේ අතර පසුගිය මැයි 1 වනදා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සිදු කරනු ලැබු තර්ජනාත්මක කතාව තරයේ හෙළා දකින බවත් කම්කරු අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා කම්කරු අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අවාධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් දන්වමින් ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට ද වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ලිඛිත ඉල්ලීමක් සිදු කර ඇති බව ද මෙහිදී කියා සිටියේ ය.

එමෙන්ම සයිටම් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට හෙට (09) රැස්වෙන මධ්‍යම කාරක සභාවේ දී නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

RSL

Related Posts