ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරු සොයන මෙහෙයුමක්!

Spread the love

ද්විත්ව පුරවැසි භාවය සහිත මැති ඇමැතිවරුන් තවදුරටත් පාර්ලිමේන්තුව තුළ සිටීද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාගේම තොරතුරු එක්රැස් කිරීමට පැෆරල් සංවිධානය තීරණය කර තිබේ.

තොරතුරු දැනගැනීමේ පනතේ වගන්තිවලට අදාළව එම තොරතුරු එක්රැස් කිරීමට නියමිත බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය. එවැනි ජනතා නියෝජිතයන් සිටිත් නම්, ඔවුන් පිළිබඳව තොරතුරු ජනතාවට හෙළි කිරීම තම සංවිධානයේ අරමුණ බවත්, එවැනි පුද්ගලයන් රටේ නීති හා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ කටයුතු සඳහා සුදුසු පුද්ගලයන් නොවන බව තම සංවිධානයේ විශ්වාසය බවත් හෙට්ටිආරච්චි මහතා පෙන්වා දුන්නේය.

යම් අවස්ථාවකදී එවැනි මන්ත්‍රීවරයකු නියෝජනය කරන රටවල් දෙක අතර තීරණාත්මක අවස්ථාවක් ඇතිවුවහොත් එයට අදාළ මන්ත්‍රීවරයා කුමන රටකට පක්ෂපාතීව කටයුතු කරයිද යන්න සැකසහිත බවද හෙතෙම අවධාරණය කළේය. වෙනත් රටක පුරවැසි භාවය ලබන්නේ තම රටේ සිටීමට ඇති අකමැත්ත නිසා බවත්, එවැනි අකමැත්තක් ඇති පුද්ගලයකු තම රටේ ජනතාවට සේවය කරයි යැයි විශ්වාස කළ නොහැකි බවත් රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.

RSL

Related Posts