දින 14ක් තුළ ශ්‍රී ලංකාව GSP+
රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් වෙමින් ශ්‍රී ලංකාවට යළිත්වරක් ජී.එස්.පී බදු සහනය පිරිනැමීම සඳහා වන යුරෝපා සංගමයේ විදේශ හා වෙළෙඳ අමාත්‍ය සංගමයේ අනුමැතිය ඊයේ(11) හිමිවීමත් සමඟ එම සහනය ලබාගැනීමට අවශ්‍ය සියලු අනුමැතියන් මේ වනවිට හිමිව තිබේ. ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය නැවත ලබාදීම සඳහා යුරෝපා කොමිසම, යුරෝපා පාර්ලිමේන්තුව හා එහි අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදිය යුතුව තිබූ අතර ඒ සියල්ලේ අනුමැතිය හිමිවීමත් …
Continue Reading
ජාත්‍යන්තර වෙසක් උළෙල අද සිට..
ශ්‍රී ලාංකීය බෞද්ධ වංශ කතාවේ ස්වර්ණමය පරිචේඡේදයක සමාරම්භය සනිටුහන් කරන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී අද (12) ආරම්භ වෙයි. කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පෙරවරු 9.00 ට ආරම්භ වන ජාත්‍යන්තර වෙසක් උළෙල එළඹෙන 14 දා තෙක් පැවැත්වීමට නියමිත අතර එය ‘සමාජ සාධාරණත්වය හා තිරසාර සාමය උදෙසා බෞද්ධ ඉගැන්වීම්’ යන්න තේමාව …
Continue Reading
කෝටි 200ක කුඩු ඇල්ලූ අද්විතීය මෙහෙයුමක්!
ප්‍රධාන පෙළේ පාතාල නායකයකු සේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘මාකඳුරේ මදුෂ්’ නමැත්තා විසින් වයඹ මුහුදු තීරය ඔස්සේ මෙරටට එවූ බවට සැක පළකරන රුපියල් කෝටි දෙසීයකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් ඩිෆෙන්ඩර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී සැකකරුවකු සමඟ හලාවත, අංනයිඑලුන්දාව, කුරුලු අභය භූමියේදී පුත්තලම දිසා බුද්ධි අංශය මඟින් ඊයේ (11දා) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. මෑතකදී අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් තොගය මෙය …
Continue Reading
බුදුදහමට හිමිතැන රකින බවට ජනපතිගෙන් සහතිකයක්
රණවිරුවන් උදෙසා අපි වෙනුවෙන් අපි, නිවාස වැඩසටහන යටතේ ඉදිකරන ලද නිවාස 90 ක් බෙදාදීමට අදාළ හිමිකම් පත්‍ර පිළිගැන්වීමේ උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10 දා) පෙරවරුවේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රමයේදී පැවැත්විණි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ බෞද්ධාගමට හිමි ස්‌ථානය එලෙසින්ම ආරක්‌ෂා කරමින් අනෙකුත් ආගම් සඳහා ද සාධාරණත්වය ඉටු කිරීම රජයේ වැඩපිළිවෙළ බව පැවසූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බුද්ධ ශාසනයේ ආරක්‌ෂාව මෙන්ම සුරක්‌ෂිතතාවය …
Continue Reading
පිළියන්දල වෙඩි තැබීම පිටුපස වෙලේසුදා සහ මිනීමරු කල්ලියක්! (විශේෂ -වීඩියෝ)
මත් කුඩු වැටලීමක් සඳහා යමින් සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් තිදෙනකු ඉලක්‌ක කර පෙරේදා (09 වැනිදා) පිළියන්දල සුවාරපොළදී සිදුවූ වෙඩි තැබීම දකුණේ පාතාල නායකකයකු වන මධුෂ් සහ දැනට මරණ දඬුවම හිමිවී බන්ධනාගාර ගතව සිටින වෙලේ සුදාගේ සැලසුමකට අනුව එල්ල වූ ප්‍රහාරයක් බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ. මෙම වෙඩි තැබීමෙන් මිදුම්මලසූරිය, ඉලිප්පුගමුව, වැලිපැන්නගහමුල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පොලිස් මත්ද්‍රව්‍ය නාශක …
Continue Reading
කුප්‍රකට සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහි අවසන් මෙහෙයුමට සැරසෙයි (විශේෂ-වීඩියෝ)
කුප්‍රකට ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දු නැමැත්තාට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට විරෝධය පළ කරමින් ඉදිරි සති දෙක තුළදී යළිත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමකදී තීරණය කර ඇති බව සඳහන්. මධ්‍යම කාරක සභාවේ ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් මහතා කියා සිටියේ මෙම රැස්වීමට ශාඛා …
Continue Reading
අසිරිමත් වෙසක් පුර පසළොස්වක පොහොය අදයි
අසිරිමත් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (10) යෙදී තිබේ. ලොව්තුරු අමාමෑණි බුදු පියාණන්වහන්සේගේ තෙමඟුල අද වැනි වෙසක් පොහොය දිනක සිදුවීම ලෝක වාසි බෞද්ධ ජනතාව සමරනු ලබයි. වෙසක් පොහොය දිනයට සමගාමීව එක්සත් ජාතීන්ගේ ජත්‍යන්තර වෙසක් සැමරුම් උළෙල මෙවර ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමද සුවිශේෂී අවස්ථාවකි. එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම දෙස් විදෙස් අතිපූජ්‍ය මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ජාතික හා ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික …
Continue Reading
වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ පාරවල් වැහෙන්නේ මෙහෙමයි
ජාත්‍යන්තර වෙසක් උත්සවය නිමිත්තෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරය හේතුවෙන් කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව පහත මාර්ගයන් ඔස්සේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගමන් ගන්නා සෑම අවස්ථාවකදීම එම මාර්ගයන් හා අතුරු මාර්ගයන් සම්පූර්ණයෙන් වසා දැමීමට කටයුතු කරන බව පොලීසිය පවසයි. මැයි මස 11වන දින ප.ව 6.15 ට සිට කටුනායක අධිවේගී මාර්ගය, පෑලියගොඩ, බේස්ලයින් මාර්ගයේ බොරැල්ල, ඩී.එස් විදුහල සංඥා …
Continue Reading
පෝට්සිටියට මුවා වී හොර බඩු තොග පිටින් රට තුළට
වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවල නිරත චයිනා හාබර් කෝපරේෂන් සමාගම විසින් මෙරට රේගු නීති උල්ලංඝණය කරමින් ඉතාමත් හොර රහසේ මත්පැන්, දුම්වැටි, ගෘහ උපකරණ ආදී බඩු රැසක් රට තුළට ගෙනඒමට කටයුතු කර ඇති බව රේගු ආරංචිමාර්ග සඳහන් කරයි. එම සමාගමේ ඉදිකිරීම් ද්‍රව්‍ය ලෙස හඟවා වරින්වර සීල් කරන ලද කන්ටේන්ර් තුළ මෙලෙස බඩු විශාල තොගයක් ගෙනවිත් ඇති අතර විස්කි, සිගරට්, ශිතකරණ, ඉහුම් …
Continue Reading
ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරු සොයන මෙහෙයුමක්!
ද්විත්ව පුරවැසි භාවය සහිත මැති ඇමැතිවරුන් තවදුරටත් පාර්ලිමේන්තුව තුළ සිටීද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාගේම තොරතුරු එක්රැස් කිරීමට පැෆරල් සංවිධානය තීරණය කර තිබේ. තොරතුරු දැනගැනීමේ පනතේ වගන්තිවලට අදාළව එම තොරතුරු එක්රැස් කිරීමට නියමිත බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය. එවැනි ජනතා නියෝජිතයන් සිටිත් නම්, ඔවුන් පිළිබඳව තොරතුරු ජනතාවට හෙළි කිරීම තම සංවිධානයේ අරමුණ …
Continue Reading