CIDය මුද්‍රණාලයාධිපතිගෙන් ප්‍රශ්න කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම්වලට අදාළව 2015 ජනවාරි 1 දිනැතිව නිකුත්ව ඇතැයි කියන අති විශේෂ ගැසට් පත්‍රය සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් රජයේ මුද්‍රණාලයාධිපති ඇතුළු මුද්‍රණාලයේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනෙක්ගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කර ඇත. මේ මතභේදාත්මක තත්ත්වය නිසා ජනාධිපති බැඳුම්කර කොමිසමේ වැඩ කටයුතු තාවකාලිකව අත්හිටුවන ලෙසට එම කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාට …

Continue Reading

සයිටම් පිහිටුවීමට නිසි අනුමැතිය නැති බව තහවුරු වෙයි!

සයිටම් ආයතනය ස්ථාපිත කර ඇත්තේ නිසි ක්‍රියාපටිපාටියට පටහැනිව බවට කෝප් කමිටුව මඟින් කළ විමර්ශනයේදී තහවුරු වී ඇතැයි කෝප් කමිටු සාමාජික, ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. එවකට සිටි උසස් අධ්‍යාපන ඇමැතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරයාට පවරන ලද බලතලවලට අනුව සයිටම් ආයතනය ස්ථාපිත කර ඇති බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කිසිදු නිර්දේශයක් මෙයට …

Continue Reading

පොලිසියට පොලිසියෙන්ම තහනමක්

මාර්ගයේ තැන්තැන්වල සැඟව සිට එකවර මාර්ගයට කඩා පනිමින් රථවාහන නඩු ලබා නොගන්නා ලෙස සියලුම රථවාහන පොලිස් නිලධාරින්ට නියෝග නිකුත් කර ඇත. රථවාහන හා අපරාධ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා ඉකුත්දා මෙම නියෝගය දිවයිනේ සියලු ම කොට්ඨාස භාර නිලධාරින් දිස්ත්‍රික් භාර නිලධාරින් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් හා සියලු ම ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දෙනු ලැබීය. රථ වාහන රාජකාරියේ යෙදී සිටින පොලිස් …

Continue Reading

මේ කට හැර මෙවැනි කටවල් ඇති තවත් පොරවල් සිටීද..?

මෑත ශ්‍රීලාංකීය දේශපාලනය තුළ නාමල් රාජපක්ෂගෙන් පසු දේශපාලනයේ ළදරුවකු (හුජ්ජ කොල්ලෙකු)ගේ පුරසාරම් කතා (පොර ටෝක්) දෙසා බෑමට පටන් ගත්තේ චතුර සේනාරත්නය. සියලු දේශපාලඥයින් පරයා තමා වැඩ කාරයා යැයි පැවසීමට චතුර තරම් කයිවාරු ගසන්නෙකු අප මේ මෑත දේශපාලන වේදිකා තුළ නොදැක්කේය. චතුරගේ කයිවාරු ගැසිල්ලට අනුව 80 දශකයේ (ඔහු උපන් )සිට මේ දක්වා සිදු වූ සියලු සුවිශේෂී දේශපාලන භූමිකා සහ අවස්ථාවන් පිටුපස …

Continue Reading

අඛිලගෙන් අලුත් චක්‍රලේඛනයක්

පළමුවැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කැර ගැනීමේදී සිදු කරන වැරදි අවම කිරීම සඳහා 2018 වසරේදී නව චක්‍රලේඛයක් යටතේ පළමුවැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කැර ගැනීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. පළමුවැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේදී ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම වැනි වැරදි ක්‍රියා ලබන වසරේදී ද සිදු වුවහොත් එම පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා පවසයි. …

Continue Reading

ඩොලරයට අපමණ අගයක්!

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයක අගය ඊයේ (23) රු. 154 ද ඉක්‌මවා ගියේය. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ රු. 154.21 ක්‌ දක්‌වා ඉහළ ගියේය. ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය පෙරේදා (22 දා) රු. 153. 56 ක්‌ විය. කෙසේ වෙතත් මෙය අපනයනකරුවන්ද සහ විදේශ විනිමය උපයන්නට …

Continue Reading

ජනපති නියෝගයෙන් අගතියට පත් රණවිරුවන්ට මිලියන 6500ක්

පසුගිය තිස් වසරකට වැඩි කාලයක් උතුරු නැගෙනහිර පැවැති යුද්ධයේදී අනතුරට පත්ව වෛද්‍ය හේතු මත විශ්‍රාම යැවු රණවිරුවන් අතරින් අගතියට පත්වූ හාරදහසක පමණ රණවිරුවන් කණ්ඩායමකට රුපියල් ලක්ෂ හැටපන්දාහසක් ගෙවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ත්‍රිවිධ හමුදාවට උපදෙස් ලබාදී තිබේ. අතිරේක ආරක්ෂක ලේකම් සරත් කුමාර මහතා ඒ බව තහවුරු කළේය. තවත් මාස දෙකක් තුළ කොටස් වශයෙන් මෙම පිරිසට එම මුදල ගෙවීම ආරම්භ …

Continue Reading

රවිරාජ් යළි විභාගයට

ඝාතනයට ලක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ බිරිඳ වන ශෂිකලා රවිරාජ් මහත්මිය විසින් ගොනු කළ පෙත්සමකට අදාළව අභියාචනාධිකරණය එම ඝාතන නඩුව යළි විභාග කිරීමේ නියෝගයක් ඊයේ (22) ලබාදී තිබේ. ඝාතනයට ලක්වූ මන්ත්‍රීවරයාගේ බිරිඳ වන ශෂිකලා රවිරාජ් මහත්මිය විසින් ගොනු කළ පෙත්සමකට අදාළව අභියාචනාධිකරණය මෙම තීරණය ලබා දී ඇත. රවිරාජ් ඝාතන නඩුව විශේෂ ජූරි සභාවක් ඉදිරිපිට විභාග කොට ඒ සම්බන්ධයෙන් …

Continue Reading

කොළඹ වරාය ලොව හොඳම වරායන් 25 අතරට

ලෝකයේ හොඳම වරායන් 25 අතරට පැමිණීමට කොළඹ වරාය සමත් වේ. ඒ ජාත්‍යන්තර ඇල්ෆාලයිනර් (Alphaliner) 2017 වර්ග කිරීමට අනුව වේ. එම වර්ගීකරණයට අනුව 2016 වර්ෂයේදී ලෝකයේ හොඳම වරායන් අතරින් කොළඹ වරායට 23වැනි ස්ථානය හිමිව තිබේ. 2015 වර්ෂයට සාපේක්ෂව එය ස්ථාන තුනකින් ඉදිරියට පැමිණීමකි. එනම් 2015 වර්ෂයේදී කොළඹ වරායට හිමිව තිබුණේ 26වැනි ස්ථානයයි. වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසන්නේ කොළඹ …

Continue Reading

ජීවය පැවතිය හැකි පෘතුවිය හා සමාන ග්‍රහලෝක 7ක් සොයා ගනී

පෘතුවිය හා සමාන ග්‍රහලෝක 7ක් සොයා ගැනීමට නාසා ආයතනයේ තාරකා විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇත. එහි පෘතුවිය මෙන් ජීවය පැවැතිය හැකි බවට ඔවුන් විශ්වාස කරයි. එම ගවේෂනය සිදු කරනු ලැබ ඇත්තේ, නාසා ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් විසින් වන අතර පෘතුවියේ සිට ආලෝක වර්ෂ 40ක් ඈතින් එම තාරකාව පිහිටා ඇති බව ඔවුන් පවසනවා. එය නම්කර ඇත්තේ ට්‍රෑපිස්ට් වන් ලෙසයි. එම තාරකාව වටා පෘතුවියේ …

Continue Reading