කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් අත්සන් තැබූ මුදල් නෝට්ටු භාවිතයෙන් ඉවත්වෙයිද?

Spread the love

සිංගප්පුරු ජාතිකයෙකු වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ සභාපතිවරයාව සිටිමින් මෙරට ඓතිහාසික බැඳුම්කර මංකොල්ලය සිදුකළ කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් විසින් අත්සන් තබන ලද මුදල් නෝට්ටුවල වලංගුභාවය සම්බන්ධයෙන් පසුගියදා ඒකාබද්ධ විපක්ෂය විසින් ප්‍රශ්න කරන ලදී.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ, මෙතෙක් ව්‍යවහාරයේ පවතින රුපියල් 5000 නෝට්ටු අවලංගු කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

මේ වනවිට ව්‍යවහාරයේ පවතින රුපියල් 5000 නෝට්ටුවල අත්සන් තබා ඇත්තේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාය. ඔහු මහ බැංකු අධිපති ධුරයට පත්වන අවස්ථාවේ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා සිටියේ යැයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් ප්‍රකාශ කරන අන්දමට අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය බාරගන්නාවිට ඔහුගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය පිළිබඳව කිසිදු ගැටලුවක් නොතිබූ බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

RSL

Related Posts