විමල් වීරවංශ ඇත්තටම බෞද්ධයෙක්ද..?

Spread the love

ඉන්දීය අගමැතිතුමා එන දවසේ එනම් වෙසක් පුන් පෝදා කළුකොඩි ඔසවන්න කියලා මම දැක්කා සමහර අය කියලා තියෙනවා. අප ඉතාම වන්දනාමාන කරන ගරු කරන බුදුපියාණන් වහන්සේගේ උපත සිදුවූ ඒ බෞද්ධ රටේ අගමැතිතුමා නරේන්ද්‍ර මෝ දී මැතිතුමාට අප ආරාධනා කරලා තියෙනවා වෙසක් උළෙළට. එතුමා ලංකාවට පැමිණෙනවා ජාත්‍යන්තර වෙසක් උළෙලේ වැඩසටහන් සඳහා. එතුමා එන්නෙ වෙසක් සිරි නරඹන්න මිසක් අපේ කිසිම දෙයක් උදුරාගන්න නෙමෙයි කියලා මා පැහැදිළිව ප්‍රකාශ කරනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළකළේ පසුගිය මැයිදිනයදා ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් සිදුකළ කථාවට ප්‍රතිචාර දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.

ජාත්‍යන්තර වෙසක් උළෙල මේ මහා ලෝක ජනතාවගේ මහා උළෙලක්. මම අහන්න කැමතියි වෙසක් පුන් පෝදා කළුකොඩි ඔසවන්න කියන අය බෞද්ධයොද කියලා. ඒ වගේම මේ වෙසක් සතිය ජාත්‍යන්තර වශයෙන් ථේරවාදී බෞද්ධ දර්ශනය පිළිබදව මුළු ලෝකයාටම මහා පණිවුඩයක් දෙන අවස්ථාවක්.මේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙසක් උළෙල පවත්වන්න හදන අවස්ථාව.අපි එක්සත් ජාතීන්ගේ සංවිධානය හා සාකච්ජා කරලා දින හතක ජාත්‍යන්තර වෙසක් කලාපයක් නම් කරලා තියෙනවා.

ජනාධිපති‍ මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බැව් ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර පිහිටි උතුරු මැද පළාත් සභා සංකීර්ණ පරිශ්‍රයේ ඉදිකළ අභිනව ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයට සහභාගී වෙමිනි.අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ සඳහා ප්‍රථමයෙන් මල් පහන් දැහැත් ගිලන්පස පූජා සිදුකර ආගමික වතාවත්වල නිරතවූ ජනාධිපතිවරයා ඉන් අනතුරුව උතුරු මැද පළාත් සභා සංකීරණයේ මහා සංඝරත්නය සියක් නමක් උදෙසා පැවැති දහවල් දානමය පුණ්‍යකර්මය සඳහා ද සහභාගී විය. උත්සව සභාව වැඩිදුරටත් ඇමතු ජනාධිපතිවරයා.

වෙසක් සතියත් වෙසක් මාසයත් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් වැදගත් සතියක්.ඒ වගේම මුළු මහත් බෞද්ධ ජනතාවට වැදගත් වන අවස්ථාවක වර්ජන සිදුකිරීම තුළින් මහා අකුසලකර්ම කරගන්න එක කොතෙක් දුරට අපේ බෞද්ධකමට ගැලපෙනවාද කියන කාරණාව සිතා බැලිය යුතුයි. වැඩවර්ජන මේ රටේ පෝසතුන්ට ප්‍රශ්නයක් නැහැ.වැඩවර්ජන තුළින් මේ රටේ වරප්‍රසාද ලත් පංතියට හිරිහැරයක් ප්‍රශ්නයක් නැහැ.

RSL

Related Posts