ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට බෝම්බ ප්‍රහාරයක්

Spread the love

ශ්‍රී ලංකා වෛද්‍ය සභා කාර්යාලය පිහිටි ඉඩමේ එම කාර්යාලය ඉදිරිපිටට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත් එම බෝම්බය පුපුරා ගොස් නොමැති අතර මේ වනවිට වෛද්‍ය සභාවේ කාර්යාලය පිහිට ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදා ඇත.

බෝම්බ නිශ්ක්‍රීය අංශය පැමිණ එම බෝම්බය නිශ්ක්‍රීය කිරීමේ කටයුතුවල නිරතව සිටින බවද වාර්තා වේ.

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහි සටනේ ප්‍රබල භූමිකාවක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින්ද ඉටුකරමින් සිටින අතර මීට පෙර අවස්ථා කිහිපයකදීද වෛද්‍ය සභාවේ නියෝජිතයන්ගේ සහ හිටපු සභාපතිවරුන්ගේ නිවාසවලටද අත්බෝම්බ ප්‍රහාර එල්ල වී තිබිණි.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න…

RSL

Related Posts