වයස 27යි: ගෑනු 12යි; 12 වැනි බිරිය මරා සිරුර ගෙනයද්දි නරුමයා අත්අඩංගුවට

Spread the love

හබරණ සිංහගම අළුත්ඔය ප්‍රදේශයේ දී විසි අට හැවිරිදි සිය දොළොස්‌ වැනි අනියම් බිරිඳට පෙරේදා (07 දා) රාත්‍රී අතින් පයින් පහරදී ඝාතනය කොට ඇගේ මළ සිරුර වනගත ප්‍රදේශයක සැඟවීම සඳහා කුඩා ලොරි රථයකින් රැගෙන යමින් සිටි විසි හත් හැවිරිදි පුද්ගලයකු හබරණ හිරිවඩුන්න ප්‍රදේශයේදී පෙරේදා (7 දා) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුගේ මාරාන්තික ප්‍රහාරයෙන් හබරණ අළුත්ඔය සිංහගම පදිංචිව සිටි නව මස්‌ එක්‌ දරු මවක වන කේ. ඩී. කාංචනා දිල්රුක්‌ෂි නමැති කාන්තාව මිය ගොස්‌ ඇත.

මෙම ඝාතනය පෙරේදා රාත්‍රී 8.30 ත් 10.00 ත් අතර කාලයේ මිය ගිය කාන්තාව සහ ඇගේ අනියම් සැමියාත් අතර ඇතිවූ බහින් බස්‌වීමක්‌ දුරදිගයාමෙන් පසු සිදු කොට ඇති බව හබරණ පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව එහි ස්‌ථානාධිපති වසන්ත පිටිගල මහතා පැවැසීය.

එම අවස්‌ථාවේ අසල්වාසීන් කිසිවකුත් ගැටුම සමථයකට පත් කිරීමට ඉදිරිපත්ව නොමැති අතර අනියම් බිරිඳ ඝාතනය කොට ලොරියේ දමා ගෙන සැකකරු නිවසින් පිටත්ව යද්දී අසල්වාසීන් විසින් මේ බව හබරණ පොලිස්‌ ස්‌ථානයට සහ පොලිස්‌ මූලස්‌ථානයේ හදිසි ඇමතුම් අංක 119 ට දැනුම්දී ඇත. ඒ අනුව හබරණ පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක වසන්ත පිටිගල මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායම් කීපයක්‌ ත්‍රිකුණාමලය හබරණ ප්‍රධාන මාර්ගයේ හදිසි බාධක තුනක්‌ යොදා මළ සිරුර රැගත් ලොරි රථය සහ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ලොරි රථය මාර්ග බාධකවලදී නතර කරන ලෙසට පොලිසිය කළ අණ නොතකා ධාවනය කරන අතරතුර පොලිසිය ලුහු බැඳ ගොස්‌ හබරණ හිරිවඩුන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අනතුරුව පොලිස්‌ නිලධාරීන් ලොරිය පරීක්‌ෂා කිරීමේදී ලොරිය තුළ තිබී ඝාතනයට ලක්‌වූ කාන්තාවගේ සිරුර සොයා ගෙන ඇත.

පොලිසිය සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී තමන් සිය බිරිඳ ප්‍රතිකාර සඳහා හබරණ රෝහලට රැගෙන යන බව පවසා ඇත. එහෙත්a සැකකරු ඒ වනවිටත් හබරණ රෝහලත් පසු කරමින්a සිරුර රැගත් ලොරිය දඹුල්ල දෙසට ධාවනය කරමින් තිබී ඇත.

සැකකරු සමග නීත්‍යානුqකූලව විවාහ වී සිටි බිරිඳ ඔහුගේ කෲර වධ හිංසා සහ හිරිහැර ඉවසා දරා ගත නොහැකිව ඔහු අත හැර ගොස්‌ ඇති බවත්, ඉන්පසු විටින් විට අනියම් බිරින්දෑවරුන් දොළොස්‌ දෙනකු සිය නිවසට කැඳවාගෙන විත් පවුල් ජීවිත ගත කර ඇති බවත් පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇත.

එම අනියම් බිරින්දෑවරුන්ද සැකකරු විසින් නිතර සිදු කරන කෲර වධ හිංසා සහ හිරිහැර ඉවසා දරා ගත නොහැකිව සැකකරු හැර දමා ගොස්‌ ඇති බවත් පැවසේ.

ඝාතනයට ලක්‌වූ කාන්තාව සම්බන්ධයෙන් මහෙස්‌ත්‍රාත් පරීක්‌ෂණය ඊයේ (08 දා) කැකිරාව මහෙස්‌ත්‍රාත්වරයා විසින් පැවැත්වීමට නියමිතව තිබිණි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් හබරණ සහකාර පොලිස්‌ අධිකාරී අභයරාජ ගම්ලත් මහතාගේ උපදෙස්‌ මත හබරණ පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක වසන්ත පිටිගල මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‌ෂණ පැවැත්වේ.

-දිවයින-

RSL

Related Posts