සයිටම් පිහිටුවීමට නිසි අනුමැතිය නැති බව තහවුරු වෙයි!

Spread the love

සයිටම් ආයතනය ස්ථාපිත කර ඇත්තේ නිසි ක්‍රියාපටිපාටියට පටහැනිව බවට කෝප් කමිටුව මඟින් කළ විමර්ශනයේදී තහවුරු වී ඇතැයි කෝප් කමිටු සාමාජික, ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

එවකට සිටි උසස් අධ්‍යාපන ඇමැතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරයාට පවරන ලද බලතලවලට අනුව සයිටම් ආයතනය ස්ථාපිත කර ඇති බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කිසිදු නිර්දේශයක් මෙයට ලබාගෙන නැති වාතාවරණයක් තුළ අමාත්‍යාංශ ලේකම්වරයාට ගැසට් පත්‍රයක් මඟින් පවරන ලද බලතලවලට අනුව සයිටම් ආයතනය ස්ථාපිත කර ඇති බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව සයිටම් ආයතනය පිහිටුවීමට නිසි මාර්ගයේ ගමන් නොකර වෙනත් මාවත් ඔස්සේ බිහිවූ ආයතනයක් බවට කෝප් කමිටුවට ඒත්තු ගැන්වී ඇති බවද ඇමැතිවරයා මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න හමුවේ ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් සයිටම් ආයතනය විශ්වවිද්‍යාලය හෙවත් උදඪමඥපඵඪබර යන නාමය වෙනුවට ඛ්ඒර්ර්ථීඋඉ යන නාමය භාවිත කිරීමට එහිදී අවසර ලබාදී ඇති බවද ඇමැතිවරයා මෙහිදී හෙළි කළේය.

සයිටම් ආයතනයේ උපාධි සහතිකයට නීතිමය පිළිගැනීමක් දැන් ලැබී ඇති නමුත් එයට විරුද්ධව අධිකරණයේ කරුණු දැක්වූ නීතිඥයන් මෙම හේතු ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම තුළ එම නීතිමය පිළිගැනීම ලැබුණ බව මෙහිදී තමාට ප්‍රකාශ කිරීමට සිදුවන බවද අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී පැවැසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් සයිටම් සම්බන්ධයෙන් කළ නිර්දේශ මොනවාද..? ඒවාට මොකද වුණේ..? කියලාවත් අපි දන්නේ නැහැ. හිටපු ලේකම්වරයා තනි බලයක් පවරාගෙන කාටත් නොකියා සයිටම් අනුමත කළා. ඒක මහ පුදුම වැඩක්. ඒ නිසා තමයි ජනාධිපතිතුමා මෙයට මැදිහත් වෙලා තීන්දුවක් දෙන්න තීරණය කළේ. දැන් මෙයට විරුද්ධව කෑ ගහන උදවිය ඇයි අධිකරණයේ විරෝධතා මතුකරන වෙලාවේ මේ කරුණු දැක්වීම නොකළේ.

RSL

Related Posts