ප්‍රංශයෙන් විප්ලවීය වාර්තාවක්!

Spread the love

මධ්‍යස්ථ මතධාරී අපේක්ෂක එම්මානුවෙල් මැක්‍රොන් ප්‍රංශ ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයෙන් වාර්තාකර තිබේ.ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල අනුව එම්මානුවෙල් ලබා ඇති ඡන්ද ප්‍රතිශතය 66.06%කි.

ඔහුගේ ප්‍රතිවාදිනිය ලෙස තරග කළ අන්ත දක්ෂිණාංශික අපේක්ෂිකා මරීන් ලි – පෙන් ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 33.94%කි.

මේ අනුව 39 හැවිරිදි එම්මානුවෙල් මැක්‍රොන් එරට ලාබාලතම ජනාධිපතිවරයා ලෙස ජනපති පුටුවට හිමිකම් කියනු ඇති. තව ද 1958 වසරේ ජනරජය බිහිවීමෙන් පසු බලයට පත් වූ ප්‍රධාන පක්ෂ දෙකෙන් පරිභාහිර අපේක්ෂකයෙකු ජනාධිපති ධුරයට පත්වන පළමු අවස්ථාව ද මෙය වේ.

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු මැක්‍රෝ පැවසුවේ, මෙම ජයග්‍රණයෙන් ප්‍රංශ ඉතිහාසයේ නව පිටුවක ආරම්භය සනිටුහන් කෙරුණු බවයි.

ජනාධිපතිවරණයේ දෙවන වටයේ ඡන්ද වීමසීම පැවැත්වුණේ, දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ය. විදෙස් වාර්තා සඳහන් කරන්නේ, ජයග්‍රහණය සැමරීම සඳහා මැක්‍රෝන් ආධාරකරුවන් දහස් ගණනක් පැරිස් නුවරට එක්රැස් ව සිටින බවයි.

මේ අතර සිය ආධාරකරුවන් අමතමින් අන්ත දක්ෂිණාංශික ජාතික පෙරමුණේ නායිකා මරීන් ල-පෙන් තමා වෙත ඡන්දය ප්‍රකාශ කළ එක්කෝටි දස ලක්ෂයක් ප්‍රංශ ජනතාවට ස්තුති පළ කළා ය.

RSL

Related Posts