ජීවය පැවතිය හැකි පෘතුවිය හා සමාන ග්‍රහලෝක 7ක් සොයා ගනී

Spread the love

පෘතුවිය හා සමාන ග්‍රහලෝක 7ක් සොයා ගැනීමට නාසා ආයතනයේ තාරකා විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇත.

එහි පෘතුවිය මෙන් ජීවය පැවැතිය හැකි බවට ඔවුන් විශ්වාස කරයි. එම ගවේෂනය සිදු කරනු ලැබ ඇත්තේ, නාසා ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් විසින් වන අතර පෘතුවියේ සිට ආලෝක වර්ෂ 40ක් ඈතින් එම තාරකාව පිහිටා ඇති බව ඔවුන් පවසනවා. එය නම්කර ඇත්තේ ට්‍රෑපිස්ට් වන් ලෙසයි.

එම තාරකාව වටා පෘතුවියේ විශාලත්වයෙන් යුත් ග්‍රහලෝක 7ක් පිහිටා ඇති බව නාසා විද්‍යාඥයන් පෙන්වා දෙන අතර එම ග්‍රහලෝකවල පෘෂ්ටය මත ජලය පැවතිය හැකි බවට ද ඔවුන් විශ්වාසය කරයි.

ඒ අතරින් ජීවය පැවතිය හැකි වාතය සහිත ග්‍රහලෝක තුනක් තිබිය හැකි බව ද විද්‍යාඥයන් කියා සිටිනවා. ග්‍රහලෝක 7 පිහිටා ඇත්තේ, එකිනෙකට ආසන්නවයි.

මේ සම්බන්ධයෙන් කවිඳු පතිරණ විසින් ‘තුලාව ෆේස් බුක් පිටුවේ’ තබා තිබූ සටහනක් පහත උපුටා දක්වා ඇත.

නාසා ආයතනය විසින් ඊයේ ලංකාවේ වෙලාවෙන් පස්වරු 11ට පමණ සුවිශේෂී ප්‍රකාශයක් කරනු ලබනවා…එනම් පෘථිවිය ට සමානම ග්‍රහලොවක් සොයා ගැනීම පිළිබඳ වයි. අලෝක වර්ෂ 40ක් ඈතීන් පිහිටා ඇති මෙම ග්‍රහලෝක ,ග්‍රහලෝක හතකින් සැදි සෞරග්‍රහමණ්ඩලයකින් සැදි ඇත…
බ්‍රහස්පති වටා චන්ද්‍ර යන් කක්ෂගත වී ඇති අයුරින් මෙම ග්‍රහයන් තාරකාව වටා කක්ෂගත වී ඇත .

මෙම ග්‍රහයාගේ විශේෂත්වය වන්නේ නිල් පැහැති පෙදෙස්(සාගර මෙන්) දක්නට ලැබීමයි..

මෙහි විශේෂත්වය වන්නේ ග්‍රහයන් සුර්‍යට ලංව පිහිටා තිබීම…ප්‍රමාණයෙන් ගත් කළ මෙම සෞරග්‍රහ මණ්ඩලයේ තාරකාව ප්‍රමාණයෙන් ගත් කළ කුඩා තාරකාවකි.එම තාරකාවේ මතු පිට උෂ්ණත්වය කෙල්වින් 5778ක් වන අතර තාරකාවේ වයස අවුරුදු බිලියන 4.6ක් යැයි සැලකේ..

ග්‍රහලෝක ය මතුපිට උෂ්ණත්වය 0c-100c අතර පරාසයක් ගනි..

යම් විටක ඔබ මෙම ග්‍රහලෝකයට පිය තැබුවොත් හඳ පෙනෙනවා සේ අන් ග්‍රහයක් දක්නට ලැබෙනු ඇත. ඒ ග්‍රහලෝක ද එකිනෙකට ලංව පිහිටා ඇති නිසා..

මෙම ග්‍රහයාගේ මතුපිට සිකුරු හා පෘතුවියේ එකතුවක් වැනිය…(රූපයේ දක්වා ඇත)..තවත් මවිත කරවන පුවත නම් මෙතරම් කුඩා හා අඳුරු සුර්‍යෙක් වටා කක්ෂගත වූ ග්‍රහයන් සොයා ගත් ප්‍රථම අවස්ථාව මෙයයි…1992 සිට මෙවැනි ග්‍රහලෝක නිරීක්ෂණය කළ අතර එම සංඛ්‍යාව 3577කි.
ඉක්මනින් ම කේප්ලර් හෝ හබල් හරහා අපට පැහැදිලි ඡායාරූප දැකගත හැකි වෙනු ඇත.

තවද මම ග්‍රහලෝකව පළමුව නිරික්ෂණය කර ඇත්තේ 2016 මැයි වන අතර එය හරියාකාරව හඳුනාගැනීමට අවුරුද්ද කට ආසන්න කාලයක් ගත වී ඇත.

http://www.planetary.org/blogs/guest-blogs/2017/20170222-trappist-1-potentially-habitable-worlds.htmlhttps://www.nasa.gov/…/new-planet-is-largest-discovered-th…/

RSL

Related Posts