කටාර් රියාල් රුපියල් නොවීමෙන් මඟීන්ට දුෂ්කරතා රැසක්!

කටුනායක ගුවන්තොටුපලේ බැංකු ශාඛා මඟින් කටාර් රියල් වෙනත් මුදල් වර්ගවලට හුවමාරු කිරීම අද(06) පෙරවරුවේ සිට තාවකාලිකව නවතා තිබෙන බව ගුවන්තොටුපල ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසා ඇත්තේ, කටාර් රියාල් බාර නොගන්න ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනෙකුත් බැංකුවලට දැනුම් දී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන …

Continue Reading

බැඳුම්කර වෙන්දේසියේදී මහා වංචාවක් සිදුවුණු බව එදාම දැනගත්තා – අමාත්‍ය හර්ෂ ද සිල්වා කියයි

2015 පෙබරවාරි මස 27දා සිදුකර ඇති ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර වෙන්දේසිය ගැන එදිනම (First Capital) ෆස්ට් කැපිටල් මූල්‍ය ආයෝජිතයා තමාට දුරකතනයෙන් දැන්වූ බවත් ඒ මොහොතේම තමා එවකට මහ බැංකු අධිපති වූ අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් ඒ ගැන විමසූ බවත් ඊයේ (5දා) මහ බැංකු බැඳුම්කර ගනුදෙනු විමර්ශන ජනාධිපති කොමිසම හමුවේදී නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේය. එම ආරංචිය ලැබුණු මොහොතේදීම …

Continue Reading

ISIS ත්‍රස්‌තවාදීන් සමඟ සබදතා පැවැත්වූ කටාර් රාජ්‍යය ලෝකයෙන් කොන්වෙයි

අයි එස්‌ අයි එස්‌ ත්‍රස්‌තවාදී සංවිධානය හා ඔවුන්ගේ යෝජිත ඉස්‌ලාමීය රාජ්‍යය සඳහා උදව් උපකාර ලබා දෙන බවට චෝදනා කරමින් කටාර් රාජ්‍යය සමග දේශසීමා වසා දැමීමට ද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට හා ගුවන් ගමන් අත්හිටුවීමටද මැදපෙරදිග රටවල් හයක්‌ ඊයේ (05) තීරණය කළේය. කටාර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් එක්‌ලක්‌ෂ විසිපන් දහසක්‌ පමණ රැකියාවල නිරතවී සිටිති. සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේන්, එක්‌සත් අරාබි එමීර් රාජ්‍යය, …

Continue Reading

කුප්‍රකට රත්තරන්ට එරෙහි දේපල සහ මුදල් වංචා නඩුවක් විභාගයට

කු.පා.ම.මහින්ද පාර්ශවය නියෝජනය කරන කුප්‍රකට පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධනට එරෙහිව රුපියල් ලක්ෂ 412කට අධික වටිනාකමකින් යුත් දේපල සහ මුදල් අයථා අන්දමින් උපයා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගොනු කළ නඩුවක් විභාගයට අද දින නියම කෙරිණ. ඒ, සිද්ධියට අදාළ නඩුව කොළඹ මහාධිකරණය හමුවේ අද(05) කැඳවූ අවස්ථාවේදීයි. අල්ලස් කොමිසම මන්ත‍්‍රීවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත. එය අද කැඳවූ අවස්ථාවේදී අදාළ නඩුව ලබන …

Continue Reading

පුද්ගලයින් 25,000ක් තවදුරටත් සහන කඳවුරුවල

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කඳවුරු 226ක් තුළ පවුල් 7,046කට අයත් පුද්ගලයින් 25,000ක් පමණ තවදුරටත් සහන කඳවුරුවල රැදී සිටිතියි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. පසුගිය දිනවල දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රීක්ක 12කට අයත් පවුල් එක්ලත්ෂ 84,265කට අයත් පුද්ගලයින් හත් ලක්ෂ 17,262 දෙනෙකු පීඩාවට පත් වු විය. මෙහිදී පුද්ගලයින් 214 දෙනෙකු මියගිය අතර තවත් පුද්ගලයින් 79 දෙනෙකු අතුරුදන්ව සිටිති.

Continue Reading

අනුර සේනානායක වසරකට පසු නික්ම යයි

වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට බන්ධනාගාරගතව සිට කොළඹ මහාධිකරණයෙන් අැප හිමි වූ, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඇප කොන්දේසි සපුරා අද පිටව ගියේය. මහාධිකරණ නියෝග පරිදි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි ඉදිරියේ ඇප තැබීම සිදුවිය. ශරීර ඇප කරුවන් ලෙස ඔහුගේ පුත්‍රයා සහ සහෝදරයා ඉදිරිපත් වූහ. ගුවන් ගමන් බලපත්‍රයද අධිකරණයේ තැන්පත් කෙරණි. අනුර සේනානායකට මෙලෙස ඇප ලැබුණේ වසරකට අධික කාලයක් රක්ෂිත …

Continue Reading

සුසන්තිකාට මසකට හැටදහසක්‌ ගෙවනවා; ඔය හදන්නේ ඕස්ට්‍රේලියා යන්න – ක්‍රීඩා ඇමති

සුසන්තිකා නගන චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගෙන් විමසූ විට ඇමැතිවරයා මෙසේ පැවසීය. සුසන්තිකා ක්‍රීඩා අමාත්‍යාංශයට කරන චෝදනා සියල්ල බොරු. ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකාවක්‌ හැටියට එයාව පත්කරලා තිබුණත් පැත්ත පළාතේ එන්නේ නැහැ. නමුත් අපි එයාට මාසෙකට රුපියල් 60,000 ක වැටුපක්‌ ගෙවනවා. තමන්ගෙ රාජකාරියවත් හරියට කරන්නේ නැතිව කොහොමද එයා චෝදනා කරන්නේ. එයා ඔය ඔලිම්පික්‌ පදක්‌කම විකුණනවා කියන්නේ වෙන දෙයක්‌ බලාපොරොත්තුවෙන්. මෙයාට …

Continue Reading

හර්ෂ අද බැඳුම්කර කොමිසමේ..

එක්‌සත් ජාතික පක්‍ෂ කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (05 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවට කැඳවා ඇත. සති දෙකකට පසු කොමිසම අද රැස්‌වන අතර විනිසුරුවරයකුගේ විදෙස්‌ගතවීම නිසා කොමිසම සති දෙකක කාලයක්‌ රැස්‌ නොවිණි. කෝප් වාර්තාවේ පාද සටහන් ගැන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගෙන් විමසනු ඇතැයි ද දැනගන්නට ඇත. …

Continue Reading

පවුලේ ප්‍රශ්නයට රට වෙනුවෙන් ලද පදක්කම වෙන්දේසි කිරීම සාධාරණද..?

ඔලිම්පික්‌ පදක්‌කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය ආර්ථික ගැටලු හේතුවෙන් තම ඔලිම්පික්‌ පදක්‌කම වෙන්දේසි කිරීමට තීරණය කර තිබේ. ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකාවක ලෙස තමන්ට මෙතෙක්‌ කලක්‌ ලබාදුන් වැටුප ද කපා දමා ඇති බවත් මේ නිසා තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බවත් මේ නිසා තමන් සතු වටිනාම වස්‌තුව වන ඔලිම්පික්‌ පදක්‌කම වෙන්දේසි කර තම ජීවිකාව කරගෙන යන්නට උත්සාහ දරන බවත් ඇය පවසයි. සුසන්තිකා ජයසිංහ …

Continue Reading

විපතට පත් ජනතාවට චීන බෞද්ධ සංගමයෙන් රුපියල් මිලියන 22 ක මූල්‍යමය පරිත්‍යාගයක්

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම පිණිස චීන බෞද්ධ සංගමය විසින් රුපියල් මිලියන 22 ක මූල්‍යමය පරිත්‍යාගයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීම ඊයේ (03) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදු විය. sri guanguan ස්වාමින් වහන්සේ ප්‍රමුඛ චීන බෞද්ධ සංගමයේ ස්වාමීන් වහන්සේලා මෙම මුදල් පරිත්‍යාගය ජනාධිපතිතුමා වෙත භාරදුන් අතර බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ උපකුලපති පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමින් වහන්සේ …

Continue Reading