විමල් වීරවංශ ඇත්තටම බෞද්ධයෙක්ද..?
ඉන්දීය අගමැතිතුමා එන දවසේ එනම් වෙසක් පුන් පෝදා කළුකොඩි ඔසවන්න කියලා මම දැක්කා සමහර අය කියලා තියෙනවා. අප ඉතාම වන්දනාමාන කරන ගරු කරන බුදුපියාණන් වහන්සේගේ උපත සිදුවූ ඒ බෞද්ධ රටේ අගමැතිතුමා නරේන්ද්‍ර මෝ දී මැතිතුමාට අප ආරාධනා කරලා තියෙනවා වෙසක් උළෙළට. එතුමා ලංකාවට පැමිණෙනවා ජාත්‍යන්තර වෙසක් උළෙලේ වැඩසටහන් සඳහා. එතුමා එන්නෙ වෙසක් සිරි නරඹන්න මිසක් අපේ කිසිම දෙයක් උදුරාගන්න නෙමෙයි …
Continue Reading
වෛද්‍ය සභාවේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද කැඳවයි
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයෙන් උපාධි මිලදී ගත් සිසුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කළ යුතු බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පසුගිය 13වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කළ අභියාචනාධිකරණය අද(09) කැඳවීමට නියමිත ය. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලැබූ සිසුන් දෙදෙනෙකු ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය පසුගිය ජනවාරි 31 වනදා …
Continue Reading
වයස 27යි: ගෑනු 12යි; 12 වැනි බිරිය මරා සිරුර ගෙනයද්දි නරුමයා අත්අඩංගුවට
හබරණ සිංහගම අළුත්ඔය ප්‍රදේශයේ දී විසි අට හැවිරිදි සිය දොළොස් වැනි අනියම් බිරිඳට පෙරේදා (07 දා) රාත්‍රී අතින් පයින් පහරදී ඝාතනය කොට ඇගේ මළ සිරුර වනගත ප්‍රදේශයක සැඟවීම සඳහා කුඩා ලොරි රථයකින් රැගෙන යමින් සිටි විසි හත් හැවිරිදි පුද්ගලයකු හබරණ හිරිවඩුන්න ප්‍රදේශයේදී පෙරේදා (7 දා) අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගේ මාරාන්තික ප්‍රහාරයෙන් හබරණ අළුත්ඔය සිංහගම පදිංචිව සිටි නව මස් එක් දරු …
Continue Reading
ආණ්ඩුවේ ඇමතිවරුන්ට අවශ්‍ය සයිටම් වෙනුවෙන් මිනිස් බිල්ලක්
පසුගිය 05 වන දා පැවති සංකේත වැඩ වර්ජනය ඉතා සාර්ථක වු නමුත් රජයේ ඇමතිවරු එය අසාර්ථක බව පවසන්නේ මිනිස් ජීවිත රාශියක් බිල්ලට දී එය සිදු නොවීම නිසා ද යන්න මෙහිදී වෛද්‍ය සංගම් නිලධාරින් විසින් ප්‍රශ්න කර සිටි අතර ආණ්ඩුවේ ඇතැම් පාර්ශවයන් විසින් වෘත්තීය සමිති මර්දනය කිරීමට ගෙන යන රජයේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අද (08) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් මෙම සංගමය …
Continue Reading
කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් අත්සන් තැබූ මුදල් නෝට්ටු භාවිතයෙන් ඉවත්වෙයිද?
සිංගප්පුරු ජාතිකයෙකු වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ සභාපතිවරයාව සිටිමින් මෙරට ඓතිහාසික බැඳුම්කර මංකොල්ලය සිදුකළ කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් විසින් අත්සන් තබන ලද මුදල් නෝට්ටුවල වලංගුභාවය සම්බන්ධයෙන් පසුගියදා ඒකාබද්ධ විපක්ෂය විසින් ප්‍රශ්න කරන ලදී. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ, මෙතෙක් ව්‍යවහාරයේ පවතින රුපියල් 5000 නෝට්ටු අවලංගු කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. මේ වනවිට ව්‍යවහාරයේ පවතින රුපියල් 5000 නෝට්ටුවල අත්සන් …
Continue Reading
මහින්දට කළකම් පළදේ… මහින්දගේ අංග ආරක්ෂාවට මොකද වෙන්නේ..?
විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතා එවක ජනාධිපතිවරයාව සිටියදී, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙන් පළිගැනීම සඳහා සිදුකළ තුච්ඡ ක්‍රියාවේ දිට්ටදම්මවේදනීය ප්‍රතිථල අද වෙසක් මාසය උදාවත්ම ඔහු අත්විඳිමින් සිටී. තමා කිසිදා පරාජය වන්නේ යැයි නොසිතූ කු.පා.ම මහින්ද රාජපක්ෂ එවකව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියව තැතිගැන්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හරහා තීන්දුවක් ලබාගත්තේ හිටපු ජනාධිපතිවරයකුට ආරක්‌ෂක අංශ සාමාජිකයන් 30 දෙනෙකු …
Continue Reading
පැරිසියේදී මහින්ද ශිරන්තිට අමුතු වෙසඟක් පෙන්වලා; වාර්තාව පිටවෙයි
විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේ පැරිස් නුවර පැවති යුනෙස්කෝ වෙසක් දින සැමරුමට ගිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු කණ්ඩායම දින තුනකදී රුපියල් ලක්ෂ 250 කට අධික මහජන මුදල් වියදම් කරමින් අමුතුම ආකාරයේ වෙසක් පෙන්වීමක් ගැන සාක්ෂි සහිත වාර්තාවක් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. 2014 වසරේ මැයි මස 20 – 24 දක්වා කාලය …
Continue Reading
ඇමතිවරු 6 ක් ඇතුළු 8කට වාහන ගෙන්වන්න තවත් කෝටි 33 ක් ඉල්ලයි
ඇමැතිවරුන් හය දෙනෙකු, ආණ්ඩුකාරවරයෙකු සහ අග‍්‍රාමාත්‍ය ලේකම්වරයෙකුට වාහන ගෙන්වීම සඳහා රජය විසින් රුපියල් කෝටි 33 ක පරිපූරක ඇස්තමේන්තුවක් ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් කිසිඳු හිරිකිතයකින් තොරව අද(06)ත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. රාජ්‍ය නිලධාරීන්ගේ විදේශ ගමන් වෙනුවෙන් රුපියල් කෝටි 4 ක පරිපූරක මුදලක් සහ ඇමැතිවරයෙකුගේ නිවසක් අලූත්වැඩියා කිරීම වෙනුවෙන් රුපියල් කෝටියක මුදලක් ද මෙම පරිපූරකය මගින් වෙන් කර …
Continue Reading
FCIDය ගැන අසත්‍ය ප්‍රචාරයක්!
මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අකර්මන්‍ය වී ඇති බවට පළ වූ වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව පොලිස් මූලස්ථානය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මුලස්ථානය පෙන්වා දෙන්නේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැවරි ඇති සෑම විමර්ශනයක්ම මේ වන කඩිනමින් සිදු කරන බවය. එහි කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් සහකාර පොලිස් අධිකාරිවරුන් කිහිප දෙනෙකු මූල්‍ය අපරාධ කොට්ඨාසයට අනුයුත්ත කර ඇති බව ද පොලිස් මූලස්ථානය …
Continue Reading
සයිටම් විරෝධී වැඩ වර්ජනය නිමාවෙයි; වැඩ වර්ජනය ඇත්තටම සාර්ථකද..? අසාර්ථකද..? (වීඩියෝ)
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ඊට සහය පළකරමින් රජයේ අනෙකුත් රාජ්‍ය ආයතනය සහ වෘත්තීය සංගම් ඊයේ (05) දිනයේදී සිදුකළ වැඩ වර්ජනය සාර්ථකව නිමා වූ බව ඊට සම්බන්ධ වූ පාර්ශව පවසයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රජය සහ රජයට වෘත්තීය සමිති, සිවිල් සංවිධාන පවසන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකළ වැඩවර්ජනය අසාර්ථක එකක් …
Continue Reading