බුදුදහමට හිමිතැන රකින බවට ජනපතිගෙන් සහතිකයක්

Spread the love

රණවිරුවන් උදෙසා අපි වෙනුවෙන් අපි, නිවාස වැඩසටහන යටතේ ඉදිකරන ලද නිවාස 90 ක්‌ බෙදාදීමට අදාළ හිමිකම් පත්‍ර පිළිගැන්වීමේ උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10 දා) පෙරවරුවේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රමයේදී පැවැත්විණි.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ බෞද්ධාගමට හිමි ස්‌ථානය එලෙසින්ම ආරක්‌ෂා කරමින් අනෙකුත් ආගම් සඳහා ද සාධාරණත්වය ඉටු කිරීම රජයේ වැඩපිළිවෙළ බව පැවසූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බුද්ධ ශාසනයේ ආරක්‌ෂාව මෙන්ම සුරක්‌ෂිතතාවය පිළිබඳව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුවම රජයේ වගකීම් ඉටු කිරීමට කැපවී සිටින බව අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ඊයේ (10) පෙරවරුවේ බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ පැවති රණවිරු නිවාස හා ඉඩම් හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය අමතමිනි.ජාත්‍යන්තර වෙසක්‌ දින සැමරුම් උළෙල ද මෙවර ශ්‍රී ලංකාවේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නේ බෞද්ධ දර්ශනය පිළිබඳ උතුම් පණිවිඩය ලොව පුරා ගෙන යාමේ අරමුණින් බව ද මෙහිදී ජනාධිපතිවරයා පැවසීය.

වීරෝදාර රණවිරුවන් රට සහ ජාතිය වෙනුවෙන් ඉටුකළ මෙහෙවර මේ රටේ ජනතාවට කිසිදිනක අමතක කළ නොහැකි බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා ඔවුන් වෙනුවෙන් දැනට ලබාදෙන වරප්‍රසාද තවදුරටත් ඉහළ නංවමින් ඔවුන්ගේ සුබසාධනය සඳහා ඉටුකළ යුතු යුතුකම් ඉටු කිරීමට ඉදිරියේදී ද රජය වගකීමෙන් කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.

තමන් ජනාධිපති ධුරයට පත්වීමෙන්a පසු රණවිරු සුබසාධනය සඳහා ගෙන ගිය වැඩපිළිවෙළ තවදුරටත් ශක්‌තිමත් කරමින් ඔවුන්ගේ සුබසාධනය සඳහා ව්‍යාපෘති රැසක්‌ ක්‍රියාවට නංවා තිබෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.

,අපි වෙනුවෙන් අපි, රණවිරු නිවාස වැඩසටහන යටතේ රණවිරු නිවාස 90 ක්‌ බෙදා දීමට අදාළ හිමිකම් පත්‍ර පිළිගැන්වීම මෙහිදි ජනාධිපතිවරයා අතින් සිදු විය.

,සත්විරු සංහිඳ, ව්‍යාපෘතිය යටතේ අර්ධ නිවාස සඳහා රුපියල් හත්ලක්‌ෂ පනස්‌දහස බැගින් රණවිරුවන් 503 දෙනෙකු වෙත මුදල් ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.

රණවිරුවන් සඳහා ඉඩම් හිමිකම් පත්‍ර 65 ක්‌ බෙදාදීම, විරු සිසු ප්‍රදීප ශිෂ්‍යත්ව පිරිනැමීම ආදි වැඩසටහන් රැසක්‌ ද මෙහිදී ක්‍රියාත්මක කෙරිණි.

ආරක්‌ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්‌ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි යන මහත්වරුන් ද ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානී ඇතු`ථ ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්‌පති, සිවිල් ආරක්‌ෂක බලකායේ අධ්‍යක්‌ෂ ජනරාල් ඇතු`ථ ආරක්‌ෂක අංශ ප්‍රධානීහු මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.

RSL

Related Posts