රටවල් ගණනාවකට ප්‍රබල සයිබර් ප්‍රහාරයක්! ශ්‍රී ලංකාවටත් රතු එළියක්!

Spread the love

ප්‍රබල සයිබර් ප්‍රහාරයකින් ලොව පුරා සංවිධාන ගණනාවක අන්තර්ජාල පද්ධති බිඳ වැටී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

ඇමෙරිකානු ඩොලර් 300 ක් කප්පම් ඉල්ලා සිටින පරිගණක මෘදුකාංගයක් මගින් ලොව පුරා ස්ථාන දහස් ගණනක පරිගණක අගුළු වැටී ඇති බවත්, බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවා ආයතනවල ඇතැම් පරිගණක පද්ධති සම්පූර්ණයෙන් බිඳ වැටී ඇති බවත් සෞඛ්‍ය සේවා බලධාරීන් පවසන බව බී.බී.සී පුවත් සේවය අනාවරණය කරයි.

මේ තත්ත්වය මත හදිසි ප්‍රතිකාර සඳහා පැමිණෙන බ්‍රිතාන්‍ය රෝගීන් වෙනත් රෝහල් වෙත හරවා යැවීමට සිදු වී ඇති බවට, ස්පාඤ්ඤයේද ආයතන ගණනාවක් සයිබර් ප්‍රහාරයට ගොදුරු වී ඇති බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව, චීනය, රුසියාව, ස්පාඤ්ඤය, ඉතාලිය සහ තායිවානය ඇතුළු රටවල් 74 කට ආසන්න ප්‍රමාණයක පරිගණය පද්ධතිවලට මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බව බී.බී.සී පුවත් සේවය කියා සිටියි.

මෙය එකිනෙකට සම්බන්ධ සිදුවීමක් බව පරිගණක ආරක්ෂාව පිළිබඳ විශේෂඥයන්ගේ මතය වන අතර “මේක ඉතා බරපතළ තත්වයක්,” බව පරිගණක ආරක්ෂාව පිළිබඳ අවාස්ට් (Avast) සමාගමේ ජෙකුබ් ක්‍රවුස්තෙක් පවසා ඇත.

වහාම සිය පරිගණක වසා දමන මෙන් ඇතැම් සමාගම් සිය සේවකයන්ට උපදෙස් දී ඇති අතර, ‘කප්පම් සයිබර් ප්‍රහාරය’ මගින් සිය පරිගණක එක්වරම අගුළු දමා ඇති ආකාරය දැක්වෙන ඡායාරූප ඉතාලියේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් විසින් සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කර තිබුණි.

RSL

Related Posts